Health
බිත්තර ශීතකරණයේ තියන්න හොඳ නැද්ද?
ලොව පුරා බොහෝදෙනෙක් බිත්තර තමාගේ ආහාරවේලට එකතු කරගන්න දැඩි කැමැත්තක් දක්වනවාග බිත්තර ඉතාමත් පෝෂ්‍යදායි මෙන්ම ප්‍රනීත ආහාරයක්ග ඒ විතරක්ම නෙමෙයි වෙනත් ආහාරයකට වඩා ඉක්මනින් පිළියෙල කර ගත හැකි නිසා කාර්යබහුල කවුරුත් බිත්තර වැඩි වශයෙන් මිලදී ගන්නවාග නමුත් බිත්තර වැඩි වශයෙන් ආහාරයට එකතු කර ගත්ත ද ඒවා අසුරා තැබීමේ නිසි පිළිවෙල ගැන දැනුමක් ඇත්තේ නෑග
බිත්තර අසුරා තබන ස්ථානය පිළිබඳ අපි එතරම් අවධානය යොමු නොකළත් ඒවා නිසිතැන නිසි තත්ත්ව යටතේ ඇසුරුම් නොකළොත් ඇතැම්විට සෞඛ්‍යමය අතින් හානිදායක වීමේ හැකියක් ද පවතිනවාග උතුරු ඇමරිකාවල ඕස්ට්‍රේලියාවල ජපානය ආදී රටවල් බොහෝදුරට බිත්තර ඇසුරා තැබීම සඳහා ශීතකරණ භාවිතා කරනු ලැබේග නමුත් ඇතැම් රටවල් සාමාන්‍ය කාමර උෂ්ණත්වය යටතේ බිත්තර අසුරා තබා ගනු ලබනවාග
අපි හැමදෙනාම දන්නා පරිදි බිත්තර ආහාරය එකතු කර ගැනීමේදි ප්‍රධාන තර්ජන ඇතිවන්නේ සැල්මොනෙල්ලා නැමැති බැක්ටීරියාවෙන්ග යම් ලෙසකින් සැල්මොනෙල්ලා බැක්ටිරියාව බිත්තර කටුව අවට තැන්පත් වී තිබුණොත් ශීතකරණය නොවූ පරිසරයකට වඩා ශීතකරණයට ලක් වූ පරිසරයක් තුළ හොඳින් වර්ධනය වන බව ඇතැම් වෛද්‍ය පර්යේෂකයන් විසින් මත පළ කර තිබේග නමුත් ඇමරිකානු රටවල මතය වී ඇත්තේ සැපයුම්කරුවාගේ සිට වෙළඳපල දක්වා බිත්තර ප්‍රවාහනය වන අතරතුර සැල්මොනෙල්ලා බැක්ටීරියාවට විරුද්ධව සිදුවන පිරිසුදු කරන ක්‍රියාවලි හරහා ඒවා බිත්තර තුළින් ඉවත්වන බවයිග යුරෝපීයන් බිත්තර ලබා ගැනීමේදී සැල්මොනෙල්ලා බැක්ටීරියාවට එරෙහිව සිදුකරන කුකුලන් එන්නත් කිරිමේ වැඩ පිළිවෙල නිසා එසේ බිය වීම අනවශ්‍ය බවත් වැඩිදුරටත් පෙන්වා දෙනවාග
කෙසේ වෙතත් ඔබ ආහාරයට ගන්නා බිත්තර මිලදි ගන්නා ස්ථාන අනුව ඒවා ගබඩා කර තබන ස්ථාන තීරණය කිරීමේ වගකීම ඔබ සතු කාර්යයක්ග ඒ වගේම බොහෝදුරට වෙළඳපලෙන් මිලදී ගන්නා බිත්තර ශීතරණයේ අසුරා නැවත සාමාන්‍ය කාමර උෂ්ණත්වය යටතේ තිබෙන්නට හැරීමෙන් ද බැක්ටීරියා ගනනය තවදුරටත් වැඩිවන බව ඔවුන්ගේ අදහසයි
curtesy : dinamina.lk