සම සුදුකර ගැන්ම අද බොහෝ තරුණ තරුණියන් අතර උන්මාදයක් බවට පත්වෙලා.
මෙයට තිබෙන නැඹුරුවීම කෙතරම්දැයි කියනවා නම් ඒ සඳහා තිබෙන විවිධ රසායනික
ද්‍රව්‍ය අඩංගු ආලේපන මොවුන් භාවිත කරනු ලබන්නේ කිසිදු විමසා බැලීමකින්
තොරවයි.
සමහරුන් මෙවන් ආලේපන සඳහා ඕනෑතරම් මුදල් වැය කරන්නේ ද ඉන් ඇතිවිය හැකි අතුරු ආබාධ ගැන නොදන්නා නිසා වන්නට පුළුවන්.
මොනවද මේ සම සුදු කරන වයිට්නිං ආලේපන වශයෙන් හඳුන්වන්නේ?
වයිට්නිං වශයෙන් නම්කර ඇති විවිධ ආලේපන අද වෙළෙඳපොළේ දක්නට ලැබෙනවා.
මේ අතරින් බොහෝමයක් නිෂ්පාදන දිනයකින් හෝ දින කීපයක් වැනි කෙටි කලකින්
සම සුදු කරනු ලබනවා. මෙහිදී ඇතිවන මෙම ක්ෂණික වෙනසට බොහෝ දෙනෙක් සතුටු
වන්නේ මෙසේ ක්ෂණිකව සිදුවන රසායනික ක්‍රියාවලිය ශරීරයට හිතකරද නැද්ද යන්න
ගැන මොහොතකටවත් නොසිතමින්. වයිට්නිං යනු සුදුවීමයි. ෆෙයානස් යනු පැහැපත්
වීමයි. මෙහිදී නිවැරැදිව සිදුවිය යුත්තේ අපගේ සිරුරේ පවතින පැහැය තවදුරටත්
පැහැපත් වී ශරීරය පුරාම ඒකාකාරී වර්ණයක් ඇති වීමයි. එනම් පෝෂණීය සමක්
හිමිවීම විනා සුදුමැලි වීම නොවේ.
වයිට්නිං වශයෙන් සිදු වන්නේ කුමක්ද?
අපට සමේ පැහැය ලබා දෙන්නේ මෙලනින් වර්ණකයෙනි. මෙම මෙලනින් ප්‍රතිශතය
ජානමය වශයෙන් තීරණය වෙයි. ආලේපනවල පවතින රසායනික සංයෝග මඟින් මෙලනින්
නිපදවන මෙලොනසයිටර් නැමැති සෛල විනාශ කරයි. එමඟින් මෙලනින් නිපදවීමේ විවිධ
අවස්ථා අඩපණකර මෙලනින් අඩු කරයි. මෙය පිළිස්සීමක් මඟින් සිදුවන සුදුවීම හා
සමානයි. නමුත් ස්වභාවික ගැල්වුම් මඟින් සිදු කරන්නේ සෛල මත ක්‍රියාකර පෝෂණය
ලබාදී රුධිර සංසරණය වැඩිකර විස ද්‍රව්‍ය සමෙන් බැහැරකර පෝෂණීය පැහැපත්
බවක් ලබාදීමයි.
වයිට්නිං ප්‍රතිකාර ඉතා කෙටිකාලීන වන්නේ කෙසේද?
වයිට්නිං ආලේපනවල ප්‍රතිඵල සීඝ්‍ර වුවත් පැවැත්ම ඉතා කෙටිකාලීනයි.
මුලින් සඳහන් කළ ලෙස සමේ පැහැය තීරණය වන්නේ ජානමය කාරණාවලිනි. එනිසා එය
කිසි ලෙසකින් ස්ථිර ලෙස වෙනස් කළ නොහැක. එනිසා දිනපතා හෝ නිසි කාලාන්තරයකට
වරක් මෙම ප්‍රතිකාර ලබා ගැනීම අත්‍යවශ්‍ය වේ. නමුත් ස්වාභාවික ප්‍රතිකාර හෝ
ආලේපනවලින් උත්තේජනය කරන්නේ සෛලවල ස්වාභාවික පැවැත්මයි. ඒ නිසා එය
දිගුකාලීනව රඳවාගත හැකියි.
වයිට්නිං ආලේපන සමට අහිතකර වන්නේ කෙසේද?
මෙම ආලේපනවල රසදිය, හයිඩ්රොක්විනෝන්, කෝජික් ඇසිඩ් වැනි රසායනිකයන්
පවතියි. මේවා සමේ සෛල ස්ථර තුළින් ගමන්කර රුධිරයට මිශ්‍ර වේ. මෙය මුහුණේ
ආලේපයෙන් රුධිරය මඟින් ශරීරගත විය හැකියි. එසේම මෙම අහිතකර බලපෑම් කෙටි
කාලීන සුළු තත්ත්වවල සිට සංකීර්ණ රෝග තත්ත්වයන් පවා ඇති කරවිය හැකියි. සමේ
කුඩා ලප ස්වභාවය, කළු ලප, උපන් ලප වැනි ලප ඉරි වැනි කැළැල්, සැරව බිබිලි,
දැවිලි කැසිලි ඇතිවිය හැකියි. එසේම ස්වභාවික ප්‍රතිශක්තිය අඩු වී නිතර නිතර
රෝගවලට ගොදුරු වන්නට පුළුවන.
ඊට අමතරව නිතරම ආසාත්මිකතා ඇති වී උණ ගැනීම වැනි අපහසුතා පවා ඇතිවිය
හැකියි. මෙය රසායනික පිළිකා කාරක ලෙස ද ක්‍රියා කරයි. හෝමෝනවල බලපෑමෙන්
ඔසප් විෂමතා, අනවශ්‍ය රෝම වර්ධනය ද සිදුවිය හැකියි.
සම පැහැපත් කරලන්නට ආයුර්වේදයේ විසදුම් තිබේද?
ඉතාමත් සාර්ථක ස්වාභාවික විසදුම් ආයුර්වේදය සතුයි. සියලු චර්ම රෝග,
කුරුලෑ සම අව පැහැ ගැන්වීම් මෙන්ම අනවශ්‍ය ප්‍රතිකාර නිසා විකෘති වූ සමටත්
ආයුර්වේදයේ ප්‍රතිකර්ම සිදු කරන අතර අතුරු ප්‍රතිඵල රහිත හේතුවට අනුව සිදු
කරන සාර්ථක ප්‍රතිකර්ම ද තිබෙයි.
curtesy : www.tharunie.lk
(under the courtesy of goodhousekeeping.lk web)