Life
පිත්තාශයේ ගල්ද?
අනෝදා කොළ ප්‍රතිකාරය මෙන්න
c මේ ගල් හැදෙන්නේ. පිත්තාශයේ ගල් තිබෙන අයගෙන් 80% කට ම රෝග ලක්ෂණයක් පහළ වන්නේ නැහැ. මුත්‍රා බොක්කේ ගල් හැදුණාම මුලින් මුලින් ටික ටික වේදනාව එනවා. ඊට පස්සේ උණ ගතිය එනවා. මුත්‍රා අඩස්සි තත්ත්වයක් හට ගන්නවා. මුත්‍රා සමඟ ටික ටික ලේ යනවා. පිත්තාශයේ ගල් හටගත් අයගෙන් 1% - 4% ගේ උදරයේ දකුණු කොටසේ ඉහළින් (අක්මාව තිබෙන ප්‍රදේශය) සියුම් වේදනාවක් එනවා. හරියට කෙණ්ඩ පෙරළෙද්දී එන වේදනාව වගේ එකක්.
ප්රශ්නය - පසුගිය සතිවල අපි ඔබ සමඟ සාකච්ඡා කළේ මුත්‍රා බොක්කේ හට ගන්නා ගල් ගැනයි. මෙය ඉතාම පීඩාකාරී දෙයක්. ඇතැම් විට මුත්‍රා සමඟ රුධිරය වහනය වීම පවා මෙහිදී සිදුවෙනවා. එයට ප්‍රතිකාර වශයෙන් පාවිච්චි කළ හැකි ප්රත්යක්ෂ අත් බෙහෙත් කිsහිපයක් ඔබ දිවයින පාඨකයන්ට කියා දුන්නා. අද අප ඔබෙන් විමසන්නේ පිත්තාශයේ ගල් ගැනයි.
වෛද්‍ය මුහන්දිරම් - ඊට කලින් අපි බලමු පිත්තාශය කියන්නේ මොකක්ද කියලා. මේ ඉන්ද්රිය තිබෙන්නේ අක්මාවට දකුණු පසින්. මෙය හිස් කුහරයක් සහිත ඉJද්රියක්. වැඩුණු කෙනෙකුගේ අග්න්‍යාශය අඟල් 3 ක් දිග වන අතර, අඟල් එකහමාරක විෂ්කම්භයකින් යුක්තයි. මෙහි ප්‍රධාන කාර්යය වන්නේ පිත ගබඩා කර තැබීමයි. පිත මගින් තමයි ආහාර දිරවීම සිදු වන්නේ. පිත නිෂ්පාදනය කරන්නේ අක්මාව මගින්. මේ පිත අක්මාවට සම්බන්ධ යාකෘතික නාලය නමැති කුඩා බටය දිගේ පැමිණ පිත්තාශය තුළ තැන්පත් වෙනවා. සෑම විටකම මිලි ලීටර් 30 - 60 ප්‍රමාණයක පිත පිත්තාශය තුළ තිබෙනවා. ආහාර ජීර්ණ පද්ධතියට ඇතුළු වුණාම පිත්තාශය මගින් පිත මුදා හරින්නට පටන් ගන්නවා. මෙයට අප කියන්නේ ආමාශයික ඕජස් (යුෂ) කියලයි. මේ මගින් ප්‍රධාන වශයෙන් සිදු වන්නේ ආහාර තුළ තිබෙන පෝෂ්‍ය කොටස් සහ මේදය ශරීරයට උරා ගැනීමට උදව් වීමයි.
