Life
බර වැඩි අයට හන්දි රෝගත් වැඩියි
දැන් අවුරුද්දක් විතර තිස්සේ බෙහෙත් ගන්නවා ඒත් තවම මේ දණහිස් වේදනාව හොඳ නැහැනේ... ඇතැම් දෙනා එසේ පවසනු අපි අසා ඇත්තෙමු.
වෛද්‍යතුමනි මෙලෙස රෝගීන් පවසන්නේ ඇයි?
අපි
මුලින්ම බලන්න ඕනේ එම පුද්ගලයන්ට මතුව තිබෙන හන්දි රෝගය කුමක්ද කියලා.
දෙවනුව ඒ අයගේ ශරීර බර පිළිබඳව සැලකිලිමත් විය යුතුයි. යම් පුද්ගලයකුගේ
ශරීරයේ බර වැඩිවීම එම පුද්ගලයාගේ දණහිසට කෙළින්ම බලපානවා. උදාහරණයක්
දක්වතොත් යම් පුද්ගලයකුගේ ශරීරයේ බර රාත්තල් 10 කින් වැඩිනම් එම
පුද්ගලයාගේ දණහිසට ඇතිවන එම බර මෙන් තුන් ගුණයක් හය ගුණයක් අතර
ප්‍රමාණයක් වෙනවා.
එය තවත් පැහැදිලි කළොත් එම පුද්ගලයාගේ දණහිසට දැනෙන කම්පනය රාත්තල් 30 ත් 60 ත් අතර ප්‍රමාණයක් වෙනවා.
එනිසා ඔවුන් තමන්ගේ ශරීර බර සාමාන්‍ය ප්‍රමාණය දක්වා අඩුකර නොගන්නා තුරු කෙතරම් ඖෂධ ලබාදුන්නත් සම්පූර්ණ සුවයක් ලැබෙන්නේ නැහැ.
අපි ශරීරයේ වැඩිවී තිබෙන බර රාත්තලක් අඩුකර ගත්තොත් ඉන් දණහිසට ඇතිවන කම්පනය හතර ගුණයකින් පමණ අඩුවෙනවා.
එනම් රාත්තල් 40 ක පමණ කම්පනයක් ඉවත්ව යනවා.
එනිසා
හන්දි ගෙවීමකට ලක්ව ඇති විට වුව ආතරයිටීස් තත්ත්වයකදී වුව දණ හිස මතට
ඇතිවන කම්පනය අඩු කරගත හොත් පවතින රෝග තත්ත්වය ඉක්මනින් සුව කරගත හැකියි.
වෛද්‍යතුමනි ශරීරයේ ඇති මේද තට්ටුව හන්දි රෝගවලට බලපානවාද?
ඔව්.
අපගේ ශරීරයේ ඇති මේද සෛල පටක වල ඇති රසායන ද්‍රව්‍යයක් (Adipokines) නිසා
දියවැඩියාව, රුධිර නාළ වල මේදය තැන්පත්වීම, හෘදයා බාධ ආතරයිටීස් වැනි රෝග
ඇතිවිය හැකියි. ඉතිං මේ රසායන ද්‍රව්‍යය ශරීරයේ වැඩිවන විට ඉන් මතුවන රෝග
මතුවීමේ අවදානමද ඉහළ යනවා.
එය වළක්වා ගැනීමට නම් අප කළ යුත්තේ
ශරීරයේ වැඩිපුර තැන්පත්ව ඇති මේද පටක ඉවත් කර ගැනීමයි. ඒ සඳහා නිවැරදි
අයුරින් වෛද්‍ය උපදෙස් මත ව්‍යායාම කිරීම පිෂ්ඨ ජනක බහුල සහ මේදය අධික
ආහාර පාන ගැනීම සීමා කළ යුතුයි.
එහිදී පිෂ්ඨය අධික පාන්, ක්ෂණික
ආහාර, කෝලා වර්ගයේ බීම වර්ග, කේක්, පැණි රස ආහාර මෙන්ම අධික පිෂ්ටය සහ
මේදය සහිත ආහාරයක් වන කොක්තු රොටි ආහාරයට ගැනීම සීමා කළ යුතුයි.
විශේෂයෙන්ම කොත්තු රොටිවල අධික ලෙස පිෂ්ඨය සහ මේදය තිබෙනවා. ඒ නිසා ශරීරයේ බර වැඩි අය කොත්තු
Wmqgd .ekSu Èjhsk mqj;a m; weiqfrks