Life
ප්‍රසූතියෙන් පසු සිරුර මහත් වෙන්නේ ඇයි?
කාන්තාවන් ගර්භණී භාවයට පත් වූ විට සිරුර තරබාරු වීම සාමාන්‍ය ක්‍රියාවලියක්. නමුත් දරු ප්‍රසූතියෙන් පසුවත් සිරුරේ තරබාරුකම අඩුවන්නේ නැත්නම් එය ඔබේ සෞඛ්‍යයට මෙන්ම බාහිර පෙනුමටත් ගැටලුවක් වෙන්න පුළුවන්.
වෛද්‍ය පරීක්ෂාවක් කරන්න
කාන්තාවන් ගර්භණී භාවයට පත්වීමට පෙර සිටම දියවැඩියාව, අධික රුධිර පීඩනය, කොලෙස්ටරෝල් හා හෝමෝන ගැටලු පවතින්නේ දැයි වෛද්‍ය පරීක්ෂාවක් මඟින් තහවුරු කර ගන්න. මෙවැනි රෝග අවදානමක් නැතිනම් ඔබේ සිරුර අස්වාභාවික ලෙස තරබාරු නොවේ. නමුත් එම රෝග හඳුනා ගතහොත් විවාහ වීමට පෙරම වෛද්‍ය ප්‍රතිකාර සිදු කර ගැනීම වැදගත්ය.
දෙදෙනෙක්ට ආහාර ගැනීම
ගර්භණී කාන්තාවක් වෙනදා මෙන් නොව පෝෂණය හා සෞඛ්‍ය ගැන දෙවරක් සිතිය යුතු නමුත් දෙදෙනකුට සෑහෙන පමණට ආහාර ගත යුතුය යන මතය නම් නිවැරැදි නොවේ. 1.1කට සෑහෙන ලෙස ආහාර ගත්තද අපේ මවුවරුන් වැඩිපුර ආහාර ගැනීම හා ව්‍යායාම නොමැති බැවින් තරබාරුකම දිනෙන් දින වැඩි වෙයි.
පෙර තත්ත්වයට පත්වීම
කාන්තාවක් තම දරුවා ප්‍රසූත කිරීමෙන් වසර දෙකක් පමණ ගත කිරීමෙන් පසුව නැවත සිරුර යථා තත්ත්වයට පත් වීම සාමාන්‍ය ක්‍රියාවලියයි. නමුත් වර්තමානයේ මවුවරුන්ගේ ආහාර රටාව හා චර්යාවන්වල වෙනස මෙයට බලපෑම් කරන්න ඇත. නැත්නම් ඉණ, උකුල ප්‍රදේශ වසර 2කින් පමණ නැවත පෙර සිටි තත්ත්වයටම පත් වෙයි.
දරුවාට කිරි දීම
පපු පෙදෙස මහත් වේ යැයි සිතා බොහෝ කාන්තාවක් දරුවාට කිරි දීම සීමා කරයි. නමුත් තරබාරුකම පාලනයට නම් දරුවන්ට හැකි තරම් කාලයක් කිරි දිය යුතුය. කිරි දීම පාලනය කිරීමත් කාන්තාවගේ තරබාරුකමට හේතුවක්. මේ කාලය තුළ කාන්තාවන්ගේ මානසික අවපීඩනය ඇතිවීමත් තරබාරු වීමට හේතුවකි.
ව්‍යායාම කිරීම
දරු ප්‍රසූතියෙන් පසු දිගදුම් ව්‍යායාම කිරීම, උෂ්ණය නොමැති ස්ථානවල ඇවිදීම වැනි සරල ව්‍යායාමවල නිතර වන්න. කොඳු ප්‍රදේශයේ හා දණහිස්වල ආබාධ ඇති වන නිසා ගර්භණී සමයේ වුවත් දණහිස් නවමින්, අත පයවල හිරි අරිමින් ඇවිදීමට හුරුවන්න. ගර්භණී කාන්තාවන් කය ඍජුව තබාගෙන ඇවිදීමේ ව්‍යායාම් ආදිය කරන්න. පහසුවට දෙපා අෑත් කර තබා ඇවිදීමෙන් උරහිසට හා කොන්දටද ආබාධ ඇති වන අතරම ඉන් නිසි ව්‍යායාමයක් සිරුරට ලබා ගැනීමට නොහැකි වෙයි. පිහිනීම හා ඇවිදීම ගර්භණී කාන්තාවන්ට වඩාත්ම සුදුසු ව්‍යායාමයි. ඔවුන්ගේ ශරීරයට පීඩනයක් ඇති නොවන සේ මෙම ව්‍යායාමවල නිරත විය හැකියි.
දරු ප්‍රසූතියෙන් පසු
සිසේරියන් සැත්කමෙන් දරුවා ලැබුවේ නම් එයින් මාස 3ක් ඉක්ම ගිය විට ව්‍යායාමවලට ආරම්භයක් ලබා ගන්න. සාමාන්‍ය දරු ප්‍රසූතියෙන් දරුවා ලැබුවේ නම් මාසයක් පමණ ගත වූ පසු ව්‍යායාමවල නිරත වීම වරදක් නැත.
පෝෂණය
දරුවාට හැකි තරම් කිරි දෙමින් පෝෂණීය ආහාර වේලකට හුරුවන්න. කෘත්‍රිම ආහාර ඔබේ ආහාර වේලෙන් අෑත් කර තබන්න. රාත්‍රි ආහාරයට අර්තාපල් වර්ග, බත් වැනි කාබෝහයිඩේ්‍රට් අඩංගු ආහාර එක් කර නොගන්න. උදෑසනට පෝෂණීය සමබල ආහාර වේලක් ලබා ගන්න.
ව්‍යායාම රටාවට
දරුවා ප්‍රසූත කළ පසුව මවගේ උපරිම කැපවීමෙන් එය පාලනය කරගත හැකිය. දරු ප්‍රසූතියෙන් මාස 14ක් 15ක් ගත වූ විට සතියේ දින 7 තුළම අනුගමනය කළ හැකි පෝෂණ හා ව්‍යායාම රටාවක් ඇති කරගන්නේ නම් එය පාලනය කර ගැනීම අපහසු කාර්යයක් නොවේ.
වෛද්‍ය උපදෙස්
අත්, උදරය හා පපු පෙදෙස මහත් වේ නම් වෛද්‍ය උපදෙස් ලබා ගන්න. ව්‍යායාම කළ පසු මාස 3ක් ඉක්ම ගිය විටත් තරබාරුකම අඩු නොවේ නම් වෛද්‍ය උපදෙස් ලබා ගැනීම වඩාත් සුදුසුයි. අනවශ්‍ය ලෙස අඩි උස පාවහන් පලඳින්නේ නම් දණහිස් හා පිටකොන්ද ප්‍රදේශයට ආබාධ ඇති විය හැකියි.
මෙලෙස ඉහත කරුණු සම්බන්ධයෙන් සැලකිලිමත් වන්නේ නම් කාන්තාවන්ට දරු ප්‍රසූතියෙන් පසුවත් සිරුර මනා හැඩයකින් පවත්වා ගත හැකිය.
Wmqgd .ekSu u