Life
පොල්තෙල්වල අඩංගු මේදය සෞඛ්‍යයට අහිතකරයි
ඇමරිකානු හෘද සංගමය
පොල්තෙල්. හරක් මස්වල අඩංගු මේදය හා බටර් මෙන්ම ශරීර සෞඛ්‍යයට අහිතකර බව ඇමරිකානු හෘද සංගමය පවසයි.
පොල්තෙල්වල අඩංගු සංතෘප්ත මේදයන් හෘද රෝග අවදානම වැඩි කරලන ''නරක කොලෙස්ටරොල්'' මට්ටම වැඩි කිරීමට හේතුවන බව එම සංගමය කියයි.
මෙතෙක් කල් පිළිගැනුණේ පොල්තෙල් සෞඛ්යාරක්ෂිත ආහාරයක් වන බව හා එහි අඩංගු මේදය අනිකුත් සංතෘප්ත මේදයන්ට වඩා යහපත් බවයි.
එහෙත් ඇමරිකානු හෘද සංගමයට අනුව පොල්තෙල් සෞඛ්යාරක්ෂිත යෑයි පැවසීමට තරම් යහපත් අධ්‍යයනයක් මෙතෙක් සිදුකර නොමැත.
දැනට
පවතින තත්ත්වය අනුව සත්ත්ව මේදයන් වන ලාඩ් ශරීර සෞඛ්‍යයට අහිතකර වන බවත්,
ශාකමය තෙල් වර්ග වන ඔලිව් හා සූර්යකාන්ත ශරීරයට හිතකර බවත් පිළිගැනේ.
මෙවැනි නිගමනයකට පර්යේෂකයින් එළඹ ඇත්තේ එම එක් එක් තෙල් වර්ගයෙහි අන්තර්ගතව පවතින සංතෘප්ත මේද ප්‍රමාණය අනුවයි.
සංතෘප්ත
මේදය අධික ආහාර වර්ග පරිභෝජනය කිරීමෙන් හෘද රෝග හා ආඝාත (ස්ට්‍රොaක්)
අවදානම වැඩි කරලන අතර රුධිරගත නරක කොලෙස්ටරොල් මට්ටම ඉහළ නංවන බව හෙළි වී
තිබෙන අතර ඇමරිකානු හෘද සංගමයට අනුව පොල්තෙල්වල අඩංගු මේදයෙන් සියයට 82
ක් ම සංතෘප්ත මේදයයි.
මෙම ප්‍රමාණය බටර්වල අඩංගු සංතෘප්ත මේදය හරක් මස්වල අඩංගු එම මේදය හා ඌරු මස්වල ලාඩ් වල අඩංගු මේදයට වඩා වැඩි වේ.
බටර්වල
සංතෘප්ත මේදය සියයට 63 ක් ද, හරක් මස්වල එම මේදය සියයට 50 ක්ද, ඌරු
මස් ලාඩ් වල එම මේදය සියයට 39 ක්ද අන්තර්ගත වන බව අනාවරණය වී තිබේ.
එක්සත්
රාජධානියේ මහජන සෞඛ්‍ය විශේෂඥයන්ට අනුව සාමාන්‍ය පිරිමි අයෙකු දිනපතා
ආහාරයට ගත යුතු සංතෘප්ත මේද ප්‍රමාණය ග්‍රෑම් 30 කට නොවැඩි විය යුතු අතර
කාන්තාවක නම් දිනකට ගත යුතු සංතෘප්ත මේද ප්‍රමාණය ග්‍රෑම් 20 නොඉක්මවිය
යුතුය.
සංතෘප්ත මේදය වැඩි වශයෙන් ශරීරගත වීම වැළැකීම සඳහා ආහාර වර්ග
ගැඹුරු තෙලෙහි බැද හෝ කර කර ආහාරයට නොගෙන ගි්රල්, බේක් වැනි ක්‍රමවලට
සකසා ගෙන ආහාරයට ගත යුතු වන අතර කර කරන ලද ස්ටු හා වෑංජනවල පවතින තෙල්
හැන්දකින් ඉවත් කර ආහාරයට ගැනීමත් සැන්ඩ්විච් සකස් කිරීමේදී පාන් පෙති
අතරට බටර් හෝ මේද තැවරුම් භාවිත කිරීමෙන් වැළකීමත් සිදුකළ යුතු බව එම
විශේෂඥයන්ගේ මතය වී තිබේ.
Wmqgd .ekSu Èjhsk mqj;a m; weiqfrks