Health
බිහිරි බවට ප්‍රතිකාර පටන් ගන්නේ මෙහෙමයි
ප්රශ්නය - පසුගිය සති කිහිපය තුළ කනේ හටගන්නා රෝග සහ බිහිරි බව ගැන අප ඔබ සමඟ සාකච්ඡා කළාග කන් කැසීමල කනේ දිලීර හට ගැනීමල කර්ණ විද්රධිල කන් බෙරය හිල් වීමල කනෙන් සැරව ගැලීම යන කාරණා ගැනත් එහිදී සවිස්තරාත්මකව ඔබ අපට තේරුම් කළාග අප අද ඔබෙන් විමසන්නේ බිහිරි බව සුවපත් කළ හැකි ද කියන කාරණයයිග බටහිර වෛද්‍ය විද්‍යාව තුළ කර්ණශංඛ බද්ධය නමින් ක්‍රමවේදයක් තිබෙන බව ඔබ දන්නවාග එවැනි වැඩපිළිවෙළක් ආයුර්වේදයේ තිබෙනවාදරෑ තිබෙනවා නම් ඒ කුමක් දරෑ
ආචාර්ය වෛද්‍ය ප්‍රියානි පීරිස් - බිහිරි බව හටගන්නේ නිකම්ම නොවෙයිග එයට කිසියම් කර්ණ රෝගයක් මුල් වෙනවාග මේ ලිපි පෙළ පටන් ගන්නා විට මා ඔබට කිව්වා කර්ණ රෝග වර්ග 28 ක් තිබෙනවා කියලාග හරියට හඳුනාගෙන ප්‍රතිකාර කළොත් ආයුර්වේදයට පුළුවන් මේ රෝග 28 න් ඕනම එකක් සුවපත් කරන්නග බිහිරි බවට මුල් වූ රෝගය සුවපත් නොකර ශ්‍රවණ දුර්වලතාවට ප්‍රතිකාර කිරීම නිෂ්ප්රයෝජනයිග ඒ එක්කම කර්ණ රෝගයකදී ආයුර්වේද වෛද්‍යවරයා කනට විතරක් නොවෙයි ප්‍රතිකාර කරන්නේග ඔහු කනට සම්බන්ධල කනට අදාළ සෙසු ප්‍රදේශවලටත් ප්‍රතිකාර කරනවාග මුලින්ම අප උගුර පිරිසිදු කර ගත යුතුයි උගුරේ ආසාදනල සෙම්ගෙඩි වැනි දේවල් තිබුණොත් කනට කොතරම් ප්‍රතිකාර කළත්ල වැඩක් නැහැග මොකද ඒ ආසාදිත තත්ත්වයන් නිරන්තරයෙන් ම කනට බලපෑම් කරනවාග ඒ එක්කම කිව යුතුයි කර්ණ රෝග සඳහා සාර්ථක ප්‍රතිකාර රැසක් ආයුර්වේදය සතුව තිබෙන බවග
ප්රශ්නය - මොන විදියේ රෝගවලට කරන මොන විදියේ ප්රතිකාරදරෑ
ආචාර්ය වෛද්‍ය ප්‍රියානි පීරිස් - ඔය පූතිකර්ණ කියන රෝගය ගත්තොත් එය හටගන්නේ පිත සහ කප යන දෙක හේතුවෙන් මෙහිදී අප මුලින්ම කරන්නේ පිත සහ කප යන දෙක සමනය කරන ඖෂධ රෝගියාට ලබා දීමයිග මේ අනුව ගොඩක් සීතල ද්‍රව්‍ය වගේම ගොඩක් උෂ්ණ ආහාර වර්ග ගැනීමෙන් වැළකිය යුතුයිග රෝගියා මධ්‍යස්ථ ආහාර රටාවකට පුරුදු විය යුතුයිග උෂ්ණ දේවල් කියන්නේ අච්චාරුල අන්නාසිල තක්කාලිල බිලිංල විනාකිරි යන ආහාර වැනි ආම්ලික සංයුතියක් තියෙන ආහාරග ඒ වගේම සැර මාළු වර්ග සුදුසු නැහැග ඒ වගේම බණ්ඩක්කාල මෑකරල්ල වම්බටුල කූල් බීමල අයිස් වතුරල අයිස් ක්‍රීම් වැනි ආහාර සුදුසු නැහැග
ඒවා ශීත ආහාර හැටියට තමයි ගණන් ගන්නේග කනේ රෝගයක් තිබෙන රෝගියා නිදි වැරීම කිසිසේත් ම සුදුසු නැහැග රෝගියා මේ ආකාරයට ආහාර විහරන කරන අප මුඛ මාර්ගයෙන් ඖෂධ ලබා දෙනවාග
විශේෂයෙන් කසාය වර්ගල ඊළඟට අපි කන පිරිසිදු කරනවාග ඒ සඳහා ආයුර්වේදයේ තිබෙනවා වෙනම උපකරණ සහ වෙනම ඖෂධ වර්ගග මේ ප්‍රතිකාරවලදී අප මොනම හේතුවකටවත් තෙල් වර්ග පාවිච්චි කරන්නේ නැහැග මොකද කන තුළින් ගලන්නේ සැරවග තෙල් කන තුළට දැම්මොත් සැරව එන එක නවතින්නත් පුළුවන්ග වෙනත් දරුණු රෝග තත්ත්ව හට ගන්නත් පුළුවන්ග
ප්රශ්නය - කන පිරිසිදු කරන උපකරණ ආයුර්වේදයේ තිබෙන බව ඔබ කියනවාග
ආචාර්ය වෛද්‍ය ප්‍රියානි පීරිස් - ස්ථිර වශයෙන්ම ඔව්ග අප අනුගමනය කරන සුශ්‍රැත ආචාර්යවරයාගේ ආයුර්වේද ගුරුකුලය තුළ මේ උපකරණ අදටත් පරිහරණය වෙනවාග මේ උපකරණවලට තිබෙන්නේ සහස්ථාන නම්ගගගග
සාකච්ඡා කළේ -සංඛනාද වෙදගෙවත්ත
Wmqgd .ekSu Èjhsk mqj;a m; weiqfrks