Beauty
නිරෝගී, සුසිනිඳු සමක් සඳහා ගත යුතු ආහාර මෙන්න
ප්‍රමාණවත් පරිදි ජලය පානය කිරීම
ප්‍රමාණවත් තරම් ජලය සිරුරේ ඇති විට සමේ තෙතමනය වැඩි වනවා. ඒ නිසා සමේ නම්‍යශීලී බවද වැඩි වන අතර සැමට පැහැපත් පෙනුමක්ද ලැබෙනවා. ඊට අමතරව රුධිර සංසරණය ක්‍රියාවලියට ද එය ඉමහත් රුකුලක්. දිනකට අවම වශයෙන් ජලය වීදුරු 8ක් පමණ පානය කරන ලෙසයි වෛද්‍යවරුන් උපදෙස් ලබා දෙන්නේ. ඊට අමතරව පළතුරු වැඩිපුර ආහාරයට ගැනීමත් වැදගත්.
සෙලේනියම් අඩංගු ආහාර
මෙම ඛණිජ ලවණය සමේ පිළිකා ආදියෙන් වැලකීමට ආරක්ෂාව ලබා දෙන බව කියැවෙනවා. ඊට අමතරව වියළි සමක් ඇති වීම වැලැක්වීම, සමේ පටක වලට වන හානි වැලැක්වීම ආදියටද සෙලේනියම් අඩංගු ආහාර ගැනීම වැදගත්. පියලි හා ඇට වර්ග, පලතුරු හා නොපිසන ලද එළවළු, හතු, කුණිස්සෝ, බල මාළු, පිසින ලද හරක් මස්, සාඩින්, කකුළුවන් ආදිය සෙලේනියම් බහුලව ඇති ආහාර වර්ග ලෙස සැලකෙනවා.
ප්‍රතිඔක්සිකාරක අඩංගු ආහාර
සම ඉක්මනින් වයසට යාම වැළක්වීමට නම් ප්‍රතිඔක්සිකාරක අඩංගු ආහාර ගැනීම කළ යුතුයි. ආහාරවල පවතින විටමින් සහ ඛනිජ (විටමින් ඒ, සී, ඊ සහ සෙලේනියම්) ප්‍රතිඔක්සිකාරක ලෙස ක්‍රියාකරනවා. ඉතා ඉහළ ප්‍රතිඔක්සිකාරක ප්‍රභවයන් ලෙස ධාන්‍ය, පියලි හා ඇට වර්ග පලතුරු හා නොපිසන ලද එළවළු යනාදිය සැලකිය හැකි අතර දෙළුම්, මිදි, දොඩම්, වියළි මිදි, අන්නාසි, නාරං, ඇපල්, පැණි කොමඩු, එළවළු,තක්කාලි, බීට්, ලෙමන්, නිවිති, වියළි පලතුරු,රටඉඳි ආදී විටමින් C බහුල ආහාර ද ප්‍රතිඔක්සිකාරක අඩංගු ආහාර ඝනයට අයත් වනවා.
සම සුරැකීම සඳහා විටමින් A
සමේ මැරුණ සෛල වෙනුවට අලුතෙන් සෛල නිපදවා සම ඉක්මනින් යථා තත්වයට පත්කිරීමට උපකාර වන්නේ විටමින් A. දොඩම්, කැරට්, බිත්තර, අඩු මේද කිරි ආහාර හා පලා වර්ග වල විටමින් A බහුල වශයෙන් අඩංගු වනවා.
හිරු එළියෙන් සම ආරක්ෂා කිරීමට විටමින් C
බ්රොකොලි, රතු බෙල් පෙපර්ස්, ගස්ලබු ආදිය මෙන්ම මීට ඉහතින් සඳහන් කළ එළවලු හා පළතුරු වර්ගවල විටමින් C අඩංගු වනවා.
නිරෝගී සමක් උදෙසා විටමින් E
ධාන්‍ය වර්ග, ගස් ලබු, නිවිතිය, වට්ටක්කා ආදියේ විටමින් E බහුල වශයෙන් අඩංගු වනවා.
මේද වර්ග
ඔමේගා 3s, සහ ඔමේගා-6s යන මේද වර්ග සැමට ඉතාමත් හිතකරයි. එමගින් සමේ වියළි බව නති කිරීමට හා සම මතුපිට ඇති කැළැල් ඉකමනින් මකා දැමීමට උපකාරී වන අතර සැමට වඩා තරුණ පෙනුමක් ලබා දෙනවා. ඔලිව්, මැකරල් වැනි මාළු වර්ග, වොල්නට්ස් ආදියෙන් ඔමේගා මේද අඩංගු ආහාර වර්ග කිහිපයක්.
Green Tea
සම මතුපිට ඇතිවන දැවිල්ල, හිරු එලියට නිරාවරණය වීම නිසා සැමට සිදුවන හානි දුරු කර ගැනීමට ග්‍රීන් ටී මහඟු ඔසුවක්.
(under the courtesy of hirutv.lk blog web)