Life
ප්‍රධාන ආහාරයට පසු කළ යුතු සහ නොකළ යුතු දේ
ලෙඩ වෙන්නත් ලෙඩ නොවෙන්නත් බොහෝවිට අපට බලපාන්නේ ගන්නා ආහාරයයි. අපේ හොඳ සෞඛ්‍ය මට්ටමක්ම පවත්වා ගන්නට මේ ආහාර විශාල මෙහෙයක් සිදු කරනු ලබයි. ආහාර ගත් සැනින් අපේ නීරෝගිකම පවත්වා ගත හැකිද? කාර්යබහුල අපිට දවසේ ඕනෑම රාජකාරියක් ආහාරයෙන් පසු කළ හැකිද? වැනි ගැටලු මතුවන්නේ මේ ආහාර මත අපගේ ජීවන පැවැත්ම පවතින නිසාය. මේ නිසා නීරෝගිකමට අත්‍යවශ්‍ය ආහාරය ගැනීම අපගේ දින චර්යාවේ ද කොටසක්ව පවතින බැවින් ඉන් පසුව අපගේ චර්යාවන් කෙසේ විය යුතුද යන්න සොයා බැලීම කාහටත් අත්‍යවශ්‍ය කරුණක්.
කාය දුබලතා
අපගේ ප්‍රධාන ආහාරවේල් තුන ගැනීමට අප දිනපතා පුරුදු වී සිටින බැවින් ඉන් බැහැර වන අවස්ථා නැති තරම්. නමුත් මෙම ආහාරවේල් වලින් අනතුරුව තමාගේ චර්යා රටාවන් පවත්වාගනු ලබන්නේ ඔවුන්ගේ පවතින රැකියාවේ හෝ අධ්‍යාපනික කටයුතු හා අනුබද්ධ කුමන හෝ ක්‍රියාකාරකමකට අනුවයි. මේ නිසා එදිනෙදා ජීවිතයේදී ප්‍රධාන ආහාරවේලකට පසුව තමාගේ චර්යාරටාවන් වෙනස් කර ගැනීමට ප්රයත්නයක් නොදරයි. එබැවින් බොහෝ කාය දුබලතා රෝග තත්ත්ව හෝ මානසික ආතතීන්වලට මුළු සමාජයක් ගොදුරු වන බවක් පෙනේ.
නීරෝගි පුද්ගලයකු වීමට
ආයුර්වේදයේ අපි ගත යුතු ආහාර නොගත යුතු ආහාර හා ඒවා ගත යුතු වේලාවන් ජලය ගත යුතු ප්‍රමාණය සහ ආහාරයෙන් පසු කළ යුතු චර්යාවන් අපූරුවට දක්වා ඇත. ප්‍රධාන ආහාරවේලකින් පැය 1 1/2 සිට 3 දක්වා කාල පරාසයක් තුළ තමා කය වෙහෙසන ක්‍රියා නොකළ යුතු බව දක්වා ඇත. ඒ අනුව නීරෝගි පුද්ගලයකු කිරීමේ අපේක්ෂාවෙන් ආහාරයෙන් පසු වැළකී සිටිය යුතු ක්‍රියා මොනවාද යන්න අපි දත යුතුයි.
ප්‍රධාන ආහාර වේලකින් පසු වැළකිය යුතු චර්යාවන්
කය වෙහෙසන ව්‍යායාමවල නිරත වීම, ස්නානය කිරීම, පිහිනීම, ගිනි තැපීම, දහවල තද හිරු රශ්මියට නිරාවරණය වීම, ද්‍රව අධික ආහාර බහුලව ගැනීම, ආහාරයෙන් පසු නිදා ගැනීම වැනි ක්‍රියා නුසුදුසු ලෙස දක්වා ඇත.
එවැනි ක්‍රියාවලින් වැළකී සිටිය යුත්තේ ඇයි?
බර ආහාරයක් ගත් විට අපේ සිරුරේ රුධිරය වැඩි ප්‍රතිශතයක් ආහාර ජීර්ණ පද්ධතිය වෙතට ආහාර ජීර්ණ ක්‍රියාවලිය සඳහා සැපයිමට සිදු වේ. නමුත් අපි විවිධ ලෙස කය වෙහෙසන ක්‍රියාකාරකම්වල යෙදෙන විට අපේ මාංශ පේෂිවලට වැඩි රුධිර සැපයුමක් ලබා දීමට අත්‍යවශ්‍යයි. ඒ අනුව දිවීම, වේගයෙන් ඇවිදිම, බයිසිකල් පැදීම, නර්තන අභ්‍යාසවල යෙදීම ආදී ක්‍රියාකාරකම්වලදී මේ සිදුවීම සිදුවන අතර එම අවස්ථාවන්ට අපේ ශරීරය එකවර මුහුණ දීමට අපහසු වේ. අපේ ශරීරය නිර්මාණය වී ඇත්තේ ආහාර ජීර්ණය හා ව්‍යායාමය යන ක්‍රියාවන් දෙකම එකවර සිදු කිරීමට නොවේ.
