Life
නිරෝගී දරු උපතකට මවගේ පමණක් නොව පියාගේ වයසද බලපානු ඇත
සංජානනීය ආබාධ පිළිබඳ අපි කතා බහ කරමු. සංජානනීය ආබාධ යනු උපතේදී දරුවන්ට
ඇති වන ආබාධ වන අතර උපන් දරුවාගේ විකෘතිතා මතු පිටතින් හඳුනාගත හැකි වීමේදී
අංගවිකල දරුවෙකු යෑයි කියමු. එහෙත් පිටතට නොපෙනෙන ආබාධ එනම් කන දක්නට
තිබීමේදී දරුවාට නෑසීම දෙනෙත පැහැදිලිව තිබීමේදී නොපෙනීම යන කාරණා
හඳුනාගන්නට වන්නේ පරීක්ෂණ සිදු කිරීම තුළින් කරුණු අවබෝධ කර ගැනීමෙනි.
සංජානනීය
ආබාධ රහිත දරුවකු බිහිකර ගැනීමේ ක්‍රමයක් නොමැති අතර එහෙත් ඒවා වළක්වා
ගැනීමේ ක්‍රමවේද තිබේ. ඒ සඳහා ප්‍රධාන කොටම දරුවා සැලසුම් කළ දරුවෙකු
ලෙසින් පිළිසිඳගැනීමට සූදානම් කර ගත යුතුය. එවිට සීයයට සීයයක්ම නැතත්
සංජානනීය ආබාධ වළක්වා ගැනීමේ හැකියාව ලැබෙන්නේය.
කාන්තාවකට වයස
අවුරුදු 20 සිට 35 අතර කාලය තුළ දරු පිළිසිඳ ගැනීමකට සුදුසුම කාලය වන අතර
වයස අවුරුදු 35-40 වැනි වයසක පිළිසිඳ ගැනීමේදී සිදුවන ජාන විකෘතිතා 35 අඩු
වයසේදී පිළිසිඳ ගැනීමෙන් වළක්වා ගත හැක. වයස අවුරුදු 35-40 වැනි වයසේදී
වැඩි ප්‍රවණතාවයක් මත සිදුවිය හැකි ජාන විකෘතිතාවල බලපෑම සිදුවන්නේ
කලලයටය.
ශුක්‍රාණුව සහ ඩිම්බය සංසේචනය වී සෛල බෙදෙන විට ජාන
විකෘතිතා හමුවේ වෙනස් කම් සිදුවීම් වළක්වා ගැනීමට නම් අවදානම් වයස්
කාණ්ඩවල පිළිසිඳ ගැනීමෙන් වැළකී සිටීමට වගබලා ගත යුතුය.
බොහෝ දුරට
සමාජ පසුබිම හමුවේ දරු පිළිසිඳ නොගැනීමද, අංගවිකල දරුවන් බිහිවීමද, ජාන
විකෘතිතා මත දරුවන් ආබාධ තත්ත්වයට පත්වීමද මවගේ වරද ලෙසින් සලකන සමාජයක එහි
සම්පූර්ණ වරද මවට පමණක් නොව පියාටද ඇති බව අමතක නොකළ යුතුය. නිරෝගී දරු
උපතකට මවගේ වයස පමණක් නොව පියාගේ වයසද බලපානු ඇත.
එමෙන්ම ලේ ඥාතී
විවාහයද නිරෝගි දරු උපතකට ඇති කරන බාධා ඉහළ අගයක පවතී. තවද බොහෝ අය සිතා
සිටින්නේ පවුල් සැලසුම යනු දරු පිළිසිඳ ගැනීම වළක්වා ගැනීමට ඇති ක්‍රමයක්
පමණක් බවයි. එහෙත් එය එසේ නොවේ. තමන්ට අවශ්‍යතාවය මත දරුවන් ලබා ගැනීමට
මෙන්ම දරුවන් අතර පරතරයක් තබා ගැනීමට පවුල් සැලසුම් ක්‍රමවල වැදගත්කම
ඉහළය. සැබැවින්ම එය නිරෝගී දරු උපතකට පිටිවහලක් වනු ඇත.
කාන්තාවක්
ගැබ් ගැනීමට සූදානම් වීමේදී උසට සරිලන බර ප්‍රමාණය තිබීම වැදගත්ය.
ස්ථුලභාවය යනු දියවැඩියාව වැනි රෝග තත්ත්වයන් ඇති වීමට ප්‍රබල සාධකයකි.
දියවැඩියා, වලිප්පුව, තයිරොයිඩ් වැනි තත්ත්වයන් සඳහා ප්‍රතිකාර ලබා ගන්නේ
නම් හිතු මනාපයට පිළිසිඳ ගැනීම සුදුසු නැත. අනිවාර්යයෙන්ම ප්‍රසව සහ නාරි
රෝග විශේෂඥ වෛද්‍යවරයකු මුණගැසී උපදෙස් ලබා ගැනීමෙන් පසු පිළිසිඳ ගැනීමකට
යා යුතුය.
ෙµdaලික් අම්ල පෙත්ත යම් කාන්තාවක් ගත යුතු වන්නේ පිළිසිඳ
ගැනීමකට දින 30 කට වත් පෙර සිටය. ලෝක සෞඛ්‍ය සංවිධානය මගින් මේ බව
පැහැදිලිව පෙන්නුම් කර දී ඇත්තේ දිනකට ෂපට පෙත්තක් අනුමත කරමිනි. පවුලේ
සංජානනීය ආබාධිත දරුවකු සිටී නම් 4 පට පෙත්තක් අනුමත කර තිබේ. ෙµdaලික්
අම්ල පෙත්ත ගැනීමෙන් හිස් කබල විකෘතිතා, කොඳු ඇට පේළියේ ආබාධ වළක්වා ගත
හැක.
