Life
පිළිසිඳ ගත් දින සිට දින දහසක් මැනැවින් පෝෂණය කළොත් රටක් වටී ඔබේ දරුවා
දරුවකු පතන හැම කාන්තාවකගේම අරමුණ නිරෝගී බුද්ධිමත් දරුවෙකු ලබා ගැනීමය. බුද්ධිමත් දරුවකු පතන ඔබ දරුවා කුස පිළිසිඳ ගැනීමට පෙර සිටම ඔහුගේ හෝ ඇයගේ පෝෂණය පිළිබඳ සැලකිලිමත් විය යුතුය. දරුවකු අපේක්ෂා කරන කාන්තාවකට දරු පිළිසිඳ ගැනීමකට පෙර පටන්ම ෆෝලික් අම්ල සහ යකඩ පෙති ලබා දෙන්නේ කුස තුළ වැඩෙන දරුවාගේ මොළයේ වර්ධනය හා ඉන්ද්රිය වර්ධනය හොඳින් සිදු විය යුතු බැවිනි. දරුවා පිළිසිඳ ගත් පසු ඔබට මාතෘ සායනයේදී ලබා දෙන ෆෝලික් අම්ල සහ යකඩ පෙති හෝ වෙනත් විටමින් වර්ග නියමිත උපදෙස් පරිදි නොබී සිටීමෙන් උපදින දරුවාගේ මානසික හා ශාරීරික වර්ධනයෙහි යම් යම් දුර්වලතා ඇති වේ.
දරුවා පිළිසිඳ ගත් දින සිට උපත දක්වා ගත වන දින 270 ක ගැබිනි සමයත්, උපතේ සිට ගත වන මුල් සති අටක් යන කාලය දරුවාගේ බුද්ධිමය හා ඉන්ද්රිය වර්ධනය ශීඝ්‍රයෙන් සිදු වන වටිනාම කාලසීමාවයි. මේ කාලය තුළ මව ගන්නා ආහාරපාන හා යෙදෙන ශාරීරික ක්‍රියාකාරකම් මෙන්ම මානසික සුවය ද දරුවාගේ බුද්ධිමය හා ශරීර සෞඛ්‍යයේ වර්ධනයට හේතු වේ.
ෆෝලික් අම්ලය සහ යකඩ පෙති ලබා දීමෙන් විශේෂයෙන් දරුවාගේ බුද්ධිය වර්ධනය වේ. දරුවකු මුල් ළමාවියෙහි අධ්‍යාපනික ගැටලුවලට මුහුණ පාන්නේ නම් ඊට හේතුව බොහෝ විට යකඩ ඌනතාව විය හැකිය. දරුවකු පිළිසිඳ ගෙන ගත වන පළමු සති හය තුළ කළලයෙහි මොළයේ බිලියන 100 ක් නියුරෝන ඇති වේ. මේ නියුරෝන සංඛ්‍යාව නිවැරැදිව වැඩෙන තරමට දරුවා ඉහළ බුද්ධි වර්ධනයක් දක්වයි. ඒ සඳහා මව ගන්නා යකඩ පෙති හා ෆෝලික් අම්ල පෙති ඍජුවම දායක වේ.
මවු කුස කළලයක් සේ වැඩෙන කාලයේදීම දරුවා රස හඳුනා ගනී. මව ගන්නා ආහාර අනුව ඒ ඒ දරුවාගේ රස අවශ්‍යතාව තීරණය වේ. ගැබිනි කාලයේදී මව වැඩියෙන් ආහාරයට ගන්නේ පැණි රස කෑම නම් දරුවා ද පැණි රසයට වැඩි ඇල්මක් දක්වයි. මව ලුණු රසැති කෑම වැඩිපුර ගත් කල දරුවා ද ලුණු රසයට ඇලුම් කරයි. වැඩි වශයෙන් තෙල් සහිත ආහාර ගන්නා මවකගේ දරුවා ද තෙල් රසයට ප්‍රිය කරයි.
වැඩි වශයෙන් තෙල්, සීනි හෝ ලුනු සහිත ආහාර ගන්නා මවුවරුන්ගේ දරුවන් පසු කලෙක ස්ථුලභාවය, දියවැඩියාව, අධි රුධිර පීඩනය හා රුධිරගත කොලෙස්ටරෝල් ප්‍රමාණය වැඩි වීම වැනි බෝ නොවන රෝගවලට ගොදුරු වීමේ වැඩි ප්‍රවණතාවක් දක්වන බව නවීන වෛද්‍ය පර්යේෂණවලින් හෙළි වී තිබේ.
ශ්‍රී ලංකා වෛද්‍ය පර්යේෂණ ආයතනය මඟින් මෑතදී කරන ලද පර්යේෂණයකට අනුව මෙරට ගර්භිණී මවුවරුන්ගේ පෙකණිවැලෙහි සාම්පල පරීක්ෂා කළ විට
Wmqgd .ekSu is