දැන් ඊළඟට බලමු මොකක්ද මේ පිත්තාශයේ හැදෙන ගල් කියලා. පිත් ද්‍රවණය තුළ තිබෙන ඝන ද්‍රව්‍ය මගින් තමයි, මේ ගල් හැදෙන්නේ. පිත්තාශයේ ගල් තිබෙන අයගෙන් 80% කට ම රෝග ලක්ෂණයක් පහළ වන්නේ නැහැ. මුත්‍රා බොක්කේ ගල් හැදුණාම මුලින් මුලින් ටික ටික වේදනාව එනවා. ඊට පස්සේ උණ ගතිය එනවා. මුත්‍රා අඩස්සි තත්ත්වයක් හට ගන්නවා. මුත්‍රා සමඟ ටික ටික ලේ යනවා. පිත්තාශයේ ගල් හටගත් අයගෙන් 1% - 4% ගේ උදරයේ දකුණු කොටසේ ඉහළින් (අක්මාව තිබෙන ප්‍රදේශය) සියුම් වේදනාවක් එනවා. හරියට කෙණ්ඩ පෙරළෙද්දී එන වේදනාව වගේ එකක්. මේ නිසා පිත්තාශය, අග්න්‍යාශය, අක්මාව යන කොටස් ඉදිමීමකට ලක් වෙන්නට පුළුවන්. මේ තත්ත්වය වර්ධනය වෙනකොට දිනකට පැය 5 කට වඩා අක්මා ප්‍රදේශයේ වේදනාව ර¹ පවතිනවා. ඊට පස්සේ ඇඟ කහපාට වෙනවා. ඇස් කහපාට වෙනවා. මුත්‍රා තද දුඹුරු පැහැයට හැරෙනවා පිත්තාශ ගල් නිර්මාණය වන්නේ කොලෙස්ටරෝල් ගැටිති වලිනි. එහෙමත් නැත්නම් රුධිරයේ තිබෙන කල් පැනපු රතු රුධිරානු නමැති අපද්‍රව්‍ය ඉවත් කිරීම සඳහා ශරීරය තුළ ඇතිවන ක්‍රියාවලියේදීත් එම අපද්‍රව්‍ය ඝනීභවනය වී ඇතිවන බිලිරුබින් නමැති ද්රව්යයෙනුත් පිත්තාශ ගල් ඇති වෙනවා. හුඟක් වෙලාවට පිත්තාශයේ ගල් නිහඬයි.
ප්රශ්නය - පිත්තාශ ගල් හට ගැනීමට වයස් සීමාවක් තිබෙනවාද?
වෛද්‍ය මුහන්දිරම් - අවුරුදු 40 ට වැඩි පිරිමින්ටත්, ආර්තවහරණයට ආසන්න කාන්තාවන්ටත් පිත්තාශ ගල් හටගැනීමේ ප්‍රවණතාව ඉහළයි.
ප්රශ්නය - මෙය හට ගන්නේ කොහොමද?
වෛද්‍ය මුහන්දිරම් - ලොකුම හේතුව තමයි ඉවක් බවක් නැතිව මස් මාළු කෑම. විශේෂයෙන් රතු මස් කෑවම පිත්තාශ ගල් හටගන්නවා. එළවළු පමණක් ආහාරයට ගන්නා අයට පිත්තාශ ගල් හට ගැනීමට තිබෙන ප්‍රවණතාව එකක් නම් මස් මාළු බහුලව කන අයට පිත්තාශ ගල් සෑදීමට තිබෙන ප්‍රවණතාව 9 යයි.
ප්රශ්නය - මේ සඳහා ප්‍රතිකාර වශයෙන් කළ හැකි අත් බෙහෙත් තිබෙනවාද?
වෛද්‍ය මුහන්දිරම් - ඉතා පහසු ප්‍රතිකාරයක් තිබෙනවා. ඒ තමයි කටු අනෝදා කොළ ප්‍රතිකාරය. අනෝදා ගහේ නාඹර කොළ (ඒ කියන්නේ අලුත් නොවන මෝරපු කොළත් නොවන මධ්‍යම වර්ගයේ කොළ) 4 ක් අරගෙන කැබලිවලට කපා වතුර කෝප්ප 9 කට දමා කෝප්ප භාගයක් දක්වා සිඳී යන තුරු මඳ ගින්නේ තම්බා ගන්න. එවැනි කෝප්ප භාගය බැගින් දින 7 ක් පානය කරන්න.
මෙය හිස්බඩ පානය කළ යුතුයි. ඖෂධය පානය කර පැයක් තුළ වතුර ලීටර් භාගයක් පානය කළ යුතුයි. මේ ඖෂධය සුදුසු වන්නේ මි. මී. 4 ට අඩු පිත්තාශ ගල් ඇති අයට විතරයි. (ගලේ ප්‍රමාණය දැන ගැනීමට ñ කිරණ පරීක්ෂණයක් කරන්න) වඩා ලොකු ගල් තිබේ නම් වෛද්‍යවරයකු හමුවිය යුතුමයි
නොමිලේ විස්තර සඳහා 0753224360/ 071 2277620/ 0815736155 අමතන්න.
divaina.com