උපදෙස්
ගාල්ල දිස්ත්‍රික් ආයුර්වේද රෝහලේ
වෛද්‍ය ලලිත් රාජපක්ෂ
රෝගයේ ලක්ෂණ
* ඇඹුල් රහට උගුරට ඒම
* බඩ දැවිල්ල හා කැක්කුම
* උදරය පුරවා දැමීම
* පපුව මැද දැනෙන වේදනාව
පිත් දෝෂය ප්‍රධානයි
ආහාර ජීර්ණ ක්‍රියාවලියේදී සිදුවන යම් වෙනස්කම් නිසා මෙය ඇතිවීමට පුළුවනි. අම්ල
පිත්තය පිත් දෝෂය විකෘතිවීම නිසා ඇති වන රෝග තත්ත්වයකි.
සමාජයේ බහුලව පවතින රෝග තත්ත්වයක්. එසේ වන්නේ ගන්නා ආහාරවල බලපෑම් මීට මුල්වන
නිසයි. වයස 18 - 50 අතර අයට වැළඳීමේ ප්‍රවණතාවය වැඩියි.
අම්ලපිත්ත රෝගය ඇතිවීමට
බලපාන හේතු
1. ආහාර හේතු
2. විහරණ (ඇවතුම් පැවතුම්)
3. මානසික හේතු
ආහාර රටා රෝගයට බලපාන අන්දම
අම්ල පිත්ත රෝගයට ගොදුරුවන්නේ බොහෝදෙනාගේ ආහාර රටාවේ යම් දුර්වලතා මත බැව් කිව
යුතුයි.
1. නොගැලපෙන ආහාර ගැනීමට පුරුදු වීම නිසාද මෙම රෝගය ඇතිවීමට බලපායි. උදාරහණ ලෙස,
කිරි සහ මාළු එකට ගැනීම ඒ වගේම මස් හා කොස් එකට අනුභව කිරීම.
2. දුෂිත වූ ආහාර ගැනීම නිසා ද අම්ල පිත්ත රෝගය ඇතිවිය හැකියි. ඒ සඳහා උදාහරණ ලෙස
පිළුණු වු ආහාර ගැනීම, ඇළුමිනියම් වැනි භාජනවල ඇඹුල් සහිත ආහාර පිසීම, මෙවැනි කරුණු
නිසා අම්ල පිත්ත රෝගය ඇතිවීමට හේතු සාධක ගොඩ නැගිය හැකියි.
3. විදාහී ආහාර ගැනීම - උදාහරණ ලෙස අබ, අච්චාරු, විනාකිරි යෙදු වෙනත් ආහාර, චට්නි
වර්ග, බලමාළු, ඉස්සා, දැල්ලෝ, හුරුල්ලා වැනි මත්ස්‍ය ආහාර ගැනීම, එසේම දෙල්,
මුරුංගා කරල් වැනි උෂ්ණාධික ආහාර ගැනීම
4. අම්ල අධික ආහාර ගැනීම ද තවත් හේතුවකි. උදා.- අන්නාසි, තක්කාලි, ඇඹරැල්ලා, අඹ,
බිලිං, ඇඹුල් කෙසෙල්
5. තෙල් සහිත ආහාර ගැනීම තවත් හේතුවකි. උදා - තෙලින් හදන ආහාර හා ගැඹුරු තෙලේ බැද
සාදන ආහාර ගැනීම.
6. පාන වර්ග ගැනීම ද අම්ල පිත්ත රෝගයට හේතුවන තවත් කරුණකි. උදා - රා, අරක්කු,
මධ්‍යසාර අධික ලෙස භාවිතය හා තේ නිතර පානය කිරීම
ඇවතුම් පැවතුම් (විහරණ)
අම්ල පිත්ත රෝගයේදී ඇවතුම් පැවතුම් පිළිබඳ වද අපි මුලිකව ම සිතිය යුතු කරුණක්
වන්නේය. නිසි පිළිවෙලකට ජීවිතය නිසි රටාවකට හැඩ ගස්වා නොගැනීම නිසා මේ රෝගයට ගොදුරු
විය හැකියි. ඒ අනුව,
* නිසි වෙලාවට ආහාර නොගැනීම
* ජලය අඩුවෙන් පානය කිරීම
* රාත්‍රී නිදි වැරීම හා දවල් නිදා ගැනීම
* ව්‍යායාම නොකිරීම (නිසි පරිදි)
* කම්මැලි බව
මානසික හේතු
අම්ල පිත්ත රෝගයට මානසික පීඩනය බොහෝ හෙයින් බලපානු ලබනවා. සමාජයේ විවිධ රැකියාවල
නියුතු වූ වන්ගේ දෛනික රාජකාරී වැඩ මුරය යම් අරමුණක් කරා එනම් නියමිත කාලයක් තුල දී
අවසන් කර දීමට ඇති අවශ්‍යතාවය නිසා තමා තුළ පවතින පීඩනය අතිමහත්ය. එය මනස තුළ දැඩිව
ක්‍රියාකරයි. මේ රැකියාවේ පවතින පීඩනය නිසාත් මානසික අසමතුලිතාවය ඇතිවේ. මේ ඇතිවන
ආතතිය මත අම්ල පිත්ත රෝගයට ගොදුරුවීමට ඇති ඉඩකඩ වැඩියි.
