Life
බෙල්ලේ සහ උරහිසේ වේදනාවට හේතු හඳුනා ගනිමු
එදිනෙදා වෙහෙස වී වැඩ
කරන මැදි වයසේ පසුවන්නන් සහ වැඩිහිටියෝ නිතර පෙළෙන රෝග තත්ත්වයක් ලෙස
බෙල්ලේ සහ උරහිසේ වේදනාව හඳුන්වන්නට පිළිsවන. බෙල්ල හරවන විට ඇතිවන "කටස්"
ශබ්දය උරහිසේ වේදනාව, අතදිගට දිවයන වේදනාව ඇඟිලිවල ඇතිවන හිරි ගතිය. සමහර
විට ඇතිවන කලාන්තය සහ කරකැවිල්ල මෙහිදී දක්නට ලැබෙන පොදු රෝග ලක්ෂණ වේ.
අපගේ හිස රැඳී තිබෙන්නේ කොඳුඇට පේලිය මතය. මෙහිදී බෙල්ලේ ඇති කොඳු ඇටවලට
සිදුවන විවිධ ආපදා නිසා මෙවැනි රෝග තත්ත්වයන් ඇති වන්නට පිළිවන. නිතර හිස
බිමට නමාගෙන කටයුතු කරන පුද්ගලයින් සහ හිස මත සහ බෙල්ල මත බර ඔසවාගෙන යන
අයටත් බර වැඩ කරන අයටත් මෙම තත්ත්වය බොහෝ විට ඇති වන්නට පිsළිවන.
සමහර අවස්ථාවල මෝටර් සයිකල් පදින පුද්ගලයන්ගේද මෙම රෝග ලක්ෂණ ඇතිවනු දැකිය හැකිය.
බෙල්ලේ
පිහිටා ඇති කොඳු ඇට වලට සිදුවන විවිධ හානි නිසා සමහර අස්ථි බිඳීමකට ලක්
විය හැකිය. එමගින් සිදුවනුයේ එම අස්ථි තෙරපීමකට ලක්වීම සහ බෙල්ලේ උස යම්
ප්‍රමාණයකට කෙටි වීමයි. මෙම තත්aවය නිසා බෙල්ලේ මාංශ පේෂි තදවීම සහ ඒ නිසා
ඇතිවන වේදනාවන් ඇතිවිය හැකිය. සමහරවිට බෙල්ලේ අස්ථි මත තෙරපීමක්
ඇතිවුවහොත් වේදනාවක් ඇතිවන්නට පිළිවන.
බෙල්ලේ කොඳු ඇට අතර ඇති
කාටිලේජය මත තෙරපීමක් ඇතිවීම හේතුවෙන් ඒවා අතරින් විහිදෙන ස්නායු මත
තෙරපීමක් ඇතිවිය හැකිය. මේ නිසා අත් දිගට විහිදෙන වේදනාව ඇතිවන්නට පිළිවන.
සමහර අවස්ථාවල ඇඟිලිවල ඇතිවන හිරිගතිය සහ වේදනාව ද ඇතිවන්නට පිළිවන.
හදිසියේ
ඇතිවන කලාන්තය සහ කරකැවිල්ල බොහෝ මැදි වයසේ සහ වයස්ගත පුද්ගලයන්ට ඇතිවන
රෝග ලක්ෂණයකි. හිස හරවන විට වාඩිවී හෝ නිදාගෙන සිට නැගිටින විට ඇඳේ නිදා
සිට හැරෙන විට මෙම කරකැවිල්ල ඇතිවිය හැකිය. සමහර විට මෙම අවස්ථාවේ සිටගෙනම
සිටීමට අපහසු තත්ත්වයක් ඇතිවන්නට පිළිවන. එම නිසා ඔවුන් ඉමහත් බියට
පත්වේ. එමෙන්ම තමා අවට ලෝකය කර කැවීම, වමනය රෝගය උග්‍ර අවස්ථාවල ඇතිවිය
හැකි ලක්ෂණයන්ය. බොහෝ අය මෙවැනි කාරණා ඇති වූ විට සිතනුයේa අධික රුධිර
පීඩනය නිසා මෙම තත්ත්වය ඇති වන බවයි. ඒ හේතුව නිසාම රෝගය හඳුනා නොගෙන වෙනත්
පරීක්ෂණ සඳහා යොමු වෙන අවස්ථා සුලභව දක්නට පිළිවන. කෙසේ වුවත් මෙවැනි
අවස්ථාවක වැදගත් වනුයේ තම පවුලේ වෛද්‍යවරයා හමුවී නිසි උපදෙස් සහ
ප්‍රතිකාර ලබා ගැනීමයි. බෙල්ලේ අස්ථිවල ඞ කිරණ පරීක්ෂණයක් හෝ සමහර විට
ඵRෂ පරීක්ෂණයක් වෛද්‍යවරයා විසින් නියම කිරීමට පිළිවන.
එමෙන්ම ඖෂධ
නිසි ලෙස ලබා ගැනීම හා සමහර විට ව්‍යායාම නිසි ලෙස කිරීමෙන් රෝගයට සුවයක්
ලබා ගත හැකිය. සමහර අවස්ථාවල බෙල්ලට දමන කොලරයක් වෛද්‍යවරයා විසින් නියම
කරන්නට පිළිවන. මෙහි බරපතල තත්ත්වයකදී සුලු සැත්කමක් මගින් රෝගය සඳහා
ප්‍රතිකාර ලබාදෙන්නට හැකිය. වැදගත් වනුයේ නිසි වෛද්‍යවරයෙක් හමුවී නිසි
පරීක්ෂණ කර නියම තත්ත්වය හඳුනාගෙන නිසි ප්‍රතිකාර ලබා ගැනීමයි.
Wmqgd .ekSu Èjhsk mqj;a m; weiqfrks