iranama
බුධ වක්‍රයෙන් ලග්න හතක දියුණුව වෙළඳ ව්‍යාපාරවලට සුභ කලක්
බුධ ග්‍රහයා වක්‍රව සමග ගමන් කිරීම තවදුරටත් ක්‍රියාත්මක වේ. මෙම පිහිටීම වෙළඳ ව්‍යාපාරවලට සුබ කලක් උදා කරන අතර මේෂ, කටක, සිංහ, තුලා, වෘශ්වික, ධනු, කුම්භ ලග්න හිමියන්ගේ දියුණුවටද හේතු වන්නේය.
ලංකා කේන්ද්‍රය තුල බුධ ග්‍රහයා තවදුරටත් වක්රගතව සිටීම තුල සහ බුධ සමග නියෝජනය කරන ළමා සහ තරුණ පරපුරේද ජන සන්නිවේදය ක්ෂේත්‍ර තුලද තවදුරටත් ආන්දෝලතාන්මක දේවල් සිදුවීමේ ඉඩක් පවතී. එසේම ශනිගේ බලපෑම් තුළද බුධගේ වක්‍රවීම තුලද කාලගුණික සහ දේශගුණික වශයෙන් තවදුරටත් අහිතකර වාතාවරණයක් පෙන්වයි. තද වැසි තැනින් තැන ඇතිවීම, නායයාම්, පස්කඳු කඩාවැටීම්, මුහුදු ගමන්වලට බාධා අවහිරතා ඇතිවනු ඇත. එසේම මාර්ග අනතුරු යනාදියට ඉඩ පවතී. එසේ වුවත් මෙම පිහිටීම තුල විදේශීය සම්බන්ධතා මත කරන කටයුතු බොහෝ දුරට සාර්ථක වනු ඇත. වෙළඳ කටයුතු, ආයෝජන තත්වයන් සම්බන්ධයෙන්ද ඊට අදාළ දීර්ඝ කාලීන ආයෝජන ලැබීම්, සහනශීලි ණය පහසුකම් ලැබීම් යනාදියට ඉඩ පවතී. ඉදිරි අනාගතයට අවශ්‍ය කර්මාන්තාදියේ දියුණුව උදෙසා වන රටට හිතකර ආයෝජනයන් වලට ඉඩ සැලසේ. කෙසේ වුවත් ලග්න වශයෙන් සැලකීමේදී තවදුරටත් මේෂ, කටක, සිංහ, තුලා, වෘශ්වික, ධනු, කුම්භ රාශිවලට විවිධ ක්ෂේත්රයන්ට යොමුවීම තුල කිසියම් අන්දමක සාර්ථක ප්‍රතිඵලයක් උදා කරයි. දියුණුවට අවශ්‍ය කටයුතු සැලසෙන අතරම ගන්නා උත්සාහයන්ද එක්තරා ප්‍රමාණයකට සාර්ථක වේ. බලාපොරොත්තු කිහිපයක් ඉෂ්ඨ සිද්ධ වනු ඇත.
මේෂ
වැඩකටයුතු කිහිපයක් සාර්ථක කරගැනීමට අවශ්‍ය පදනම වටේ. නැවතී තිබුන කටයුතු කිහිපයක් සාර්ථක ලෙස ආරම්භ කරගත හැක. ආයෝජකයන්ට ශ=භයි. දියුණුවට අවශ්‍ය සැලසුම් කිහිපයක්ම සකස් කර ගනී. මිල මුදල් අතින් අයහපත් නැත.
වෘෂභ
කරගෙන යන කටයුතුවලට යම් යම් බාධා අවහිරතාවයන් ද ඉස්මතු වේ. මිල මුදල් සම්බන්ධ කටයුතුවලදී ප්‍රවේශම් විය යුතුයි. හවුල් කටයුතු සම්බන්ධයෙන් සැලකිලිමත් වන්න. ඉවසිමෙන්ද බුද්ධිමත්වද ක්‍රියා කිරීම තුල සාර්ථක ප්‍රතිඵල උදා කරනු ඇත.
මිථුන
ආදායම් ලැබුණද වියදම් පක්ෂයේ ඉහල යාමේ ඉඩක්ද පෙන්වයි. බලාපොරොත්තු රහිත අවුල් සහගත තත්ත්වයන් ඉස්මතු වීමේ ඉඩක් පවතී. නිෂ්ඵල ගමන් බිමන් ඇතිවේ. අනුමානයට කටන කටයුතුවලින් සාර්ථක ප්‍රතිඵල ලැබීම අසීරු වේ.
