Health
දියවැඩියාව සුව කරන ආයුර්වේද යතුර
සමාජයේ බොහෝ පිරිසක් දියවැඩියාවෙන් පීඩා විඳිනවා බොහෝ දෙනෙක් මෙම රෝගයට දැඩි බියක් දක්වනවාග ඇත්තටම දියවැඩියාව යනු කුමක්දරෑ
ආයුර්වේද වෛද්‍ය රන්පත රුවන් රත්නායක - දියවැඩියාව යනු ශරීරයේ සීනි මට්ටම ඉහළ යැමයිග මේ සීනි මට්ටම ඉහළ යැමත් සමඟ ශරීරයේ ඇති වන විවිධ සංකූලතා තමයි දියවැඩියාවේ රෝග ලක්ෂණ ලෙස හඳුන්වන්නේග මෙම රෝගය ජාන අනුවද වැළඳිය හැකි අතර වැඩි පිරිසක් මේ සඳහා ගොදුරු වන්නේ නිසි ලෙස තම දේශපාලනයකින් තොරව කටයුතු කිරීමෙන් බවද පැවැසිය හැකියිග නිවැරැදි ආහාර රටාවන් අනුගමනය නොකිරීම සහ ක්ෂණික ආහාරවලට යොමුවීම ඒ අතරින් ප්රධානයිග
ඇයි සමාජයේ මෙතරම් දියවැඩියාවට බියක් දක්වන්නේ
ආයුර්වේද වෛද්‍ය රන්පත රුවන් රත්නායක -
මෙම රෝගය ඉතා අහිතකර ලෙස ශරීරයේ ක්‍රියාකාරීත්වයට බලපෑම් කරනවාග නිහඬවම මිනිසාගේ සිරුරට කරන හානිදායක තත්ත්වය නිසා නිහඬ මාරයා යන අන්වර්ථ නාමයෙන්ද මෙම රෝගය ඇතැමුන් හඳුන්වනවාග එබැවින් මෙම රෝග ලක්ෂණ ඇති වු වහාම රෝගීන් ප්‍රතිකාර සඳහා යොමුවීම ඉතා අවශ්‍යයිග මෙන්න මේ නිසා තමයි බොහෝ අය මේ රෝගයට බියක් දක්වන්නේග
දියවැඩියාව වැළඳුණු රෝගීන් මුහුණ දෙන අතුරු ආබාධ මොනවාදරෑ
ආයුර්වේද වෛද්‍ය රන්පත රුවන් රත්නායක - ආතතිය හිරිවැටීම් දියවැඩියා රෝගීන් මුහුණ දෙන අමතර රෝගී තත්ත්වයක්ග රෝගීන් බොහෝ විට අප සමඟ පවසන්නේ කොට්ටයක් උඩ ඇවිදිනවා වැනි දෙයක් යටිපතුල්වලට දැනෙන බවයිග පාවහන් පැළඳ සිටියත් එය දැනෙනවා ඊට අමතරව දණහිස්ල උරහිස් මෙන්ම වැලමිට ඇතුළු විශාල සන්ධි ආශ්‍රිතව ඇති වන අධික වේදනා තත්ත්වයන්ද ඇති විය හැකියිග
මෙම වේදනාවන් සමහර අයට උදය කාලයේත් තවත් සමහරුන්ට දිවා කාලයේත් රාත්‍රී කාලයේත් ඇති විය හැකියිග ස්නායු පද්ධතියේ ඇති වන දුර්වලතා නිසා තමයි අත්පා හිරිවැටීම මෙම රෝගීන්ට ඇති වන්නේග දියවැඩියා රෝගය වැළඳීමත් සමඟ ස්නායු පද්ධතියට නිසි පෝෂණ තත්ත්වයක් නොලැබීම මේ සඳහා හේතු වෙනවාග
ෆ දියවැඩියා රෝගීන්ට බලපාන තවත් රෝග ලක්ෂණ ඇති ඒ මොනවාදරෑ
බොහෝ විට ඇති වන රෝග ලක්ෂණයේ තමයි මළ බද්ධයලමළ බුරුලට යැමල ඒත් සමඟම සම මත ඇති වන කැසීමල පළු දැමීමල වැනි සමේ රෝගද හිස කැක්කුමද ඇති විය හැකයිග
නින්ද නොයැමල මුඛයෙන් අධික දුර්ගන්ධයක් පිටවීමල කේන්ති යැමල පීනස් රෝග උග්රවීමල ඇස් වියළීමල කඳුළු ගැලීම වැනි රෝග ලක්ෂණද බහුලවම ඇති විය හැකියිග
ෆ මෙම රෝගය ආයුර්වේද ප්රතිකාරවලින් සුව කළ හැකිදරෑ ආයුර්වේද වෛද්‍ය රන්පත රුවන් රත්නායක -
අනිවාර්යයෙන්ම ආයුර්වේද ප්‍රතිකාර නිසි සුදුසුකම් ඇති වෛද්‍යවරයකුගෙන් ලබා ගත්තොත් රෝගය සුව කර ගත හැකියිග විශේෂයෙන්ම මෙවැනි රෝගීන්ට ප්‍රතිකාර ලබාදීමේදී ඔවුන් නිවැරදි ලෙස පරීක්ෂා කිරීමෙන් පසු නිවැරැදි රෝග ලක්ෂණ හඳුනාගෙන ඒවාට නිසි ලෙස ප්‍රතිකාර ලබා දීමෙන් රෝගය සුවකර ගත හැකියිග කාර්ය බහුල අයට පවා ලබාගත හැකි ලෙස අපගේ ඖෂධ සකසා ඇති බැවින් බොහෝ දෙනා දැන් ආයුර්වේද ප්‍රතිකාර ලබාගෙන රෝග සුවකර ගන්නවා
Wmqgd .ekSu Èjhsk mqj;a m; weiqfrks