Life
බබාලට අවුරුද්දක් යනකම් ලුණු, සීනි දෙන්න එපා
දරුවන්ගේ පෝෂණය ගැන දුර්මත බොහොමයක් තිබෙනවා. දැනට වෛද්‍ය නිර්දේශය වන්නේ දරුවන්ට පළමු මාස හය පුරාවටම මව්කිරි පමණක් හොඳටම ප්‍රමාණවත් වන බවයි.
නමුත් මාස හයෙන් පසු අනෙකුත් අතිරේක ආහාර සඳහා හුරු කල යුතු වනවා. මෙහිදී අම්මලා අතින් සිදු වන වැරදි බොහොමයක් තිබෙනවා.
මුලින්ම දරුවාට දිය යුතු වන්නේ මත් ගා ගත් බත්, පරිප්පු සහ අල වර්ගයක් වැනි ආහාරයක්.
මෙහිදී දරුවාට බත් මේස හැඳි දෙකක් පමණ සමග පරිප්පු හෝ අල වැනි ආහාරයක් මේස හැන්දක් පමණ ප්‍රමාණයක් පිරිසිදු ජලයේ හොඳින් වතුර හිඳෙන තෙක්ම තම්බාගෙන පසුව කැබලි නැති වන තෙක් පොඩි කර එයටම එළවලු තෙල් හැන්දක් දරුවාට ලබා දිය හැකියි.
දරුවාගේ ආහාර රුචිය වැඩි කිරීම වැදගත් වන නිසා බත් සමග අල, පරිප්පු, බීට්, කොළ වර්ගයක් වැනි ඕනෑම දෙයක් එකතු කරගත හැකියි.
මේ අතර මව්කිරිත් ලබා දෙන නමුත් ප්‍රධාන ආහාර වේලක් වශයෙන් ටිකෙන් ටික අනෙක් ආහාර වලට දරුවා හුරු කිරීම ඔබේ වගකීමක්.
ඒ වගේම මේ වයසේ දරුවන්ට දිය හැකි ආහාර වර්ග බොහොමයක් විවිධ වෙළඳ නාම වලින් ඔබට හඳුන්වා දෙනවා. ඔවුන් පවසන බොහෝ දේවල් වලට රැවටෙමින් අපේ දෙමව්පියන් කෙසේ හෝ ඒ ආහාර තම දරුවාට ලබා දෙන්නට උත්සාහ ගන්නවා.
නමුත් ඇත්තටම ඔබේ දරුවාට අවශ්‍ය පෝෂණය ඉතා අඩු වියදමකින් ඔබටම ගෙදරදී පිළියෙළ කර ගන්නට පුළුවන්.
දරුවාගේ ආහාරයට ලුණු හොඉ සීනි ස්වල්පයක් එකතු කිරීම මගින් දරුවාගේ ආහාර රුචිය වැඩි වන බවට මතයක් තිබෙනවා. නමුත් වෛද්‍යවරුන් පවසන්නේ පළමු වසර තුල දරුවාගේ ආහාර වලට ලුණු හෝ සීනි එකතු කිරීම අනවශ්‍ය වන බවයි.
පළමු වසර අවසන් වනවාත් සමග දරුවා වැඩිහිටියන් ලබා ගන්නා ආහාර වලට හුරු විය යුතු බැවින් එවිට ආහාරයට ලුණු සීනි එකතු කිරීමේ වරදක් නැහැ.
කෙසේ නමුත් සීනි එකතු කිරීම මගින් දරුවාට සැර ආහාර වලට හුරු කිරීමේ ගැටළුවක් මතු විය හැකියි.
මේ නිසා ඔබ ඔබේ දරුවාට ආහාර ලබා දීමේදී දරුවාට නිවැරදි පෝෂණයක් ලබා දීමට පියවර ගන්න. වැරදි අදහස් වල එල්බ ගනිමින් විවිධ වෙළඳ නිෂ්පාදන වලට හසු වන්න එපා.
Wmqgd .ekSu taIshka