සුන්දර දෙඅත් පිළිබඳව සැලකිලිමත් වන ඔබට එහි අලංකාරය තව තවත් වැඩිකරන නියපොතු ගැන අමතක කළ නොහැකියි. ඔබගේ නියපොතු ආලේපන මගින් පමණක් අලංකාර කරගත නොහැකි වන අතර එය ආරක්ෂා කරගැනීම සඳහා බොහෝ දේවල් සාමාන්‍ය ජීවිතය තුළ ඔබට කරගත හැකියි. එමනිසා නිරෝගිමත් නියපොතු අලංකාරය සඳහා පමණක්ම නොව සුන්දර දැත් යුගලක් සඳහා ද ආභරණක් වේ.
රෙදි සේදීම වැනි දිනපතා ක්‍රියාකාරකම්වලදී අපට නොදැනුවත්වම නියපොතුවල සහය අපි ලබාගනිමු. සාමාන්‍යයෙන් නිය ප්‍රශ්න ක්ෂණිකව බලාගත නොහැකියි. එය බොහෝ කලක සිට පවතිමින් තනි රෝගයක් ලෙස පෙනීමට පටන් ගන්නේ පසු කාලීනවයි. සමහර නිය ගැටළු සඳහා හේතුවන්නේ අභ්‍යන්තර රෝග තත්ත්වයන් ය. තවත් ඒවා රෝගයක අතුරු ආබාධයන් ය. එම නිසා නිය රෝග අතර වඩාත් බහුල රෝග තත්ත්වයන් කිහිපයක් පිළිබඳව ඔබගේ අවධානය අපි යොමු කරමු.
නියපොතු අවපැහැ ගැන්වීම - ෘසිජදකදමරුා භ්සකි
නියපොතු අවපැහැ ගැන්වීම හොඳින් හඳුනාගත හැකි රෝග තත්ත්වයකි. මෙය පැහැදිලිව හඳුනාගත හැක්කේ සාමාන්‍ය නියපොතුවල පැහැය වෙනත් පැහැයකට හැරෙමින් දිස්වන නිසාය. මෙම නියපොතු ඇතැම්විට කහ පැහැය, නිල් පැහැය, රතු පැහැය, කොළ හෝ දම් වැනි පැහැයන්ගෙන් දිස්වනු ඇත.
කෙනෙකුගේ මුළු නියපොත්තම සමහරවිට අවපැහැයෙන් දිස්වන අතර තවත් කෙනෙකුගේ නියපොතුවල කොටසක් පමණක් අවපැහැයෙන් දිස්වීමට පුළුවන. මෙම අවපැහැයට හේතුව හරියටම අධ්‍යනය කළ යුතු අතර එය පැහැදිලිව හඳුනා ගෙන ප්‍රතිකාරවලට යොමුවිය යුතුය.
නියපොතු අවපැහැයට හේතුව ඇතැම්විට සෞඛ්‍යමය ගැටළුවක අතුරු ආබාධයක් විය හැකියි. එම නිසා විශේෂඥ වෛද්‍යවරයෙකු හමුවී වෛද්‍ය උපදෙස් ලබාගැනීම වහාම කළ යුතුය.
නියපොතු අවපැහැවීම නිසා ඇතිවන මානසික තත්ත්වය අවම කරගැනීම සඳහා තාවකාලික විසඳුමක් ලෙස ඔබට නිය ආලේපන භාවිතය මගින් අවපැහැය වසා ගැනීම සහ කෘත්‍රීම නියපොතු භාවිතය කළ හැකිය.
කැඩෙන සුළු නියපොතු - ෑටටියැකක භ්සකි
මෙම තත්ත්වය යටතේ නියපොතු පහසුවෙන් කැඩීමට පටන්ගන්නා අතර එම නිසා නියපොතු නිරන්තරයෙන් හානියට පත්වේ. නියපොතුවල ඝනකම එන්න එන්නම අඩුුවන අතර වර්ධනයේදී වක්රකාර නියපොතු බවට පත්වේ. නියපොතු පහසුවෙන් නැමෙනසුළු වීම නිසා කැඩීමට ලක්වේ.
කැඩෙන සුළු නියපොතු තත්ත්වයට බලපාන ප්‍රධාන සාධකය වන්නේ මහා මාර්ගවල ඇති අපිරිසිදුතාවයට සහ කුණු දූවිලිවලට නියපොතු නිරාවරණය වීමයි. එමෙන්ම විටමින් සහ ඛනිජලවණ ඌනතාවය නිසා නියපොතුවල පෝෂණය දුර්වලවීම මෙයට හේතුවේ. මෙම තත්ත්වයට ද ඇතැම් රෝගවලට ගන්නා ඖෂධ හේතුවිය හැකියි. කැඩෙන සුළු නියපොතුවලින් මිදීම සඳහා ආහාර රටාව වෙනස් කිරීම සහ ඖෂධ භාවිතයේ ඇති ගැටළු සොයා බලා ඒ අනුව කටයුතු කිරීම වැදගත් වේ.
වර්ධනය නොවන නියපොතු - ෂබටරදඅබ භ්සකි
මෙම රෝග තත්ත්වයට වඩාත් ගොදුරුවන්නේ පාදවල නියපොතුය. වර්ධනය නොවන නියපොතු නිසා එම නියපොත්ත වටා ඇති සම වර්ධනය වීමට පටන්ගනී. නියපොත්ත පැත්තට වර්ධනයවීමක්ද දැකබලා ගත හැකියි. සාමාන්‍යයෙන් වර්ධනය නොවන නියපොතු පිළිවෙළට කරනා නියපොතු කැපීමක් මගින් සහ පිරවීමේ ක්‍රමවේදයක් මගින් ආවරණය කරගත හැකියි.
නුසුදුසු පාවහන් සහ සපත්තු භාවිතය නිසා ද නියපොතු වර්ධනය අඩාල වේ. එමෙන්ම පාදවල ආබාධයන් සහ නියපොත්තේ ඇ1ගිල්ලට සම්බන්ධවන කලාපයේ ආබාධයන් පවා මේ නිසා ඇතිවේ.
මෙවැනි රෝග තත්ත්වයකට ප්‍රතිකාර කිරීමේ සරල ක්‍රමය වන්නේ පෙඩික්‍යු ප්‍රතිකාරයයි. එමෙන්ම වර්ධනය නොවන නියපොතු ශල්‍යකර්මයක් මගින් ඉවත් කිරීමත් කරනු ලබයි. නියපොතු ගැඹුරට වර්ධනය වී ඇත්නම් එවැනි කෙනෙකු වෛද්‍යවරයෙකු ලවා ප්‍රතිකාර ගැනීම වැදගත් වේ. එහිදී ද ශල්‍යකර්මයක් මගින් එම තත්ත්වයට පිළියම් යොදයි.
නිය ගැටළු බොහෝ මිනිසුන්ගේ ජීවිත තුළ පොදු ප්‍රශ්න වන අතර ඔවුන් බොහෝදෙනෙකු එයින් පීඩා විඳිති. ඒවා ගණන් නොගැනීමෙන් අවසානයේ වේදනාකාරී බරපතල ගැටළු රැසක් මතුවිය හැකියි. විශේෂයෙන් මෙවැනි රෝග තත්්ත්ව මුල් කාලයේදී හඳුනාගැනීමෙන් සහ අදාල ප්‍රතිකාරවලට යොමුවීමෙන් සුන්දර නියපොතු අහිමිවීමේ බරපතල තත්ත්වයෙන් ඔබට මිදිය හැකිවේ.
සටහන හරින්දී ලියනගේ
(under the courtesy of goodhousekeeping.lk web)