රුබෙල්ලා පාසල් වයසේ සිට දරුවන්ට ලබා දෙන තත්ත්වයක් අද සමාජය
තුළ දක්නට ලැබේ. එහෙත් අදටත් මෙම එන්නත ලබා නොගත් සුළු පිරිසක් හෝ දක්නට
ලැබීම කනගාටුවට කරුණකි. ගැබ් ගැනීමකට පෙර පවුල් සෞඛ්‍ය නිලධාරිනිය හමු වී
රුබෙල්ලා එන්නත ලබා ගැනීම ඉතා වැදගත් බව මතක තබා ගත යුතුය.
උපදංශ
රෝගයද නිරෝගී දරු උපතක් වළක්වන බව අද වන විට බොහෝ දෙනා දන්නා කාරණාවකි.
උපදංශය සමාජ රෝගයක් වීමේදී ප්‍රතිකාර සඳහා සැඟවෙන තත්ත්වයක් සමාජය හමුවේ
තිබේ. එහෙත් දරු පිළිසිඳ ගැනීමක් බලාපොරොත්තු වන්නේ නම් " උපදංශය සඳහා"
ප්‍රතිකාර ලබා ගනිමින් වෛද්‍ය උපදෙස් මත කටයුතු කළ යුතුය.
ටොක්සෝප්ලැක්මා
පරණ වූ මස් මාංශවල ජීවත් වේ. ඒවා අනුභවයෙන් කලලයට විකෘති ඇති කරන
තත්ත්වයත් තිබේ. පූසන් සුරතලයට ඇති කරන්නේ නම් ගැබ් ගැනීමට සූදානම් වන
කාලසීමාව තුළ පූසන් සුරතලෙයෙන් ඈත් වී සිටීමටද වගබලා ගත යුතු වන්නේ නිරෝගී
දරු උපතක් ලබා ගැනීම වෙනුවෙනි.
විකෘති කලල ස්වභාවයෙන්ම ගබ්සා කරන
තත්ත්වයක් තිබේ. බොහෝ විට ඩිම්බය සහ ශුක්‍රාණුව සංසේචනය වී ගර්භාෂයේ
තැන්පත් වීම වළකී. තැන්පත් වුවද ටික දිනකින් ගබ්සා වන තත්ත්වයක් තිබේ. ඒ
කෙසේ වුවද විකෘති කලල වර්ධනය වන අවස්ථා නැත්තේ නොවේ.
ස්වභාවිකව
විකෘති කලල ගබ්සා වුවද එවැනි කලලයක් වර්ධනය වීමේදී කෙතරම් භයානක විකෘතිතා
හඳුනා ගත්තද ශ්‍රී ලාංකික නීතිsය අනුව දරු ගැබක් කෘත්‍රීම ගබ්සාවකට භාජනය
කිරීමේ හැකියාවක් අප සතුව නොවේ.
විදේශීය රටවල අවුරුදු 35-40 වැනි
වයසක ගැබ් ගැනීමේදී රුධිර පරීක්ෂාවක් මගින් කලලය විකෘති බව දැනගත්තේ නම්
මවගේ කැමැත්ත මව දරු ගැබ අයින් කිරීමේ හැකියාව තිබේ.
අයඩින් ඌනතාවය,
දරු උපතකට සූදානම් වන මව ගන්නා වූ ආහාර එනම් කෘත්‍රිම රසකාරක බහුල ආහාර
වර්ග, මව ආලේප කරන ආලේපන කොටින්ම මව ආශ්වාස ප්රාශ්වාස කරන වාතය පවා කලලයට
බලපෑම් කරන බව සොයා ගෙන ඇති කරුණු අතර ප්‍රධානය.
තවත් විටෙක කලලයට
සුදුසු වන පැවැතුම් හමුවේ උපන් දරුවාට යම් විකෘතිතාවයක් නොවුවද එම දරුවාගේ
දරුවන්ට ඒවායේ බලපෑම් විය හැකි බව පෙනී ගොස් ඇත.
කරුණු කාරණා
එලෙසින් වන නිසාම නිරෝගී දරු උපතක් වෙනුවෙන්, එම දරුවාගේ, දරුවන් නිරෝගී
දරුවන් වීම වෙනුවෙන් (ඊළඟ පරම්පරාව වෙනුවෙන්) ආහාර පාන, ආලේපන, ඩයි වර්ග,
මෙන්ම ගමන බිමන පවා සැලකිලිමත් විය යුතු වන්නේ නිරෝගී දරු උපතක අගය මිල කළ
නොහැකි වීම නිසාවෙන්මය.
දරු පිළිසිඳ ගැනීමේදී ස්කෑන් පරීක්ෂණ
මගින් බඩ ඇතුළේදීම හදාගත හැකි දේ ප්‍රසව හා නාරි රෝග විශේෂඥ වෛද්‍ය උපදෙස්
මත නිවැරදි කර ගත හැකි වුවත් එසේ නොවන අවස්ථාවලදී දරුවා ආබාධිත දරුවකු
ලෙසින් මෙලොව බිහිවන අවස්ථාවේදී සූතිකාගාරයට ළමා රෝග විශේෂඥ වෛද්‍යවරයෙකු
කැඳවනු ලබන්නේ උපදින දරුවාගේ වැඩි ආරක්ෂාව සඳහාය.
Wmqgd .ekSu Èjhsk mqj;a m; weiqfrks