Beauty
දෙපා සඳහා කෙරෙන පෙඩිකිේයා් සත්කාරය
බොහෝ කාන්තාවෝ තම රුවේ සොඳුරු බව රැක ගැනීම සඳහා උනන්දු වෙති. එහෙත් ඔබ තම මුහුණ ලස්සන කරගැනීමට වෙහෙසෙන තරමට ම තමාගේ දෙපා ගැන අවධානය යොමු කරනවාද?
මුහුණ, අත් මෙන්ම දෙපා ද කාන්තාවකගේ සුන්දරත්වයට එකසේ ම වැදගත්. ඒ නිසා දෙපා සඳහා ද නිසි සත්කාර සිදුකර සුන්දර දෙපයක හිමිකාරියක වන්න.
දෙපා, යටි පතුල් සහ දෙපයේ නියපොතු ආදිය මනා අවධානයකින් සත්කාර කරමින් රැක බලා ගැනීම පෙඩිකිේයී ලෙස හැඳින් වේ. කෙනකුගේ පෞද්ගලික පෙනුම වැඩිකර පෙන්වීමට මෙය උපකාරී වේ. දෙපා පරිසරයට නිරාවරණය වීම, පරිසරය හා ගැටීම, විවිධ ශාරීරික රෝගී තත්ත්වයන්ට භාජනය වීම, දෙපයට වෙහෙසකාරී සහ අහිතකර තත්ත්වයන් ඇතිකරවන පාවහන් පැලඳීම ආදිය ම`ගන් අවලක්ෂණ වීම නිසා දෙපයේ පෙනුමට හානි වීම, දෙපයේ සම ඝනකම වීම ආදී තත්ත්වයන්ට බඳුන් වේ. පෙඩිකිේයී සත්කාර ම`ගන් මේවා හොඳින් පාලනයකර ගත හැකි වීම විශේෂත්වයකි.
තවද දෙපයේ ඇතිවන, ගල්තැළුම්, කරගැට, යටිපතුල්වල විශේෂයෙන් විළුඹේ සම ඝනවීම වැනි අහිතකර තත්ත්වයන් ද පෙඩිකියෝ සත්කාර සපයන්නකුට පහසුවෙන් පාලනය කළ හැකිය.
පෙඩිකියෝ සත්කාරයන්හි යෙදෙන රූපලාවණ්‍ය ශිල්පියා හට දෙපයේ ඇති රෝගී තත්ත්වයන් තිබේ නම් ඒවා හඳුනාගෙන සේවාදායකයාට ඒ බව වටහා දී වෛද්‍යවරයකු වෙත යොමු කිරීමේ හැකියාවක් තිබිය යුතුමය. එයට හේතුව, රෝගී තත්ත්වයන්ට ප්‍රතිකාර කිරීම රූපලාවණ්‍ය ශිල්පියකු සතු කාර්යයක් නොවන බැවිනි.
මෙම සේවය සැපයීමට ද විශේෂ උපකරණ, ආම්පන්න බඩු භාණ්ඩ සහ ඒ සඳහාම වන ආලේපන වර්ග ගැන මනා දැනුමක් ද රූපලාවණ්‍ය ශිල්පියා තුළ තිබිය යුතුය.
පෙඩිකිේයී කරීම සඳහා අවශ්‍ය උපකරණ මෙවලම් ආලේපන ආදිය මොනවාදැයි බලමු.
1. දෙපා සේදීමට ෆුට් ස්පා/ ෆුට් බාත් එකක් හෝ නව තාක්ෂණය අනුව නිපදවා ඇති පෙඩිකිේයී ස්ටේෂන් එකක්
2. සේවාදායකයාට පහසු ආසනයක් සහ සේවය සපයන්නාට පහත් ආසනයක්.
