Health
දියවැඩියාවට සුවයක්
අප කවුරුත් අසා ඇති පරිදි නිට්ටාවටම සුවකළ නොහැකි රෝග ගණනාවක් තිබෙනවාග ඒ අතර දියවැඩියාවට වඩා වැදගත් ස්ථානයක් හිමිවන අතර වර්තමානය වනවිට බාල මහලු බොහෝ දෙනෙක් මේ වනවිටත් ඉන් පීඩාවට පත් වී සිටිනවාග එසේ වුවත් පාරම්පරාවෙන් ලද උරුමය නවීන විද්‍යාවේ දැනුම හා ආයුර්වේද වෛද්‍ය විද්‍යාවේ මූලික හරයන් ඔස්සේ මුසු කරමින් බෝ නොවන රෝගවලට පිළියම් මේ වනවිටත් හඳුන්වා දී අවසන්ග එවැනි වෙද පරපුරකට උරුමකම් කියන ආයුර්වේද වෛද්‍ය රන්පත රුවන් රත්නායක දියවැඩියාව රෝගය පිළිබඳ දැක්වූයේ මෙවැනි අදහසක්ග
දියවැඩියාව කිසිවිටෙකත් සුව කළ නොහැකි පාලනය කළ හැකි යැයි පවසන කාලෙක නිට්ටාවට සුව වන බව කියන පදනම කුමක්දරෑ
ආයුර්වේද වෛද්‍ය ක්‍රමය නිර්මාණය වෙන්නේම රෝග නිට්ටාවටම සුව කරන්නටයිග රෝග බාගෙට සුව කරන ක්‍රමයක් මෙම වෛද්‍ය ක්‍රමය තුළ නැහැග නිවැරදිව රෝග මූලය :රෝග නිදානය- හඳුනාගෙන ප්‍රතිකාර තුළින්ම එම හේතූන් මුලිනුපුටා දැමූ විට නැවත එම රෝග හටගන්නේ නැහැග එය රෝග නිට්ටාවටම සුව කිරීමක්ග
දියවැඩියාව සුව කළ නොහැකියි කියන මතය හැමවිටම සත්‍ය වන්නේ නැහැග එය පොදුවේ කිවහැකි කාරණයක් නෙවෙයිග නිවැරදි ප්‍රතිකාරල ආහාර සහ විහරණයන් ඇසුරින් දියවැඩියා රෝගීන්ගෙන් වැඩි ප්‍රතිශතයක් නිට්ටාවටම සුවකළ හැකියිග
දියවැඩියා රෝගයේදී ශරීර අභ්‍යන්තරයේ සිදුවන්නේ කුමක්දරෑ
සරලව ගතහොත් දියවැඩියා රෝගයේදි බොහෝවිට සිදුවන්නේ අග්න්‍යාශය දුර්වල වෙන එකග මේ නිසා අග්න්‍යාශයෙන් සිදුවන සියලු ක්‍රියාවන් අඩපණ වෙනවාග අග්න්‍යාශය විසින් සිදු කරන මූලිකම කාර්යය තමයිල ඉන්සියුලින් නැමැති හෝර්මෝනය නිපදවීමල එමඟින් ඉන්සියුලින් නිෂ්පාදනය කළොත් තමයි රුධිර ප්ලාස්මාවේ ඇති ග්ලූකෝස්ල දේහ සෛලවලට ප්‍රයෝජනයට ගත හැකි වන්නේග මෙම ක්‍රියාවලිය ග්ලූකෝස් පරිවෘතිය ලෙස හඳුන්වනවාග ග්ලූකෝස් පරිවෘතීය අඩාල වීමේ ප්‍රතිඵලය ග්ලූකෝස් දේහ සෛල වලට ඇතුළු වීමෙන් සිදුවන ශක්තිය සහ පෝෂණය සැපයීමේ ක්‍රියාවලිය ඇණහිටීමයිග එනම් මෙම අවස්ථාවේදී රුධිර ප්ලාස්මාවේ ග්ලූකෝස් වැඩි වැඩියෙන් එක්රැස් වෙනවාග මෙසේ රුධිර ප්ලාස්මාවේ ග්ලූකෝස් ධාරිතාවය වැඩිවීම දියවැඩියාව ලෙස හඳුනා ගන්නවාග
