Health
දියවැඩියාවට විස්මිත ගුණ දෙන කරවිල කොළ තේ
අතීතයේ දියවැඩියාව හැඳින්වූයේ ධනවතුන්ගේ රෝගයක් ලෙසිනිග ඉන් අදහස් වූයේ ගොවි කම්කරු ප්‍රජාව අතර දියවැඩියාව සුලබ නොවන බවයග එහෙත් අද වන විට දියවැඩියාව සියලු පුද්ගල මායිම් සිඳ බිඳ දමා අවසානයග එය දැන් දුප්පත් පොහොසත් බේද පමණක් නොව බාලල තරුණල මහලු ආදී වයස් සීමාවන්ද පරදා අංක එකේ බෝ නොවන රෝගය බවට පත්ව ඇතග බටහිර වෛද්‍ය විද්‍යාවෙන් දියවැඩියාව ජයගත නොහැකි වූ තැන අද බොහෝ දෙනෙකු ඊට ආයුර්වේද වෛද්‍ය ක්‍රමයෙන් සහන සොයතිග මේ ආයුර්වේද වෛද්‍ය ක්‍රමයට අනුව දියවැඩියාව ජයගන්නේ කෙසේදරෑ යන්න පිළිබඳව නාවින්න බණ්ඩාරනායක ආයුර්වේද පර්යේෂණ ආයතනයේ ජ්‍යෙෂ්ඨ වෛද්‍ය නිලධාරී රුවිනි ප්‍රීතිකා මෙන්ඩිස් සමග කරන ලද සාකච්ඡාවකිග
ආයුර්වේද වෛද්‍ය ක්‍රමයට අනුව දියවැඩියාව මධුමේහය ලෙසින් හඳුන්වා දෙයිග කපජ ප්‍රමේහ දහයක්ද වාතජ ප්‍රමේහ හයක්ද පිත්තජ ප්‍රමේහය හතරක්ද මුල් කරගෙන මධුමේහය වැළඳෙන බව ආයුර්වේද මුල ග්‍රන්ථවල විග්රහ කෙරේග මින් කපජ ප්‍රමේහයන් මුල් කර ඇතිවන දියවැඩියාව ප්‍රතිකාර මගින් සුවකළ හැකිවන අතර වාතජල පිත්තජල ප්රමේහයන්ල මුල් කර වැළඳෙන දියවැඩියාවල පාලනය කිරීම පමණක් කළ හැකි වෙයිග
ආයුර්වේද විග්රහයට අනුව මධුමේහය වැළඳීමට ප්‍රධාන කරුණු අතර ආහාරමය කරුණු වලට මුල් තැනක් හිමි වෙයිග ඒ අනුව සමතුලිත නොවන ආහාර ගැනීම අධිකව ආහාර ගැනීම නිතර ආහාර ගැනීම මෙන්ම තන්තු කොටස් අඩු ආහාර ගැනීමද මධුමේහයට හේතුවන බව ආයුර්වේද විග්රහයේ සඳහන්යග
අපගේ වැරදි විහරණයන්ද මධුමේහය වැළඳීම කඩිනම් කරයිග අකල්හි නින්ද ලැබිමල සීමාව ඉක්මවා ගිය මානසික ආතතිය වැනි කරුණු රැසක් මේ ගණයට වැටේග දියවැඩියාවට ප්‍රතිකාර ලබන රෝගීන් තම ප්‍රතිකාර සමග වැරදි විහරණ සහ ආහාර රටාවන්ගෙන් බැහැරවීමද යහපත් සෞඛ්‍යයක් පවත්වාගෙන යෑමට බොහෝ සේ ඉවහල් වෙයිග ඒ අතරට දියවැඩියාව හෙවත් මධුමේහය පාලනය කරනු වස් එදිනෙදා ආහාර පාන ගත හැකි ශාකමය ද්‍රව්‍ය කිහිපයක් වෙයිග
මෙකී ශාක කොටස් අතර වඩාත් ජනප්‍රිය විශේෂ ලෙස තෙබුල කෝවක්කාල මස් බැද්ද වැනි ශාක දැක්විය හැකග එහෙත් මෙවැනි ශාක ආහාරයට ගැනීම පිළිබඳ සමාජයේ විවිධාකාර ගැටලු පැන නැගී ඇතග ඉන් පළමු වැන්න වනුයේ දියවැඩියාව නැතහොත් මධුමේහය වැළඳී නැති පුද්ගලයන්ට මෙවැනි ආහාර නොසුදුසු බවයිග එහෙත් සැබෑව නම් සාමාන්‍ය පුද්ගලයෙකු වුව මෙම වර්ග ආහාරයට ගැනීම කියන තරම් ගැටලු ඇති නොකිරීමයග මෙම ද්‍රව්‍ය ආහාරයට ගැනීම මගින් යම් මට්ටමකට ශරීරයේ සීනි මට්ටම පාලනය වීමක් සිදු වුවද නිරෝගි පුද්ගලයෙකු රෝගී කරන්නට එය හේතු නොවේග
