පොරොන්දම් ගැළපීම සඳහා පාදක කොටගනු ලබන්නේ උපන් නැකතයි. කෙනෙකුගේ උපන් නැකත අනුව එම පුද්ගලයාගේ කායික මානසික තත්ත්වය චිත්තවේග ශක්තීන් නිවැරැදිව හඳුනාගත නොහැකි වේ.
හැඩරුව, පෙනුම ආදී දේහ ලක්ෂණයන්ට අමතරව සමාජ, ආර්ථික සාධක ගණනාවක්ම සාර්ථක විවාහයක් කෙරෙහි බලපානු ලබයි. මෙවැනි වූ සාධක කොතරම් සතුටුදායක වුවත් විවාහ අපේක්ෂක යුවළගේ කායික, මානසික, චිත්තවේගික ශක්තීන් අතර අෙන්‍යාන්‍ය ගැළපීමක් නොමැති වුවහොත් සාර්ථක යුගදිවියක් ගතකිරීම අසීරු වේ.
විවාහය යනු පෞද්ගලික හා සමාජමය වශයෙන් අතිශය වැදගත්කමක් නිරූපණය කරන එකිනෙකට අසමාන චරිත දෙකක් එක්තැන් කරන අවස්ථාවක් ලෙස සැලකිය හැක. පුළුල් අර්ථයකින් බලන විට විවාහය යනු ලිංගිකත්වය ඉක්මවා යන අධ්‍යාත්මික සමබරතාවකින් හා සමාජීය වටිනාකමින් යුත් බැඳීමකි.
චූල නක්ෂත්රයේ සිද්ධාන්තයකට අනුව හඳුන්වා දී ඇති විසි පොරොන්දම මගින් දෙදෙනකුගේ කායික මානසික ගැළපීම පිළිබඳව අනාවරණය වන්නේ 10% කට වඩා අඩු ප්රමාණයකි.
ඈත අතීතයේ සිට අද දක්වාම ජන සමාජය තුළ පොරොන්දම් ගැළපීම සම්ප්‍රදායික ක්‍රමවේදයක් ලෙස පැවතෙයි. කෙසේ වෙතත් පොරොන්දම් කොපමණ සංඛ්‍යාවක් ගැළපේද යන්න ප්‍රකාශිත අගය මත පමණක් විවාහ අපේක්ෂිත ස්ත්‍රී පුරුෂ දෙදෙනාගේ චරිත ස්වභාවය, චිත්තවේගික පසුබිම, දරුඵල, ආර්ථික තත්ත්වය, විවාහ සතුට, වැන්දඹු භාවය, දික්කසාදය, අනාගත දියුණුතාව, වෘත්තීය නැඹුරුතාවය යන විවාහ ජීවිතයට වැදගත් සාධක අනාවරණය කරගත නොහැක.
විවාහ ගැළපීම විසි පොරොන්දම්වලට පමණක් කොටුවූ තත්ත්වයන් තුළ යුගදිවිය අසුන්දර අත්දැකීමක් කරගත් අය අද සමාජයේ බහුලව දක්නට ලැබේ.
උගත් ජ්‍යෙdතිෂවේදියකුට ස්ත්‍රී පුරුෂ දෙදෙනාගේ කේන්ද්‍ර ගැළපීම මගින් දෝෂ අවම වශයෙන් පවතින තත්ත්වයක් තුළ විවාහය සම්බන්ධයෙන් සාධාරණ තීන්දුවක් දිය හැක. ඒ සඳහා සමස්ත කේන්ද්‍රගත ග්‍රහ බලය ශාස්ත්‍රානුකූලව අධ්‍යයනය කොට ශුභ අශුභ තත්ත්වයන් පිළිබඳව තර්කානුකූල විමර්ශනයකට ලක්කළ යුතුය. පොරොන්දම්වලට අමතරව විවාහයට බලපාන විශේෂිත වූ ග්‍රහ පිහිටීම් ගණනාවක් පවතී. මේ සියල්ල පිළිබඳව තුලනාත්මක විශ්ලේෂණයකින් අනතුරුව විවාහය පිළිබඳව වඩාත් සාධාරණ ජ්‍යෙdතිෂමය විවරණයක් ලබාදිය යුතුයි.
විවාහයට කේන්ද්‍ර ගැළපීමට ප්‍රථම එම කේන්ද්‍ර
නිවැරැදි දැයි පරීක්ෂා කළ යුතු වේ. මෙසේ පරීක්ෂා කිරීමෙන් අනතුරුව කේන්ද්‍රය නිවැරැදි බව දැනගත් පසු එම කේන්ද්‍ර තුළ වැදගත්කම අවධාරණය කෙරේ. මෙම භාවය විවාහ සහකරු, විවාහ සතුට, ලිංගික සබඳතා යන සියලු ආකාරයේ බැඳීම්, අෙන්‍යාන්‍ය අවබෝධය, පිළිගැනීම, ප්‍රතික්ෂේප වීම හා දික්කසාද වීම යන සාධකයන්ට සෘජු ලෙස බලපායි. හත්වැනි රාශිය දෙපස පාප ග්‍රහයන් හෙවත් 6 - 8 රාශිවල පාප ග්‍රහයන් දෙදෙනකු වුවහොත් එම කේන්ද්‍ර හිමියාගේ විවාහය වාසනාවන්ත නැත.
* කේන්ද්‍රයක හත්වැන්න අධිපති ග්‍රහයා 6 වැන්නේ හෝ 8 වැන්නේ සිටීමද යහපත් නැත.
* එමෙන්ම 6, 8 අධිපතියන් දෙදෙනා යෝගව 7 වැන්නේ සිටීමද යහපත් නැත.
