Beauty
නිවෙසේදීම සාදා ගත හැකි ස්ක්‍රබ්
සමේ මැරුණු ෙසෙල ඉවත් කරන ප්‍රාථමික ක්‍රමවේදයක් ලෙස කාන්තා හා පිරිමි පාර්ශ්වයටද මෙම සත්කාරය සිදුකර ගත හැකිය. සාමාන්‍යයෙන් ස්ක්‍රබ් එකක් සිදු කරන්නේ සතියකට වරක්ය. නමුත් විඩාබර, තෙල් සහිත සමක් හිමි නම් සතියකට දෙවතාවක් ස්ක්‍රබ් සත්කාරය කර ගත හැකිය. වඩාත් වියළි සංවේදී සමකට නම් දින 10 - 15කට වරක් ස්ක්‍රබ් කිරීම සුදුසු වන්නේ සමට හානි විය හැකි නිසයි.
ස්ක්‍රබ් සත්කාරය නිවෙසේදීම
ස්ක්‍රබ් කිරීමට අවශ්‍ය අමුද්‍රව්‍ය සියල්ලම ඔබේ නිවෙසේ මුළුතැන්ගෙයින් පහසුවෙන්ම සොයා ගත හැකිය.
• බේකින් සෝඩා තේ හැඳි 1/2කට සීනි තේ හැඳි 1/2 එක්කර ගන්න. සමට හානි විය හැකි නිසා සීනි කැට හොඳින් කුඩු කර ගන්න. සම තෙල් සහිත නම් දෙහි බින්දු තුනක් පමණ එයට එක් කරගෙන මිශ්‍රණය සාදා ගත හැකිය. මේ වෙනුවට රෝස වතුර හෝ ඨපඥඥද බඥච බින්දු කිහිපයක් මිශ්‍ර කරගෙනද එය කලවම් කරගත හැකියි. දුඹුරු පැහැති සීනි තෝරා ගැනීම වඩාත් සුදුසු වන අතර වතුර යොදාගෙන එය මිශ්‍ර කරගෙන සාදාගත් ස්ක්‍රබ් එක මුහුණේ ආලේප කර ගත හැකියි.
කෝපි කුඩු ස්ක්‍රබ්
කුරුලෑ සහිත සමකට නම් සීනි වැනි කැට සහිත ස්ක්‍රබ් එක සුදුසු නොවන්නේ සම සීරීමෙන් හානි විය හැකි නිසයි. මේ වෙනුවට කෝපි කුඩු හෝ තේ කොළ ස්වල්පයක් ගෙන දෙහි බින්දු කිහිපයක් මිශ්‍ර කර මුහුණ අත් හා ඉකිළි, කිහිලි වැනි ප්‍රදේශවල ආලේප කර ගත හැකියි.
පිටි වර්ග
අත්වල වැළමිට හා ඉකිළි, කිහිලි වැනි ප්‍රදේශ අවපැහැ ගැන්වෙන නිසා එවැනි සමකට කැකුළු හාල් පිටි හා කුරක්කන් පිටිද සමානව ගෙන වතුරෙන් මිශ්‍රකර සහිඳ ලුණු හෝ නිවෙසේ ඇති ලුණු ස්වල්පයක් එයට මිශ්‍ර කරගත හැකියි. දැන් එම ස්ක්‍රබ් ආලේපනය ඉහත කී ස්ථානවල ආලේප කර ගත හැකියි.
පැක් එකක්
ඉහත ආකාරයට සම පැහැපත් කරන ස්ක්‍රබ් එකක් ඔබට නිවෙසේදීම පහසුවෙන් සකසා ගත හැකි වීම විශේෂත්වයකි. මෙම ස්ක්‍රබ් සම මත ආලේප කර පැය 1/2ක් පමණ තබා සෝදා ඉවත් කර ගන්න. ඉන් අනතුරුව සමට පෝෂණයක් ලබාදිය හැකි පැක් එකත් ගැල්වීමට ඔබට හැකියි. කුඩුකරගත් දොඩම් ලෙලි, කුඩු කරගත් ආමන්ඩ් කුඩු, වෙනිවැල් හා කස්තුරි මිශ්‍ර කරගෙන පැක් එකක් සාදා ගත හැකියි. මෙය පැය 1/2 ක් පමණ තබා ඉවත් කරගත හැකියි. මෙය ස්ක්‍රබ් එකක් ලෙස මෙන්ම සමට පෝෂණය ලබාදෙන සත්කාරයක් ලෙසත් යොදා ගත හැකියි.
ස්ක්‍රබ් සත්කාරයේ වාසි
කුණු දූවිලිවලට නිරාවරණය වීම නිසා එකතු වන මැරුණු සම ඉවත් නොකරන්නේ නම් සම දුර්වර්ණ වෙමින් රැලි ස්වභාවයක් ඇති වෙයි. පෝෂ”ය ස්ක්‍රබ් සත්කාරයෙන් සමට අමතර පෝෂණයක් ද ගෙනදීමට සමත් වෙයි.
සරලව වෘත්තාකාරව මුහුණ මෘදුව සම්බාහනය කිරීමෙන් සම පිරිසිදුවීම පමණක් නොව කාන්තිමත් බවක්ද ගෙනදෙයි. සමේ තෙල් ස්වභාවය අඩුවෙමින් ඡතචජඬ ඩඥචඤඵ, ඹඩඪබඥ ඩඥචඤඵ ද යම් ප්‍රමාණයකට ඉවත් කර ගත හැකියි. සමේ දුර්වර්ණ හා මලානික බව පහව යයි. මුහුණට පමණක් නොව පාදවලට සිදු කරන ස්ක්‍රබ් සත්කාර නිසාද නිරෝගී පැහැපත් දෙපා හිමි කර ගැනීමට ඔබට හැකියාව ඇත
Wmqgd .ekSu /�K mqj;am; weiqfrks