3. සේවා සපයන්නාට ඒප්‍රන් එකක්
4. ලොකු තුවා දෙකක්
5. සේවාදායකයාගේ දෙපා රැඳවීමට හැකි උපකරණයක් (තදදඑ රුිඑ)
6. විශේෂ ටෝ නේල් නිපර් (ඔදැ බ්සක බසචචැර) උපකරණය/ ෆුට් ස්ක්‍රේපර්, ෆුට්ි ෆයිල් උපකරණ
7. නියපොතු කපන උපකරණ ඇතුළු නිය සේවාවන්ට භාවිත කරන උපරකණ කට්ටලයක්
8. පියුමික් ස්ටෝන් එකක්
9. විශේෂ පෙඩිකිේයී බ්‍රෂ් එකක්
10. ඔරේන්ජ් ස්ටික් එකක් හා ටිෂූ බොක්ස් එකක්
11. කසල බඳුනක්
- නේල් පොලිෂ් රිමූවර් - නිය ආලේපන ඉවත් කිරීම සඳහා
- ක්‍යූටිකල් සොෆ්ට්නර් - ක්‍යූටිකල් සැහැල්ලු කිරීමට
- සර්ජිකල් ස්පි්රට් හෝ විසබීජ නාශකයක්, ෆුට් ක්ලෙන්සර් එකක්, ස්ක්‍රබ් සහ පැක් එකක්, ෆුට් මසාජිං ක්‍රීම් එකක්, බේස් කෝට්, නේල් කලර්ස්, ටොප් කෝට්
පෙඩිකිේයී කිරීමේ ක්‍රමය•
සේවාදායකයාව අසුන් ගන්වා ඔබ ද අසුන් ගන්න. දෙපා හොඳින් පරීක්ෂාකර බලා, ඒවා අපිරිසුදු නම් විසබීජ නාශකයක් ජලයට එක්කර හොඳින් සෝදා දෙපා ඉන් පිටතට ගන්න. තුවායෙන් පිසදාන්න. ඉන්පසු පරණ නිය ආලේපන ඉවත් කරන්න. දැන් නියපොතුවල රෝගී තත්ත්වයන් හෝ පුස් (දිලීර) වැනි තත්ත්වයන් තිබේද යන්න හා දෙපාවල රෝගී තත්ත්වයන් තිබේදැයි පරීක්ෂාකර බලා ඒවා තිබේ නම් වෛද්‍යවරයකු වෙත යොමු කළ යුතුය. එසේ නැති නම් දෙපාවලට භාවිත කරන පිරිසුදු කාරකයක් ජලයට කලවම්කර දෙපා එහි බහා විනාඩි 10 ක් පමණ පෙඟෙන්නට හරින්න.
ඉන් පසුව දෙපා ඉවතට ගෙන යටි පතුල්වල ඇති ඝන වූ සම, කරගැට, ගල් තැළුම් ඇත්නම් ඒවා මත හොඳින් ෆුට් ස්ක්‍රේපර් උපකරණය හෝ පියුමික් ස්ටෝන් භාවිතකර හොඳින් සම අතුල්ලා ගත යුතුය. ඉන් පසුව ෆුට් ෆයිල් එක ගෙන යටි පතුලේ සම හොඳින් සුමුදු කරගන්න.
පසුව දෙපා සෝදා පිසදමා කියුටිකල් සොෆ්ට්නර් ඇ`ගලිවල ආලේපකර ඔරේන්ජ් ස්ටික් එක ආධාරයෙන් කියුටිකල්ස් පිටුපසට තල්ලු කළ යුතු වේ. දෙපයේ කියුටිකල් කැපීමට භාවිත කරන විශේෂ කියුටිකල් නිපර් උපකරණයෙන් කියුටිකල්ස් ඉතා පරෙස්සමෙන් කපා ඉවත් කළ යුතුයි. මෙහිදී විශේෂයෙන් දෙපාවල ඇ`ගලි තුවාල වීමට වැඩි ඉඩක් ඇති බැවින් වඩා ආරක්ෂිතව සේවාව සැපයීමට පුරුදු පුහුණු විය යුතුය. මෙම පියවරින් පසුව දෙපා නැවත ෆුට් බාත් එකෙහි දමා ෆුට් බ්‍රෂ් එක ආධාර කරගෙන දෙපතුල්, පිටි පතුල් සහ ඇ`ගිලි කරු අතර හොඳින් පිරිසුදු කරමින් සෝදා එම ජලය ඉවත්කර නැවත අලුත් පිරිසුදු ජලය දමාගෙන ඒ තුළ ද දෙපා සේදිය යුතුය.
දෙපයේ ඇති මැරුණු සෛල ඉවත් කිරීමට ස්ක්‍රබ් භාවිතකර පිරිසුදු කළ යුත්තේ ඉන්පසුවයි. හොඳින් ස්ක්‍රබ්කර ඒවා සෝදා ඉවත්කර හොඳින් පිස දමාගෙන ෆුට් පැක් එකක් ආලේප කරන්න. සමේ ස්වභාවය අනුව ගැළපෙන පැක් එකක් රූපලාවණ්‍ය ශිල්පියා විසින් තෝරාගත යුතුය. විනාඩි 20 ක් පමණ සම මත එය තිඛෙන්නට හැර සෝදා ඉවත් කරන්න.
පසුව දෙපයට මහත් සහනයක් ගෙන දෙන ෆුට් මසාජ් එකක් කිරීම අවශ්‍ය වේ. ඒ සඳහා සුදුසු ආලේපන වර්ගයක් තෝරාගෙන ෆුට් මසාජ් හෝ ෆුට් මොයිස්චර්රයිසර් එකක් දෙපාවල ආලේප කර ෆුට් මසාජ් එක කළ යුතු වේ.
දෙපයේ ම සම්බාහනය අවසන් වූ පසු උණුසුම් තුවායක් ගෙන, දෙපා හොඳින් පිරිසුදුකර ෆුට් ලෝෂන් එකක් හෝ ෆුට් මොයිස්චර්රයිසර් එකක් දෙපාවල ආලේප කරන්න.
නියපොතු වටා හොඳින් පිස දමා බේස් කෝට්, නේල් කලර් සහ ටොප් කෝට් ආලේපකර සේවාව අවසාන කරන්න.
Wmqgd .ekSu ,la�u mqj;a m; weiqfrks