දියවැඩියාව කියල හඳුනාගත්විට හැමදෙනාම කරන්න උත්සාහ ගන්නේ ලේවල ග්ලූකෝස් මට්ටම අඩු කිරීමට ප්‍රතිකාර කරන එකග
රුධිරයේ ඇති ග්ලූකෝස් අඩු කිරීමට පමණක් ප්‍රතිකාර කිරීමල රෝග හේතුවට ප්‍රතිකාර නොකර රෝග ලක්ෂණය සදාකාලිකවම යටපත් කරන්නට ගන්නා උත්සාහයක්ග
මෙවැනි රෝගියෙකුට සිදුකරන ප්‍රතිකාර මොනවාදරෑ
දියවැඩියා රෝගියෙකුට ප්‍රතිකාර කිරීමේදී මා සිදු කරන්නේ දුර්වල වී තිබෙන අග්න්‍යාශය සුවපත් කරන එකයිග අග්න්‍යාශය සුවපත් කළ විට එමඟින් ඉන්සියුලීන් නියමිත ආකාරයට නිපදවෙනවාග එවිට ස්වාභාවිකවම රුධිරයේ ග්ලූකෝස් පරිවෘතිය සිදුවෙනවාග එය තමයි දියවැඩියාව නිට්ටාවටම සුව කරන සාර්ථක ක්රමයග
අග්න්‍යාශයේ සුවපත් භාවය සඳහා සිදු කරන ප්‍රතිකාර මොනවාදරෑ
අග්න්‍යාශය සුවපත් කරන්න නම් ප්‍රථමයෙන් අග්න්‍යාශය දුර්වල වෙන හේතු හඳුනාගෙන එවා වළක්වන්න ඕනේග
අපි කව්රුත් දන්නේ මධුර රසය බහුල සීනි අධිකල පිෂ්ඨය සහිත ආහාර වැඩිපුර ගත්විට ලේවල සීනි මට්ටම වැඩිවෙලා එය පාලනය කරන්න වැඩි වැඩියෙන් අග්න්‍යාශය මඟින් ඉන්සියුලින් නිපදවලා වැඩ අධික වීම නිසා අග්න්‍යාශය දුර්වල වීම පමණයිග නමුත් වර්තමානයේදී අග්න්‍යාශය දුර්වල වෙන්න හේතු වන වැඩිදෙනෙකු නොසලකාහැර ඇති නොදන්නා කාරණා ගණනාවක් තියෙනවාග
ඒ කරුණු මොනවාදරෑ
ඒවා තමයිග මධ්‍යසාර ගැනීමල අම්ල රසැති ආහාර අධිකව සේවනය කිරීමල උෂ්ණ කටුක ආහාර අධිකව සේවනය කිරීමල අනවශ්‍ය පරිදි රසකාරක වැනි රසායනික පදාර්ථයන් මිශ්‍ර කෘත්‍රිම ආහාර බහුලව සේවනය කිරීම සහ මේ සියල්ලෙන්ම තොර වුවත් ආහාර ජීර්ණ පද්ධතියේ පවතින විවිධ විෂමතාරැදුර්වලතා හෝ ගැස්ට්‍රයිටීස් ප්‍රධාන තැනක් ගන්නවාග
මෙහිදී ගැස්ට්‍රයිටීස් ගැන අවධානය වැඩිපුර යොමු වෙනවාදරෑ
දියවැඩියාව පමණක් නෙමෙයි අනෙකුත් සියලුම කායික රෝග වලත් ආහාර ජීර්ණ පද්ධතියේ ඇතිවන විවිධ දුර්වලකම් කෙලින්ම බලපානවාග එය නවීන විද්‍යාවට ගැලපෙන්න කියනව නම් ර්ණආහාර ජීර්ණයට අවශ්‍ය ජීරක යුෂයන්හි වෙනස්වීම හෝ අනුපාතය වෙනස් වීම
Wmqgd .ekSu