Beauty
පුංචි මේකප් කිට් එකකින් විනාඩි හතෙන් මේකප් එකක්
ලික්විඩ් බේස් එකක්
ඉක්මනින් මේකප් එකක් දාගන්නෙ මෙහෙමයි. ඉස්සෙල්ලාම
හොඳින් මුහුණ පිරිසුදු කරගන්න ඕනෙ. ඒ කියන්නේ ෆේස් වොෂ් එකක් දාලා හරි
එහෙමත් නැත්නම් ක්ලෙන්සර් එකක් දාලා හරි හොඳින් මුහුණ පිරිසුදු කරගෙන ඊට
පස්සෙ පිරිසුදු තුවායකින් තෙත මාත්තු කරගන්න ඕනෙ. මේ සඳහා ඕනෙ නම්
විනාඩියක් විතර ගත වෙයි.
ඊට පස්සෙ කරන්න තියෙන්නෙ මේක් අප් එක දාන්න පටන් ගන්න එකයි.
සාමාන්‍යයෙන් ඉක්මනින් දාගන්න මේක් අප් එකකට ගොඩක්ම පාවිච්චි කරන්නේ
ලික්විඩ් බේස් එකක්. මොකද ලික්විඩ් බේස් එක මුහුණට හොඳින් උරා ගන්නවා. ඒ
නිසා මේක් අප් එක මුහුණට හොඳින් අල්ලා ගැනීමේ හැකියාව වැඩි නිසා පහසුයි. මේ
බේස් එක දානකොට මුළු මුහුණේම ඒ කියන්නේ වැඩිපුර පෙන්නේ නැති ප්‍රදේශවලත්
දාන්න ඕනෙ. නිකට යට, කන් පෙතිවල, බෙල්ල ප්‍රදේශයේ හොඳින් ආලේප කරගන්න ඕනෙ.
කාලය ඉතිරි කරගැනීම
ලික්විඩ් බේස් එක වියළෙන්න තත්පර විස්සක්
විතර ගත වෙනවා. ඊට පස්සෙ කරන්නේ බේස් එක උඩින් කම්පැක්ට් පවුඩර් ආලේප කරන
එකයි. කම්පැක්ට් පවුඩර් එකත් මුළු මුහුණේම සහ කලින් කියපු විදියට වැඩිපුර
පෙනෙන්නේ නැති නිකට යට, කන් පෙතිවලත් ආලේප කර ගන්න ඕනෙ. මේ වැඩේට විනාඩියක්
විතර ගත වෙන්න පුළුවන්. ඊට පස්සෙ කම්පැක්ට් පවුඩර් එක හොඳින් වියළෙන කල්
මුහුණට මොකුත්ම කරන්න හොඳ නැහැ. කම්පැක්ට් පවුඩර් එක වියළෙන්න විනාඩි දෙකක්
විතර ගත වෙනවා. ඒ විනාඩි දෙක අපතේ යවන්න ඕනෙ නැහැ. ඒ මොකද ඒ විනාඩි දෙක
ඇස් දෙක මේකප් කරන්න යොදා ගන්න පුළුවන්. ඇස් දෙක මේකප් කරද්දි ඉස්සෙල්ලාම
අයිබේරා්ස් ඇඳ ගන්න ඕනෙ. ඊට පස්සෙ අයි ෂැඩෝස් දාගන්න ඕනෙ. අයි ෂැඩෝස්
දානකොට දවල් කාලයේ නම් ලයිට් කලර් එකකුත් රාත්‍රි කාලයේ නම් ඩාක් කලර්
එකකුත් පාවිච්චි කරන්න පුළුවන්. ඒ වගේම අඳින ඇඳුමේ කලර් එකට මැච් කරලා අයි
ෂැඩෝස් දාන්න මතක තියා ගන්න.
ඇස් සහ තොල්
ඊට පස්සේ අයි ලයිනර්ස් ඇඳගන්න පුළුවන්. ඊටත් පස්සෙ
තමයි ඇස් පිහාටුවලට මස්කාරා ආලේප කරන්නෙ. මේ හැම දෙයක්ම කරන්න විනාඩි දෙකක්
තුනක් ඇතුළත පුළුවන්. මස්කාරා එක වියළෙන්න සාමාන්‍යයෙන් තත්පර තිහක්
විනාඩියක් විතර ගත වෙනවා. මස්කාර එක වියළෙනකල් දෙතොල් මේකප් කරන්න පුළුවන්.
දෙතොල් මේකප් කරද්දි ඉස්සෙල්ලාම ලිප් ලයිනර් එක ඇඳ ගන්න ඕනෙ. ඊට පස්සෙ
ඇඳුමට ගැළපෙන විදියට ලිප්ස්ටික් ආලේප කර ගන්නවා. ලිප්ස්ටික් ආලේප කරලා
අවසන් වෙද්දි මස්කාරා එක ගාට වියළිලා තියෙනවා. ඒ නිසා මේකප් එකේ අවසන්
අදියරට එන්න පුළුවන්.
අවසන් කිරීමට
මේකප් එකේ අවසන් අදියර කියලා කියන්නේ ෆිනිෂින් එක.
ෆිනිෂින් එක කරන්නේ බ්ලෂර් එකෙන්. වැඩිය තදට පෙනෙන්නේ නැති වෙන්න යාන්තම්
බ්ලෂර් කළාම මේකප් එක නීට් කියලා පේනවා. ඊටත් පස්සෙ ෆිනිෂිං පවුඩර් එකක්
පාවිච්චි කරලා මේකප් එක ෆිනිෂ් කර ගන්න පුළුවන්. ටිකක් පුරුදු කෙනකුට නම්
මේ ටික කරන්න විනාඩි පහක්වත් යන්නෙ නැහැ. නමුත් සාමාන්‍යයෙන් වැඩිපුර මේකප්
කරන්නෙ නැති කෙනකුට විනාඩි හතක් ඇතුළත මේ විදියේ සම්පූර්ණ මේකප් එකක් නීට්
එකට කර ගන්න පුළුවන්. ඒ වගේම මේ වගේ මේකප් එකක් කරන්න ඉතාම පුංචි මේකප්
කිට් එකක් හොඳටම ප්‍රමාණවත්. විශාල ප්‍රමාණයේ මේකප් බොක්ස් එකක් ඕනෙ නැහැ.
Wmqgd .ekSu u