Life
දෙළුම් ආහාරයට ගැනීමේ වැදගත්කම
ශ්‍රී ලංකාව, ඉන්දියාව, කැලිෆෝනියාව ආදී මධ්‍යධරණි ප්‍රදේශවල දක්නට ලැබෙන දෙළුම් විශාලමය පඳුරුමය ශාක වශයෙන් හෝ කුඩා ශාක වශයෙන් දැකගත හැකිය. ගසේ කටු සහිත වන අතර සාමාන්‍යයෙන් මීටර් 4-12 තරම් උසට වැඩෙන අතර පුෂ්ප දීප්තිමත් රතු පැහැයක් ගනී. දෙළුම් ගසේ ඵලය බොහෝ විට තනි තනිව හටගනු ලබන අතර සමහර අවස්ථාවලදී පොකුරට ගෙඩි 4ක් දක්වා හට ගන්නා අවස්ථා තිබේ.
දෙළුම් ඵලය බීජ රාශියකින් යුක්ත වන අතර කෝණාකාරය. මාංසලමය. බීජ ආවරණයකින් යුතු වන අතර එය රතු හෝ රෝස පැහැයක් ගනී. දෙළුම් පොතු, දෙළුම් මුලේ පොතු, පුෂ්ප, පුෂ්ප අංකුර, දෙළුම් ඵලය හා දෙළුම් ඵලයේ ලෙල්ල ඔෟෂධීය කටයුතුවලට යොදා ගැනේ. ඵලය ප්රණීතවත්ය. කසටය. සිසිලාකාරය. දෙළුම් කාමෝත්ද්වීපික ශාකයක් වන අතර දෙළුම් යුෂ විශාල ඔෟෂධීය ගුණයකින් යුක්තය.
නාසයෙන් ලේ යනවාට