* විවාහ කාරක සිකුරු 6, 8, 12 වැනි රාශියක වීම විවාහය ප්‍රසන්න කරන ග්‍රහ පිහිටීමක් නොවේ.
* එක් වර්ෂයක් තුළ ස්ත්‍රී පුරුෂ දෙදෙනාටම එකම දශාවක් ලැබීම අපල ගෙන දෙන බව ජ්‍යෙdතිෂයේ සඳහන් වේ. මෙය කඩහන්දි දෝෂය නමින් හැඳින්වේ.
මීට අමතරව එකිනෙකාට අහිතකර වූ මාරක යෝග ඇත්දැයි පරීක්ෂා කළ යුතුය. පුරුෂ කේන්ද්‍රයෙන්
7 වැන්නෙහි සිටින කුජට ශනිගේ අශුභ දෘෂ්ටිය වැටීම ස්ත්‍රී වැන්දඹු වීමට හෝ විනාශ වීමට තරම් ප්‍රබල වූ පීඩාකාරී වූ ග්‍රහ පිහිටීමක් වේ. එමෙන්ම එම ස්ත්‍රී කේන්ද්‍රයෙහිද පාපීන් ප්‍රබල වීම පුරුෂයාගේ ජීවිතය කෙරෙහි එවැනිම වූ අහිතකර පිහිටීමකි.
මෙවැනි අශුභතා ගෙනෙන ග්‍රහ පිහිටීම් නොවෙයි නම් තවදුරටත් හඳහන් ගැළපීමට යොමුවීමේ වරදක් නැත. කෙසේ වෙතත් ඉන් අනතුරුවද පහත සඳහන් ග්‍රහ පිහිටීම් පිළිබඳවද අවධානය යොමුකළ යුතුය.
* බහු විවාහ යෝග තිබේද?
* දරුඵල පිළිබඳ තත්ත්වයන්
* විවාහ අපේක්ෂකයාගේ ආර්ථික තත්ත්වය
* රෝගාබාධ, සිරගත වීම් වැනි අවාසනාවන්ත සිදුවීම්වලට මුහුණ පාන්නට හේතුවිය හැකි ග්‍රහ පිහිටීම් තිබේද යන වග.
මේ අතර ඇතැම් ජන්ම පත්‍ර තුළ ලිංගික දුර්වලතා හෝ මානසික හේතූන් මත අවිවාහකව සිටීමට ප්‍රියතාවක් දක්වන ග්‍රහ පිහිටීම්ද දැකිය හැක. හත අධිපති හා සිකුරු නීච වීම, හත අධිපති බුධගේ නැකතක වීම, සඳු පස්වැන්නේ වී 7 වැන්නේ හෝ 12 වැන්නේ පාපී ග්රහයෙකුගේ දෘෂ්ටියට ලක්වීම ආදී විවාහය ප්‍රතික්ෂේප කිරීම, විවාහය කෙරෙහි කලකිරීම, පලායැම වැනි තත්ත්වයන් ඇතිවිය හැක. කේන්ද්‍ර පරීක්ෂාවේදී මෙවැනි ප්‍රවණතාවක් සහිත කේන්ද්‍ර හඳුනාගැනීම තුළින් ගැටලුකාරී තත්ත්වයන් බොහෝ දුරට මඟහරවාගත හැකි වේ.
විවාහ පරීක්ෂණයේ දී විසි පොරොන්දම් පමණක් අවධානය යොමු කරමින් යුගදිවියට පත් බොහෝ දෙනා පහත සඳහන් අඩුපාඩු හෙවත් දුර්වලතාවන්ට මුහුණ දෙමින් ඔවුන්ගේ යුග දිවිය අසාර්ථක වී තිබෙන බැව් දක්නට ලැබේ.
1. සමගිය සමාදානය පිරිහීම
2. සෞඛ්‍ය තත්ත්වය පහත වැටීම
3. ආර්ථිකය බිඳ වැටීම
4. විවාහ දිවියට ඇතුළත් වී නොබෝ දිනකින් එක් අයෙකුගේ මරණය
5. දරු සම්පත් නොලැබීම
6. සැනසිලිදායක අනාගතයක් පිළිබඳ බලාපොරොත්තු බිඳවැටීම.
එමනිසා විවාහාපේක්ෂිත යුවළගේ කේන්දර එකිනෙක පහත දැක්වෙන ශීර්ෂ යටතේ වෙන වෙනම පරීක්ෂා කිරීමෙන් අනතුරුව ඒ සඳහා අනුමැතිය දිය යුතුය.
1. සමගිය හා සමාදානය
2. සෞඛ්‍යය
3. ආර්ථික තත්ත්වය
4. ආයුෂ
5. දරු සම්පත්
6. සැනසිලිදායක අනාගතය
මිනිසාගේ අඛණ්ඩ පැවැත්ම උදෙසාත්, කායික හා මානසික සතුට උදෙසාත් විවාහය නමැති බැඳීම ඉතා වැදගත් වේ. එය ඉවසීමෙන් හා ඉතා සංයමයෙන් භුක්ති විඳිය යුතු අතර නිවැරැදි තීරණ ගැනීමද අත්‍යවශ්‍ය වේ. මෙහිදී සෘෂිවරුන් විසින් ලොවට කියාදුන් ජ්‍යෙdතිෂය නම්වූ මා හැඟි ශාස්ත්‍රය ඒ සඳහා මහඟු පිටිවහලක් වනු ඇත. වැඩි විස්තර 077-1268646 අංකයෙන් නොමිලේ ලබාගත හැක.