SexEducation
බිරිඳ සමග නිදා ගන්න ක්‍රමය අනුව ආදරය ගැන කියවෙන රහස්
අපි බොහෝ දෙනා හරිම දක්ෂයි හිතේ තියෙන හැඟීම් එලියට නොපෙන්වා තමන් ගැන වෙනස්ම ප්‍රතිරූපයක් මවා පාන්න. හැබැයි නින්දට ගියාම නම් තමන් නිදා ගෙන ඉන්න ඉරියව්ව මවා පාන්න කාටවත් පුළුවන් කමක් නැහැ. ඒ නිසා නිදා ගන්න ඉරියව්රෑ බලලා කෙනෙක්ගේ ඇතුලාන්තය කොයි වගේද කියන දේ පහසුවෙන් හඳුනා ගන්නට පුළුවන් බව පරීක්ෂණ වලින් පෙන්නුම් කරලා තියෙනවා.
ඉතින් ඔබත් ප්‍රේම සම්බන්ධයක් පවත්වා ගෙන යනවා නම්, විශේෂයෙන්ම ඒක අලුතින්ම පටන් ගත්තු සම්බන්ධයක් නම් තමන්ගේ සහකරු හෝ සහකාරිය ඇත්තටම හිතන විදිහ ගැන දැන ගන්න කැමති ඇති. මේ සිද්ධියේ ඇත්ත නැත්ත හොයන්න ලොව පුරා පර්යේෂකයන් හා මනෝ වෛද්‍යවරු කරපු විද්‍යාත්මක පරීක්ෂණයකින් ජෝඩුවක් නිදා ගන්න ඉරියව්ව හා ඒ අයගේ හැඟීම අතර තියෙන සම්බන්ධය ගැන හෙළි වෙලා තියෙන්නේ මේ වගේ කරුණු ටිකක්. ඔයාලත් කියවලා බලන්න මේක ඇත්තද කියලා.
1. විඳීම - ජෝඩුව එකිනෙකා දෙසට පිට හරව ගෙන නිදා ගන්නේ, හැබැයි පිටවල් එක මත එක තියා ගෙන
මේ රූපයේ දැක්වෙන ආකාරයට දෙන්නෙක් නිදා ගෙන ඉන්නවා නම් එකෙන් තහවුරු වෙනවා ඔවුන් දෙන්නා අතර තියෙන සම්බන්ධය බොහෝ ස්ථාවරයි සහ එකිනෙකා සමග සතුටින්, ආදරයෙන් වගේම විශ්වාසයෙනුත් කල් ගෙවනවා කියලා. මේ විදිහට නිදා ගන්න අය අනෙකා ගැන උවමනාවට වඩා හොයන්නේ නැහැ, නමුත් අවශ්‍ය අවස්ථා වලදී සහය ලබා දෙන්නට වග බලා ගන්නවා. අනිත් කෙනාගෙන් මොනවත් හංගන්නේ එහෙමත් නැති තරම්.
2. නිදහස - ජෝඩුව එකිනෙකාගෙන් වෙන්ව අනිත් කෙනාට පිට හරව ගෙනයි නිදා ගන්නේ
මේ පින්තූරයේ තියෙන විදිහට නිදා ගන්න දෙන්නෙකුගේ හිත් වල යම් ආකාරයක ස්වාධීන බවක් තියෙනවා. ඔවුන් එකිනෙකාට ගරු කරනවා වගේම විශ්වාසයත් තියා ගන්නවා වුනත් ගොඩක් වෙලාවට තමන්ගේ ජීවිතය ගැන තීරණ ගන්න එක තනිවම තමයි කරන්නේ. ඕනෑ එපා හැම දේම දෙන්නත් එක්ක කතා කරන්නේ නැහැ, ඔවුන්ගේ ජීවිතයේ ආදර සම්බන්ධයට අමතරව රැකියාව, මිතුරු කම් වගේ දේවල් වලටත් වැඩි තැනක් ලැඛෙන බව කියන්න පුළුවන්. අනිත් කෙනාව නිවැරදිව තේරුම් අරගෙන එයා කැමති විදිහට ඉන්න ඉඩ දෙන අය තමයි මේ විදිහේ ඉරියව්වකින් නිදා ගන්නේ.
