Life
පිරිමින්ගේ දියවැඩියා අවදානම වැඩිවෙලා
අප ජීවිත කාලය පුරාම මුහුණ දෙන, අපට වැලඳෙන රෝග අතරින් දියවැඩියාව නිසා ඇතිවන රෝග ඉතාම සංකීර්ණ ස්වභාවයක් ගන්නවා. මේ අතරින් ස්නායු අර්බුද, වකුගඩු දුබලතා, හෘදයේ අකර්මණ්‍යතා ආදිය ප්‍රධානයි.
අලුත්ම සොයා ගැනීමකට අනුව පෙනීයන පරිදි දියවැඩියාව ඇති පිරිමි පාර්ශ්වයට මෙම රෝග ඇතිවීම කාන්තාවන්ට සාපේක්ෂව 40%ක් පමණ වැඩි අගයක් ගන්නවා. මින් අධික රුධිර පීඩනය ප්‍රධානයි. එමෙන්ම දියවැඩියා රෝගය සහිත වයස අවුරුදු 45 ඉක්ම වූ පිරිමි අයට හෘද රෝග වැලඳීමත් කාන්තාවන්ට වඩා වැඩි අගයක් ගන්නවා.
එසේම පිරිමි පාර්ශ්වය හෘද රෝග හේතු කරගෙන රෝහල් ගතවීමේ ප්‍රවණතාව 2.63% වන අතර කාන්තාවන් 1.96% පමණ රෝහල් ගත වෙයි. යුරෝපා සංගමයේ වාර්ෂික හමුවකදී දියවැඩියාව සම්බන්ධව ඉහත තොරතුරු වාර්තා කර තිබෙන අතර තවමත් දියවැඩියා රෝගය පර්යේෂණ මට්ටමේ පවතින රෝගයක්ද වනවා.
Wmqgd .ekSu u