Health
නැවත නැවත හෘදයාබාධ වැළඳීම අඩු කරළන
නව බෙහෙතක් සොයා ගැනේ
හෘදයාබාධයක් වැළඳීම වළක්වනා බවට අනාවරණය වී ඇති ,කැනකිනුමැබ්, බෙහෙත් වර්ගය හෘදය වස්තුවෙහි ධමනිවලට හානි කරනු ලබන රුධිරගත ද්‍රව්‍යයන් අවහිර කිරීමට සමත් ප්‍රතිදේහයක් ලෙස පර්යේෂකයෝ හඳුන්වා දෙතිග මෙම බෙහෙත පෙණහලු පිළිකාවලට ගොදුරු වන රෝගීන් මිය යැමේ අවදානම හරි අඩකින් අඩු කරලීමටත් ආත්‍රයිටීස් හා ආත්‍රයිටීස් වර්ගයේ රෝග තත්ත්වයක් වන ,ගවුට්, රෝගය වළක්වාලීමටත් සමත් බවද අනාවරණය වී තිබේග
හෘදයාබාධයන්ට ගොදුරු වීමේ දැඩි අවදානමක් පවතින රෝගීන්ට නැවත නැවතත් දරුණු හෘදයාබාධයන් හා ආඝාත තත්ත්වයන් :ස්ට්‍රොක්- ඇති වීමේ අවදානම සියයට 24 කින් කපා හැරීමට ,කැනකිනුමැබ්, නමැති බෙහෙතට හැකියාව ඇති බව රටවල් 39 ක හෘදයාබාධ වැළඳීමේ අවදානම ඇති රෝගීන් 10ල000 ක් හා වෛද්‍යවරු 1000 ක් උපයෝගී කර ගෙන සිදු කරන ලද දැවැන්ත අධ්‍යයනයකදී හෙළිදරව් වී තිබේග
මෙම දැවැන්ත අධ්‍යයනයෙහි වාර්තාව ස්පාඤ්ඤයේ බාසිලෝනා නගරයේ ඉකුත් ඉරිදා පැවැති ,යුරෝපා හෘද රෝග සංගමයේ, රැස්වීමකදී ඉදිරිපත් කෙරුණු අතර එම වාර්තාව ,නිව් එන්ග්ලන්ඩ් ජ:ර්-නල් ඔෆ් මෙඩිසින්, සඟරාවෙහි පළ කර තිබේග
වසර හතරක කාලයක් පුරා සිදු කරන ලද මෙම අධ්‍යයනයට අනුව මෙතෙක් කල් හෘදයාබාධ වැළඳීම වැළැක්වීමට යොදා ගනු ලැබුයේ කොලෙස්ටරෝල් මට්ටම අඩු කරලීමට සමත් ,ස්ටැටින්ස්, බෙහෙත් වර්ගය හා රුධිරය ආශ්රිත රෝග තත්ත්වයන්ට භාවිත වන බෙහෙත් වර්ගයන්යග
හෘදයාබාධයක් වැළඳීම වළක්වනා බවට අනාවරණය වී ඇති ,කැනකිනුමැබ්, බෙහෙත් වර්ගය හෘදය වස්තුවෙහි ධමනිවලට හානි කරනු ලබන රුධිරගත ද්‍රව්‍යයන් අවහිර කිරීමට සමත් ප්‍රතිදේහයක් ලෙස පර්යේෂකයෝ හඳුන්වා දෙතිග මෙම බෙහෙත පෙණහලු පිළිකාවලට ගොදුරු වන රෝගීන් මිය යැමේ අවදානම හරි අඩකින් අඩු කරලීමටත් ආත්‍රයිටීස් හා ආත්‍රයිටීස් වර්ගයේ රෝග තත්ත්වයක් වන ,ගවුට්, රෝගය වළක්වාලීමටත් සමත් බවද අනාවරණය වී තිබේග
සෑම මාස තුනකට වරක්ම මෙම බෙහෙත එන්නත් කිරීමෙන් හෘදයාබාධ වැළඳීමේ අවදානම ඇති රෝගීන්ගේ එම අවදානම අඩු කරන බව පර්යේෂකයෝ සඳහන් කර සිටිතිග
මෙම නව සොයා ගැනීම පිළිබඳව අධ්‍යයන වාර්තාව ඉදිරිපත් කළ හාවර්ඩ් වෛද්‍ය විද්‍යාලයේ මහාචාර්ය පෝල් රිඩ්කර්ට අනුව මෙය ,නොවාර්ට්ස්, සමාගම විසින් නිපදවනු ලබන අතර එම සමාගම දැනටමත් මෙම බෙහෙත් වර්ගය හෘද රෝග සඳහා භාවිත කිරීම සම්බන්ධයෙන් වෛද්‍ය බලපත්‍රයක් ලබා ගැනීම සඳහා ඉල්ලුම් කිරීමට කටයුතු යොදා තිබේග
හෘදයාබාධයක් වැළඳෙන සෑම අයෙකුටම කොලෙස්ටරෝල් නොමැති වීම නිසා මෙතෙක් හෘදයාබාධ අවදානම අඩු කරලීමට යොදා ගැණුනු කොලෙස්ටරෝල් මට්ටම අඩු කරලීමේ බෙහෙත් හෘදයාබාධ අවදානම ඇති සෑම අයෙකුටම යෝග්‍ය නොවන බව අනාවරණය වී ඇතග
හෘදයාබාධයක් වැළඳෙන අයගෙන් හරි අඩකට කොලෙස්ටරෝල් නොමැති බව අනාවරණය වී ඇති අතර ඔවුන් පළමු හෘදයාබාධය වැළඳී වසර පහක් ගත වීමෙන් පසු දෙවැනි හෘදයාබාධයටද ගොදුරු වන බව හෙළි වී තිබේග
Wmqgd .ekSu Èjhsk mqj;a m; weiqfrks