3. හැඳි දෙකක් වගේ - පිරිමි කෙනා ගැහැණු කෙනාව ඇතුළතින් වැළඳ ගෙනයි නිදා ගන්නේ
මේ රූපය දැක්කම ටිකක් දුරට එක මත එක තියපු හැඳි දෙකක් වගේ නේද? මේ විදිහට නිදා ගන්න දෙන්නෙකුගෙන් පිරිමියා නිතරම තමන්ගේ ආදරවන්තියව ආරක්ෂා කර ගන්නත්, දෙන්නාගෙන් නායකත්වය ගන්නත් කටයුතු කරන බව පෙන්නුම් කරනවා. ඒ වගේම කාන්තාව ඔහුට අවනත වෙලා ඔහුගේ රැකවරණය යටතේ සතුටින් ජීවත් වෙනවා. මේ විදිහේ සම්බන්ධයක් බොහෝ දුරට ඉතා ස්ථාවරයි. දිගු කල් පවතින සතුටු දායක සම්බන්ධයක් කියලා කියන්නට පුළුවන්.
4. මුහුණට මුහුණ - දෙදෙනාම එකිනෙකා දෙසට හැරිලායි නිදා ගන්නේ
මේ විදිහට ඉන්න දෙන්නෙක් අතර රහස් තියෙන්න ඉඩකඩ අඩුයි. ඔවුන් දෙදෙනාම තමන්ගේ ජීවිතයේ එදිනෙදා සිද්ධ වෙන හැම දේම වගේ අනිත් කෙනාත් එක්ක කියනවා. මේ විදිහට නිදා ගන්න අය තමන් ආදරය කරන කෙනාව තමයි තමන්ගේ හොඳම යාළුවා විදිහට දකින්නේ, මේ නිසා අනිත් කෙනාත් එක්ක ඉඩ ලැඛෙන හැම වෙලාවකම කතා බහ කරන්න දෙන්නම හරි ආසයි. ඒ නිසා මේ වගේ දෙන්නෙක් ඉතාම කිට්ටු ආදර සම්බන්ධයක් තියා ගන්නවා, ඔවුන් දෙන්නා වෙන් කරන්නත් හරිම අපහසුයි.
5. ආදර ගැටය - මුහුණට මුහුණ හැරිලා අත් කකුල් එහෙමත් පටලා ගෙනයි නිදා ගන්නේ
මේ වගේ එකිනෙකා එක්ක වෙලිලා ඉන්න ජෝඩුවක් නිතරම ඉතා ශෘංගාරාත්මක ආදර සම්බන්ධයක් පවත්වා ගන්නවා. මේ විදිහට ටිකක් වෙලා ඉඳලා ටිකක් දෙපැත්තට වෙන එකෙන් පෙන්වන්නේ අනිත් කෙනාට ආදරය කරන අතරෙම පොඩි ස්වාධීනත්වයක් තියා ගන්නවා කියන එකයි. ඒත් දිගටම එකිනෙකා සමග තුරුළු වෙලා නිදා ගන්න එකෙන් අදහස් වෙන්නේ ඔවුන් දෙන්නටම දෙන්නා නැතිව බැහැ කියන එකයි. මේ සම්බන්ධයත් ස්ථාවර එකක්.
6. හැඳි දෙකක් වගේ - ගැහැණු කෙනා පිරිමියාව පිටතින් වැළඳ ගෙනයි නිදා ගන්නේ
ගැහැණු කෙනා ටිකක් දුරට පිරිමි කෙනාට නායකත්වය දීල ඔහුව පාලනය කරනවා. ඒ වගේම ගැහැණු කෙනා ඔහු නැති වෙයි කියන බයකුත් තියෙන කෙනෙක්. විශේෂයෙන්ම කඩවසම් හා සාමාන්‍ය ජීවිතයේදී චණ්ඩි ස්වභාවයකින් ඉන්න පිරිමි කෙනෙක් සමග කාන්තාවක් ඉන්න පෙළඹෙන්නේ මේ විදිහටයි. මේ සම්බන්ධය ස්ථාවර වුනත් ටිකක් අඬ දඹර එහෙමත් ඇති වෙන එකක්.
7.ප්‍රේම