Life
නිදිමතේ වැඩ කිරීමෙන් නින්දයි වැඩෙයි දෙකම හරියට කෙරෙන්නේ නෑ
මිනිසකුගේ ජීවිත කාලයෙන් තුනෙන් එකක් පමණ ගත කරන්නේ නින්දේ බව ඔබ දන්නවා ද? වටිනා ජීවිතයෙන් මේ තරම් කාලයක් නින්දට වැය කරන්නේ කුමක් සඳහා දැයි ඔබට සිතෙන්නට පුළුවන්. එහෙත් අවදිව සිටීම මෙන්ම හොඳ නින්ද ද මිනිසාට අත්‍යවශ්‍යයි. සුවබර නින්ද කෙනෙක් කායිකවත් මානසිකවත් ප්‍රබෝධයෙන් තබයි. අද සාකච්ඡුා කෙරෙන්නේ නින්ද ගැන බොහෝ දෙනකුට බලපාන ගැටලූ පිළිබඳවයි.
නිරෝගී ජීවිතයක් පවත්වා ගැනීමට සාමාන්‍ය පුද්ගලයකු දිනකට කොපමණ වේලාවක් නිදාගත යුතු ද?
එය පුද්ගලයාගෙන් පුද්ගලයාට වෙනස්. වයොවෘද්ධ අය සාමාන්‍යයෙන් නින්දට වෙන් කරන්නේ පැය හයකටත් අඩු කාලයක්. එහෙත් කුඩා දරුවන් දවසේ දිගු කාලයක්. පැය 12 -16 ක් තරම් නිදා ගන්නවා. තරුණයන් හා වැඩිහිටියන් පැය 7