Health
නිතර කෝලා වර්ග පානය කළාම අස්ථි දිරනවද?
සමහර වෙලාවට පිපාසයක් ඇතිවුණාම ලෝදිය හරි කමක් නෑ තිබහ නිවාගන්න කියලා සමහරු කියනවනේග ඒත් ලෝදිය නම් බිව්වත් කමක් නැහැග පැණි බීමල ඒ විතරක් නෙමෙයි කෝලා වර්ග නම් බොන්න එපා කියලා තමයි වෛද්‍යවරු කියන්නේග ඊට හේතුව නම් මේ වෙනකොටත් ඔබ දන්නවා ඇතිග ඒත් හැම වෙලාවකම මේ දේවල් ගැන අහලා දැකලා තිබුණත් සමහර අයට මේ පුරුද්ද අත්හැරගන්න බැරි නිසා ආයෙත් මතක් කර ගනිමුදරෑ
පැණි බීම වර්ගල අධිකව සීනි යෙදූ කෝලා වර්ග දියවැඩියාවල අධිරුධිර පීඩනය විතරක් නෙමෙයි ස්ථුලතාව වගේ බෝ නොවන නමුත් භයානක රෝගවලට මූලික හේතුවක්ග කොහොම හරි මේ කථාබහ අතරේ පැණි බීම වර්ග ඒ වගේම කෝලා වර්ග නිසා අස්ථි දිරා යනවා කියලා කථාවකුත් තියෙනවාග ඇත්තද මේ කථාවරෑ
ඇත්තෙන්ම මූලිකව සඳහන් කළ යුතු වන්නේ කෝලා වර්ග සහ අස්ථි දිරායාම අතර ඍජු සම්බන්ධතාවක් නොමැති බවයිග නමුත් පොදුවේ බැලූ විට ආහාරයක් වශයෙන් එවැනි බීම වර්ගවල ශරීර සෞඛ්‍යයට හිතකර කිසිත් අඩංගු නොවන බව සඳහන් කළ යුතුයිග
උදාහරණයකට මෙවැනි පාන වර්ගයක් වෙනුවට කිරි වැනි පානයක් පිළිබඳ සලකා බැලුවහොත් කිරිවල ප්රෝටීනල කැල්සියම් වැනි පෝෂක කොටස් අඩංගු වෙනවාග ඒ වගේම පලතුරු යුෂත් පෙර සඳහන් කළ කෝලා වර්ග පානය කරනවාට වඩා ගුණදායකයිග කෙසේ වෙතත් යම් අයකුගේ අස්ථි දිරායාම සඳහා යම් ලෙසකින් බලපෑමක් එල්ල වෙනවා නම් ඊට හේතුව කෝලා වර්ගවලට වඩා කිරි වැනි ආහාර නොගෙන සිටීම බව නම් වෛද්‍ය විද්‍යාත්මකව සනාථ කළ හැකි සත්යයක්ග
නමුත් වෛද්‍ය විද්‍යාත්මකව බලනවා නම් වඩාත් වැදගත් වන්නේ කෝලා වර්ග වැනි පෝෂ්‍යදායී නොවන පාන වර්ග ලබා ගන්නවාට වඩා හැකි තරම් ස්වභාවික මෙන්ම පෝෂණ ගුණයෙන් අනූන පාන වර්ග භාවිතයට ගත යුතු බවයි
curtesy :
dinamina.lk