අධික ලෙස තරහ යාම, කෝප ගැනීම නිසාත් මේ රෝග තත්ත්වය ඇතිවිය හැකියි.
ශෝක වීම (දුක් අවස්ථාවකදී මෙන්ම සමාජයේ වෙනත් පරිසරික බලපෑම්, පුද්ගල වශයෙන් ඇතිවන
දුක්ඛිත අවස්ථාවන් වලදී ඇතිවන තත්ත්ව)
රෝගයේ ලක්ෂණ
* ඇඹුල් රහට උගුරට ඒම
* බඩ දැවිල්ල හා කැක්කුම
* උදරය පුරවා දැමීම
* පපුව මැද දැනෙන වේදනාව
මෙය සමහර විට පපුවෙ අමාරුවක් යැයි සිතා ඒ සඳහා ප්‍රතිකාර වලට යොමු වීමට ද පුළුවන.
* උගුර දැවිල්ල හා උගුර වේදනාව
* හිස කරකවිල්ල
* වමනය ඔක්කාරය
* ශරීරය අප්‍රාණික බව
* කෑම අරුචිය
* කම්මැලි ගතිය
* බඩ බුරුල් කර යාම
* හිසරදය
වැළැක්වීමට නම්
* නියමිත වේලාවට ආහාර ගැනීම කළ යුතුයි
උදේ 7 - 8, දහවල් 12 - 01 , රාත්‍රී 7 - 8
* මනස සන්සුන් කරන ක්‍රියාකාරකම්වල යෙදීම
උදා - භාවනා කිරීම, යෝග ව්‍යායාම්වල යෙදීම හා මියුරු සංගීතයට සවන් දීම
* ආහාර ගෙන අඩුම වශයෙන් පැය 2ක් වත් සිට නින්දට යාම
* ආහාර ප්‍රමාණවත් ලෙස ගැනීම හා අගුණ නොවන ආහාර (සෞම්‍ය) ගැනීම
* සතියකට අවම වශයෙන් දින 4ක්වත් ඇල් දියෙන් ස්නානය සුදුසුයි.
අම්ල පිත්ත රෝගයට සුදුසු ආහාර
කෙසෙල් මුව, කොහිල අල, කෙකටිය අල, නෙළුම් අල, වැට කොළු, අළු පුහුල්, කිතුල්
පිටිවලින් හදන ආහාර සුදුසුයි. කෝමාරිකා මද ඕතඥදඤ කර සීනි දමා බොන්න
ප්‍රතිකාර බඩ දැවිල්ලට
සුදු හඳුන් වතුර සමඟ මිශ්‍ර කර ගෝස් කැබැල්ලක් ගෙන එය පොගවා උදරයේ එලන්න.
ඊට අමතරව සුළු ප්‍රතිකර්ම කිහිපයක් පහත දක්වා ඇත.
* බෙලිමල්, ඉරමුසු වැනි පාන වර්ග තේ වෙනුවට පානය කළ හැකියි.
* නෙල්ලි කලං 6, රසකිඳ කලං 6 වතුර කෝප්ප 8 කෝප්ප 1ට සිදුවා පෙරා කෝප්ප 1/2 බැගින්
උදේ සවස බොන්න උක් හකුරු සමඟ
* දුම්මැල්ල කලං 6, කී කිරිඳිය කලං 6 කෂාය කර කෝප්ප 1/2 බැගින් උදේ සවස සීනි මී
පැණි සමඟ බොන්න.
* දුම්මැල්ල කලං 6 විෂ්්ණු ක්‍රාන්තිය කලං 6 කෂාය කර බොන්න.
* පත් පාඩගම් තම්බා බොන්න
* බාර්ලි තැම්බු වතුර බොන්න
* බෙලි මල් තැම්බු වතුර බොන්න
* ඉරමුසු තැම්බු වතුර බොන්න
curtesy :
dinamina.lk