iranama
පොරොන්දම් වලින් හෙළිවන විවාහ දෝෂ
විවාහයක් යනු ජිවිතයේ ඉතාම වැදගත් සන්ධිස්ථානයක්. විවාහයට පෙර ඒ හා සම්බන්ධ සියලු දේවල් ගැන සොයා බැලීම එදා මෙන්ම අදත් පවතින සිරිතයි.
පොරොන්දම් ගැලපීම ඒ අතර මුල් තැනක් ගනී. ප්‍රේම සම්බන්ධයකින් සිදු වන විවාහයකදී වුනත් පොරොන්දම් ගැලපීමට බහුතරයක් හුරු වී අත.
පොරොන්දම් පරීක්ෂාවේදී 20 පොරොන්දම් හා වෙනත් පොරොන්දම් ක්‍රම වලට අමතරව විශේෂයෙන් සලකා බැලිය යුතු විවාහ දෝෂ කීපයක් තිබේ.
ඒ පිළිබඳව ඔබව දැනුවත් කිරීමට ලිපි මාලාවක් ගෙන ඒමට අප බලාපොරොත්තු වෙමු.
මේ ලිපියෙන් ඒ දෝෂ මොනවාද යන්න පමණක් ගැන ඔබව දැනුවත් කෙරේ.
අඟහරු දෝෂය (කුජ දෝෂය,අංගාර දෝෂය,මංගල දෝෂය, භෞම දෝෂය යනුවෙන් හැදින්නේනේද මෙම දෝෂයමය)
ශනි මංගල දෝෂය
කඩහංදි මාරක දෝෂ
විෂ කන්‍යා දෝෂ
වැන්දඹු,බහු විවාහ,අවිවාහක,සරාගී දෝෂ,වඳ දෝෂ
නශාංශක දෝෂ
කළුකුමාර දෝෂ
පිළිසඳ ගැනීමේ දෝෂ
ප්‍රසූත්‍ර දෝෂ
සෘතු දෝෂ
තුන් කුළුදුල් දෝෂ
ලේ නෑකම් දෝෂ
චාරිත්‍ර දෝෂ
ඉහත දැක්වූ විවාහ දෝෂ ඇතිවන අයුරු මෙන්ම එම දෝෂ භංග වන අයුරු හා දෝෂ හරන පිළිවෙත් පිළිබදවද දැනුවත් විය යුතුය.
ඉහත සදහන් විවාහ දෝෂ පිළිබදව දැන සිටීම ජ්‍යොතිෂවේදීන්ට අදාළ කටයුත්තක් මිස සාමාන්‍ය ජනතාවට අවැසි නොවන බවට ඔබට එකවර සිතිය හැකි නමුත් ඒ පිළිබදව යම් තරමකින් හෝ දැනුවත්වී සිටීම කවදා හෝ දිනෙක ප්‍රයෝජනවත් විය හැක.
Wmqgd .ekSu taIshka