Beauty
නිවැරදිව මුහුණ සෝදන ආකාරය
අපි හැමෝම හැමදාම මුහුණ සෝදනවා. ඒ නිසා අපි හිතන්නේ මුහුණ හෝදන එක හරිම ලේසියි. ඒක කරන හරි විදිහ අපි දන්නවා කියලා. නමුත් අපි පුංචි පුංචි වැරදි දේවල් කරනවා වෙන්න පුළුවන්. මේ පුංචි වැරදිවලින් අපි අපේ මුහුණට ලොකු හානියක් කරගන්නවා වෙන්න පුළුවන්. ඒ නිසා නිවැරදිව මුහුණ සෝදන හැටි ඉගෙන ගන්න. එතකොට මුහුණ පැහැපත්ව ලස්සනට දිගු කාලයක් තියාගන්න පුළුවන්.
1. අත් දෙක සෝදගන්න.
මුහුණ සෝදන්න කළින් අත් දෙක සෝදන්න මතක තියාගන්න. මොකද අපි දවස පුරාම කරන හැම වැඩකදිම අත් දෙක පාවිච්චි කරන නිසා අපේ අත්වල බැක්ටීරියා හා වෙනත් විෂබීජ තැවරෙන්න පුළුවන්. ඒවා ඉවත් කරගන්න නම් අපි සබන් යොදා හොඳින් අත් සේදිය යුතුයි.
2. කොණ්ඩෙ පිටුපසට කරලා හොඳින් ගැට ගසා ගන්න.
නැත්නම් මුහුණ සෝදනකොට කොණ්ඩෙ තෙමෙනවා.
3. Make up ඉවත් කර ගන්න
තමන්ගේ සමට ගැළපෙන cleanser එකකින් make up remove කරගන්න. පළමුවෙන්ම eye make up තියෙනනවා නම් ඒක අයින් කරගෙන මුහුණ circular (රවුම්) හැඩයට massage කරලා cleansing wipe එකකින් ඉවත් කරගන්න.
4. මුහුණ තෙමා ගන්න
පිරිසිදු වතුරෙන් මුහුණ තෙමාගන්න. එතකොට ඔයාගේ මුහුණ cleanser එකකට සූදානම් වෙනවා. ඒ වගේම deep cleansing එකකට pores විවෘත වෙනවා.
5. cleanser ආලේප කරන්න
ඔයා තෝරාගත්ත cleanser එකෙන් ටිකක් ඇඟිලි තුඩුවලට අරගෙන ඔයාගේ මුහුණේ හැමතැනම circular motion (රවුමට රවුමට) massage කරන්න. නළල, නාසය, කම්මුල්, නිකට, බෙල්ල… මේ සෑම තැනක්ම massage කරන්න.
6. සීතල වතුරෙන් මුහුණ සොදාගන්න
පිරිසිදු වතුරෙන් හොඳට මුහුණ සෝදා cleanser එක ඉවත් කරගන්න. මේ සඳහා cotton pads පාවිච්චි කරන්නත් පුළුවන්. සීතල වතුර නිසා මුහුණේ ඇති pores විවෘත වෙනවා. ඒ විතරක් නෙවෙයි, මුහුණේ රුධිර සංසරණය වැඩි වෙනවා.
Wmqgd .ekSu ��ir weiqfrks