Life
දුම්පානයෙන් නූපන් දරුවන්ගේ අක්මාවට දැඩි හානි සිදුවන බව හෙළිවේ
දුම්වැටි (සිගරැට්) පානය කිරීම හේතුවෙන් මව් කුසයෙහි සිටින නූපන්
ළදරුවන්ගේ අක්මාවට දැඩි ලෙස හානි සිදුවන බව ස්කොට්ලන්තයේ එඩින්බරෝ
විශ්වවිද්‍යාලයෙහි වෛද්‍ය පර්යේෂකයන් කණ්ඩායමක් විසින් සිදුකරන ලද නවතම
අධ්‍යයනයකදී අනාවරණය වී තිබේ.
මෙහිදී මවු කුසෙහි සිටින නූපන්
ළදරුවන්ගේ අක්මා සෛල වර්ධනය වීමට මව විසින් දුම්වැටි පානය කිරීම හේතුවන බව
හෙළි වී තිබේ. දුම්වැටියක අඩංගු විෂ රසායන ද්‍රව්‍යයන් 7000 ක පමණ
සංඛ්‍යාව හේතුවෙන් ගැබිනි මවක් දුම්වැටි පානය කිරීම හරහා ඇයගේ නූපන්
ළදරුවාගේ සෑම ඉන්ද්රියයකටම සදාකාලික හානියක් සිදුවන බව මෙම අධ්‍යයනයෙන්
තහවුරු වූ බව එඩින්බරෝ විශ්වවිද්‍යාලයෙහි වෛද්‍ය ඩේවිඩ් හේ පවසයි.
කෙසේ
වුවද මෙහිදී පිරිමි හා ගැහැනු ළදරු කලලයන්ට දුම්වැටි පානය හරහා එකිනෙකට
වෙනස් ආකාරයෙන් හානි සිදුවන බව අධ්‍යයනය සිදුකළ පර්යේෂකයෝ සොයාගෙන තිබේ.
මෙම අධ්‍යයනය සඳහා ඇබර්ඩින් හා ග්ලාස්ගෝ විශ්වවිද්‍යාලවල පර්යේෂකයන්ද සහභාගි වී තිබේ.
මෙම
අධ්‍යයනය ගැබිනි මවක් දුම්වැටි පානය කිරීමෙන් ළදරු කලලය වර්ධනය වීමට එය
හානිකර ලෙස බලපාන්නේ කෙසේදැයි යන්න විමසීම සඳහා දැනට සිදු කරගෙන යන
ව්‍යාපෘතියක කොටසක් බව ඇබර්ඩීන් විශ්වවිද්‍යාලයේ මහාචාර්ය පෝල් µවුලර්
පවසයි.
Wmqgd .ekSu Èjhsk mqj;a m; weiqfrks