කටක
තම කටයුතුවල කිසියම් මට්ටමක දියුණුවක්, අභිවෘදියක් ලබයි. මිල මුදල් ලැබීම අතින් යහපත් වුවද විටෙක අනපේක්ෂිත වියදම් මතු කළ හැක. කෙසේ වුවත් අන්‍යන්ගේ ආධාර සහ උපකාරය ලැබීම තුල තමාගේ කටයුතු සාර්ථක කරගත හැක.
සිංහ
වෘත්තීය සහ රැකියා අංශයේදී සුළු සුළු බාධා අවහිරතා ඉස්මතු වුවත් තම කටයුතුවල සාර්ථක ප්‍රතිඵලයක් උදා කරනු ඇත. මහන්සියෙන් කරන වැඩකටයුතුවලින් ලාභ ලැබේ. උසස් අයගේ ආධාරය උපකාරය ලබයි.
කන්‍යා
තම කටයුතු කරගෙන යාමේදී යම් යම් බාධා අවහිරතා ගැටලුකාරී තත්ත්වයන්ට ඉඩ මතු කරයි. එම නිසා අන්‍යයන් සමග කටයුතු කිරීමේදී තරමක් කල්පනාකාරී විය යුතුයි. ආදායම් ලැබීම් යහපත් වුවත් විටින් විට හටගන්නා අනපේක්ෂිත සිද්ධීන් නිසා වියදම් ඉහළ යනු ඇත.
තුලා
බොහෝ අයගේ උදව් උපකාර ලබයි. එම නිසා තමාගේ වැඩකටයුතුවලට කිසියම් යහපත් වාතාවරණයක් උදා කරයි. මහන්සි වී කරන කියන කටයුතුවලින් සාර්ථක ප්‍රතිඵල ලබයි. සමාජීය සහ ආගමික අංශයේ කටයුතුවලට වැඩි නැඹුරුවක් පෙන්වයි.
වෘශ්වික
වෘත්තීය සහ රැකිරක්ෂා කටයුතුවල කිසියම් මට්ටමක සාර්ථක ප්‍රතිඵලයක් උදා කරයි. මිල මුදල් ලැබීම අතින් ශ=භදායක වේ. අන්‍යන්ගේ සහයෝගය ලබා ගනී. ගෙදරදොර කටයුතුවලදී තරමක් කල්පනාකාරී විය යුතුයි.
ධනු
මිශ්රඵලදායකයි. වෘත්තීය සහ ආර්ථික දියුණුවක් ගෙන දුන්නද විටින් විට අනපේක්ෂිත සිද්ධීන්වලට මුහුණපෑමට සිදුවනු ඇත. දරුවන්ගේ කටයුතු උදෙසා කාලයත් ධනයත් ශ්‍රමයත් වැය වේ. ආදායම් ලැබුණද වියදම් පක්ෂයද ඉහල යයි.
මකර
උත්සාහය සහ කැපවීම තුල විවිධ ක්ෂේත්රයන්ට යොමුවීම තුල සාර්ථක ප්‍රතිඵලයක් වෘත්තීය සහ රැකිරක්ෂා කටයුතු තුලින් ලැබිය හැක. ආදායම් ලැබීම අතින් ශ=භාදායකයි. අලුත් කටයුතු කිහිපයකට සැලසුම් සකස් වේ.
කුම්භ
විදේශීය සම්බන්ධතා මත කරන කටයුතු යහපත් වේ. දියුණුවක් ලබයි. අලුත් කටයුතු කිහිපයක් සාර්ථක ලෙස සකස් කර ගනී. අන්‍යන්ගේ ආධාරය උපකාරය ලැබීම තුල තමාගේ කටයුතු බොහොමයක් සාර්ථක වනු ඇත.
මීන
මාධා අවහිරතා මධ්‍යයේ තම කටයුතු සිදු කිරීමට සිදුවේ. වෘත්තීය සහ රැකියා අංශයේදී තරමක් ඉවසීමෙන් ද බුද්ධිමත්වද ක්‍රියා කළ යුතුය. ආදායම් ලැබුණද වියදම් පක්ෂය ඉහල යනු ඇත. ගමන් බිමන් වලදී සැලකිලිමත් විය යුතුයි.