Beauty
බලාගෙන ඉන්න කොට හැඩවැඩ වෙන හැටි
රුව අලංකාරය ගැන සිතන තරම් ඔබ සෞඛ්‍යය ගැන සැලකිලිමත්ද? තම රූපය ලස්සන කරගැනීමට බාහිර ආලේපන ගල්වන බොහෝ දෙනා ශරීර අභ්‍යන්තරය පිරිසුදු කිරීමෙන් තම රුව අලංකාර කරගැනීමට උනන්දු නොවෙති.
එහෙත් සත්‍යය වන්නේ තම සෞඛ්‍යය පිළිබඳ සැලකිලිමත් වන්නන්ගේ රුව ද රැකෙන බවයි. නස්න කිරීම යන වදන ඇසුණු විට බොහෝ විට අපගේ සිතට නැගෙන්නේ බියමුසු හැ`ගීමකි. නස්නයක් කිරීම අහිතකර ප්‍රතිඵල ඇති කරන්නක් යැයි මිථ්‍යා මතයක් පවතී. එහෙත් මේ පිළිබඳ සැබෑ තතු දැනගත් විට නස්නයක් කිරීම සෞඛ්‍යයට මෙන්ම ඔබගේ රුවට ද කොතරම් වටිනාකමක් එක් කරන්නේ දැයි ඔබට සිතේවි.
ආයුර්වේදයේ දී නශ්‍ය යන්නෙන් හඳුන්වන්නේ නාසයෙන් දෙනු ලබන යන අර්ථයයි. මෙම`ගින් සිදු කරන්නේ ඔළුව ප්‍රදේශයේ අනවශ්‍ය ලෙස පවතින සෙම කොටස් ඉවත් කිරීමයි. මෙයට ර්ණඌර්ධව විරේචනය” යන්න ද භාවිත කරයි.
බොහෝ විට චූර්ණවලින් නස්න සිදු කරන නිසා එම කුඩු හිසෙහි හෝ නාසයේ ඉහළ කොටස්වල රැඳී විවිධ රෝගාබාධ ඇති කළ හැකි යැයි යන මතයක් සමාජයේ ඇතැම් අය තුළ පවතී. එමෙන්ම නස්නයක් කොට සෙම ඉවත් කිරීමෙන් පසුව තිබුණාටත් වඩා සෙම ඇති වේ යැයි මතයක් ද ඇත. එහෙත් මේ මතයන් දෙකම සත්‍යයෙන් තොරය.
නස්නයක් කිරීමට පළමුවෙන් පූර්ව කර්ම සිදු කළ යුතුය. නස්න කළ විට යම් දැවිල්ලක් ඇති වන්නේ යැයි ඇතැමුන් පවසන්නේ පූර්ව කර්ම සිදු නොකොට නස්න කිරීම නිසා ය. පූර්ව කර්ම ලෙස සිදු කරන්නේ හිසට තෙල් යෙදීම, ඖෂධ පොට්ටනිවලින් හිස, නළල තැවීම හා හුමාලය ඇල්ලීමයි. මෙම පූර්ව කර්ම සතියක පමණ කාලයක් අඛණ්ඩව සිදු කිරීමෙන් හිස ප්‍රදේශයේ ඇති සෙම ලිහිල් වේ.
නස්න කිරීම සඳහා භාවිත වන්නේ තෙල් වර්ග හා චූර්ණ (කුඩු) වර්ගයි. නස්නයක් කිරීම සඳහා සුදුසුකම් ලත් ආයුර්වේද වෛද්‍යවරයෙක් වෙත යා යුතුය. එසේ නොමැතිව මෙය ඔබට තනිවම නිවෙසේ දී සිදු කළ නොහැකිය.
නස්න කිරීම ම`ගින් ඔබගේ සෞඛ්‍යය රැකේ. ශීර්ෂ රෝග, හිසරදය, මිග්රේන්, සයිනොසයිටීස් (කෝටරකවල සෙම බැඳීම) ඇතුළු අක්ෂි රෝග සඳහා ද නාසයේ පවතින විවිධ රෝගාබාධ, ගඳ සුවඳ නොදැනීම, කන ආශ්‍රිතව පවතින රෝගාබාධ, පීනස, අර්ධිත ලෙස හඳුන්වන මුහුණේ පැත්තක් පණ නැති වීමේ රෝගය ඇතුළු රෝග ගණනාවකට මෙම`ගින් සහනයක් ලබා ගත හැකියි.