ස්නානය
අපි ස්නානයේදී බාහිරට රුධිර සැපයුම වැඩි වී රුධිර වාහිනී පුළුල් වි සම හරහා තාපය බැහැරට පිටවීමත් ශරීරය සිසිල් වීමත් සිදු වේ. මේ සඳහා බාහිර රුධිර සංසරණයට රුධිරය වැඩි ප්‍රතිශතයක් යෙදවීමට සිදු වේ. මේ නිසා ආහාර ජීර්ණ ක්‍රියාවලිය අඩාල විය හැකියි.
අධික ද්‍රාවණ වර්ග පානය කිරිම
අධික ලෙස ද්‍රාවණ වර්ග පානය කිරිමෙන් ගන්නා ලද ආහාරය හොඳින් ජීර්ණය කිරිම සඳහා සුදුසු සාන්ද්‍රණයන්ගෙන් පවතින ආමාශයික අම්ලය සහ පිතෙහි ක්‍රියාකාරීත්වයට බාධා පැමිණේ. එයින් ආහාර ජීර්ණය අසම්පූර්ණ තත්ත්වයට පත් වේ.
අව්ව තැපීම
දහවල් කාලයේ තද හිරු රශ්මියට නිරාවරණය වීමෙන් ද රාත්‍රී කාලයේ ගිනි තැපීමෙන් ද (ගිනි මැලය ළඟදී) ශරීරයේ බාහිර රුධිර සංසරණයට රුධිර සැපයීම වැඩි වේ. මේ නිසාද ප්‍රමාණවත් රුධිර සැපයුමක් ආහාර ජීර්ණ පද්ධතියට නොලැබීමයි.
නිදා ගැනීම
ආහාර වේලක් ගත් විගස නිදාගැනීම නිසා සම්පූර්ණයෙන්ම කයෙහි ක්‍රියාකාරීත්වය අඩු වී යයි. මෙහිදී වේදනාවක් සහිත දැවිල්ලක් ඇති වීමට පුළුවන. එනම් ආමාශයික යුෂයෙන් තරමක් දුරට පැසවූ ආහාරය උගුර දෙසට පැමිණීමයි. මේ අනුව තමා රෝගී වීමට බොහෝ සෙයින් මින් ඉඩතිබේ. අම්ල පිත්ත තත්ත්වය (ගැස්ට්‍රයිටීස්) වුවද ඇතිවිය හැකියි.
උපද්‍රව
ආහාරයෙන් පසු කය වෙහෙසන වැඩ කිරීම හේතුවෙන් උදරාබාධ කෙණ්ඩා පෙරළීම වැනි රෝග තත්ත්ව ඇති වීමට පුළුවන.
ත්‍රිදෝෂ කෝපය
බොහෝවිට ස්නානය නිසා සෙම කෝප වීමට වමනය වැනි විවිධ කප (සෙම) දූෂිත රෝග ඇතිවීමට පුළුවන.
එසේම වාත කෝපයෙන් හට ගන්නා රෝග වර්ග ද එනම් විවිධ ස්නායු ආබාධ ඇතිවිමට පුළුවන.
පිත් දූෂණය වීමෙන් අජීර්ණය සහ අම්ල පිත්ත වැනි රෝග ඇතිවිය හැකියි.
යම් විටක ත්‍රිදෝෂයම එකවර කෝප වුවහොත් මරණය පවා ඇතිවිය හැකියි.
ආහාර ගත් පසු කළ යුතු නිවැරදි ක්‍රියා
හෙමින් ඇවිදීම, සුළු ප්‍රමාණයෙන් පමණක් ශරීර ශක්තිය වැයවන ක්‍රියාවන්වල නිරතවීම. මානසික ව්‍යාකූල බවින් තොරවීම, සැහැල්ලුවෙන් හා පී‍්‍රතියෙන් සිටීම.
වැඩ කටයුතු අධික නම් කළ යුත්තේ කුමක්ද?
වැඩ කටයුතු අධික ඔබ පහසුවෙන් ජීර්ණය වන ආහාර ගැනීමෙන් එම කාර්යවල නිරතවිය හැකියි. ගන්නා ආහාරය විශාල ප්‍රමාණයෙන් නොගෙන සුළු ප්‍රමාණයකින් ගැනීම නිසා දිනකට ආහාරවේල් 5,6ක් වූවාට කම් නැත. එවිට පහසුවෙන් ජීර්ණය සිදු වේ. සැහැල්ලුවෙන් ඔබේ රාජකාරී කටයුතු කරගෙන යාමට බාධා පමුණුවන්නේ නැත. කාලානුරූපීව එන උත්සව අවස්ථාවලට සහභාගී වීමේදී ඔබ ක්‍රීඩාවට යොමු වේ නම් බර ආහාරයකින් පසු කය වෙහෙසන ක්‍රීඩාවන්වල (බයිසිකල් පැදීම, පිහිනීම) නිරතවීම සුදුසු නොවේ.
curtesy : ceylonweek.com/