එමෙන්ම නස්න කිරීම ම`ගින් ඔබගේ රූපලාවණ්‍ය ගැටලු බොහොමයකට ද විසඳුම් ලබා ගැනීමට හැකි වේ. පීනස, සෙම ස්වභාවය පවතින විට අකලට හිසකේ පැසීම, මුහුණේ සමේ වර්ණය වෙනස් වීම, ඇස් යට කළු වීම, නාසය අවට හා තොල් දෙපස කළු වීම, ඇස්වල ඉදිමුණු ස්වභාවක් ඇති වීම, මුහුණේ හැම විටකම මෙන් ඉදිමුණු බවක් තිබීම, (ඩබල් චින්) නිකට ආශි‍්‍රතව මස් පිඬු එල්ලා වැටීම, කන්පෙතිවල වර්ණය වෙනස් වීම, ඛෙල්ල ප්‍රදේශය කළු පැහැ වීම ආදියට නස්න කිරීම ම`ගින් විසඳුම් ලබා ගැනීමට හැකියාව ඇත.
හිස ප්‍රදේශයේ සෙම වැඩි වූ විට කනෙන් හා නාසයෙන් දු`ගදක් හමයි. එය තමාටම දැනීමට ද පටන් ගනී. මෙවැනි ගැටලු පුද්ගල පෞරුෂයට ද හානිකර වේ.
බාහිරව සිදු කරන රූපලාවණ්‍ය ප්‍රතිකර්ම ම`ගින් විසඳුම් සෙවීම අපහසුය. ඒ සඳහා වඩාත් සුදුසු විසඳුම වන්නේ නස්න කිරීමයි.
නස්නයක් සිදු කිරීමෙන් පසුව හිසෙහි සැහැල්ලු බවක් ඇති වේ. ශරීරය ද සැහැල්ලු වේ. හොඳින් නින්ද යයි. ඇස්, කන්, නාසය යන ඉන්ද්රියයන් හොඳින් ක්‍රියා කරයි. මුහුණ පැහැපත්ව පිරිපුන්ව වැඩේ. දෑසේ දීප්තිමත් බව වර්ධනය වේ. මනස සැහැල්ලු වේ. ඔබගේ දෛනික වැඩ කටයුතුවලට බාධාවක් නොවන ලෙස නස්නයක් සිදු කළ හැකිය. බොහෝ අය සිතා සිටින්නේ මේ සඳහා වැඩි කාල වේලාවක් වැය වන බවයි. නස්න කිරීම සිදු කරන්නේ උදේ කාලයේදී ය. වැහි අඳුර හෝ වැස්ස තිබියදී මෙය සිදු නොකරයි. එමෙන්ම මහලු පුද්ගලයන්ට, ගර්භ” මවුවරුන්ට හා ශරීර ශක්තිය දුර්වල අයට මෙය සිදු නොකරයි.
නස්න කිරීමෙන් පසුව එදා දිනයේ දී සීතලෙන් ආරක්ෂා විය යුතුය. සීතල ආහාර පාන නොගත යුතුය. ෆෑන් යට සිටීම, ඒ/ඛ් කළ ස්ථානයක සිටීම, පිනි බෑම ආදිය එදිනට සුදුසු නැත.
සෙම නිසා ඇතිවන තදබල හිසරදය ඇති වූ අවස්ථාවකට ඔබට සිදු කළ හැකි ප්‍රතිකර්මයක් පහත දැක්වේ. මෙම තැවිල්ල ප්‍රතිශ්‍යාව වැලඳුන විටෙක ද කිරීමට සුදුසුය.
හීන් උඳුපියලිය, රතුලූනු, සියඹලා කොළ සම ප්‍රමාණවලින් ගෙන ඒවා කොටා කපු රෙදි කඩක පොට්ටනියක් ආකාරයට බැඳගන්න. පසුව මෙම පොට්ටනිය වණ්ඩුවේ තම්බාගන්න. මඳක් එහි රස්නය නිවා (පිටි අත්ලේ තබා රස්නය බලා) නළල, නාසය අවට ප්‍රදේශ තවන්න. තැවීමට පෙර මී ඇට තෙල් ස්වල්පයක් යම්තමින් රත්කොට තැවීමට ලක්වන ස්ථානවල ආලේප කරන්න. තැවීමෙන් පසුව ඛෙලි කොළ තම්බා එයින් හුමාලය අල්ලන්න. ඛෙලි කොළ ම`ගින් සෙම බුරුල් කරයි.
මෙම ප්‍රතිකර්මයෙන් ඔබගේ හිසරදය නැති වී යයි. එමෙන්ම සහනයක් ඇති වේ. නස්න කිරීම සුදුසු වන්නේ සෙම අධිකව ඇති අයටයි. මේ සඳහා කිසිදු විටෙක ඔබ බිය විය යුතු නැත.
pasanliya.info
(under the courtesy of goodhousekeeping.lk web)