නමුත් මෙම ද්‍රව්‍ය ආහාර ලෙස අප ගන්නා ආකාරය ඉතා වැදගත්යග ඒ එකම ද්‍රව්‍ය එකම ආකාරයෙන් දිගු කලක් ආහාරයට ගැනීම සුදුසු නැතග උදාහරණයක් ලෙස ඔබ අද තෙබු කොළ මැල්ලුම ආහාරයට ගත්තේ නම් හෙට එය කැඳක් හෝ සම්බෝලයක් ලෙස ගත හැකග කෝවක්කාද එසේමයග විවිධාකාරයෙන් එකම දේ ආහාරයට ගැනීම මගින් ඔබේ සෞඛ්‍ය තත්ත්වය වඩාත් හොඳින් පවත්වාගෙන යා හැකග එමෙන්ම මේ සියලු දේ සලාද ලෙස ආහාරයට ගැනීමද ඉතා හොඳ ක්රමයකිග
දියවැඩියා රෝගීන් බහුතරයක් අතර ඉතා ජනප්‍රිය අත් බෙහෙතක් ලෙස කරවිල දැක්විය හැකග ඇතැම්හු කරවිල කොටා ඉස්ම බිමට පුරුදුව සිටිතිග එහෙත් මෙය කිසිසේත් අනුමත කළ හැක්කක් නොවේග එබැවින් කරවිල කිසියම් ආකාරයකින් සංස්කරණය කර ආහාරයට ගැනීම වඩාත් ඵලදායකයග
කරවිල ඇටද දියවැඩියාවට ඉතා ප්‍රයෝජනවත් ඖෂධයකිග විශේෂයෙන්ම ඒවායේ ඇති ප්‍රතිඔක්සිකාරක ගුණය නිසා දියවැඩියාව පමණක් නොව පිළිකාවලට පවා ඔසුවක් ලෙස කරවිල ඇට යොදා ගැනෙයිග දියවැඩියාවට ප්‍රතිකාරයක් ලෙස කරවිල කරල් සහ ඇට යොදාගැනීම බහුලව දැකගත හැකි වුවත් කරවිල කොළ සම්බන්ධව අප උනන්දුවක් නොදක්වන තරම්යග එහෙත් කරවිල වැලක කොළ දියවැඩියා රෝගීන්ට වඩාත් ප්‍රයෝජනවත් කොටස ලෙස දැක්විය හැකග අවාසනාවකට මෙන් අප සමාජය තුළ කරවිල කොළ ආහාරයට ගැනීමක් දක්නට නැති තරම්යග
කරවිල කොළ ඔබට කිහිප ආකාරයකින් ආහාරයට ගැනීමේ හැකියාව ඇතග ඉන් එක ක්‍රමයක් ලෙස කලවම් සලාදයකට කරවිල කොළ එක් කිරීම දැක්විය හැකග එමෙන්ම කරවිල කොළමැල්ලුමද දියවැඩියාව රෝගීන්ට ඉතා ප්‍රයෝජනවත් ආහාරයකිග ලෝකයේ බොහෝ රටවල් කරවිල කොළ කුඩු කර :කැප්සියුල්- ලෙස සකසා පානය කරනු දැකිය හැකග ශ්‍රී ලංකාවේ කරවිල කොළ කැප්සියුල් දැකගැනීමට නැති මුත් ඔබට ඉතා පහසුවෙන් ඒවා තේ ලෙස පානය කිරීමට සකසාගත හැකග
ඒ සඳහා හොඳින් වැඩුණ කරවිල කොළ අවශ්‍ය පමණට තෝරා ගෙන ඒවා හොඳින් පිරිසිදු කර පවනේ වේලා ගත යුතුයග කරවිල කොළ එතරම් විශාල පත්‍ර විශේෂයක් නොවන නිසා පහසුවෙන් විජලනය වී වේලීම සිදුවෙයිග අනතුරුව කැමති ආකාරයෙන් කුඩුකර උණුවතුරට මුසුකර තේ වෙනුවට පානය කළ හැකග දිනකට මෙවැනි තේ කෝප්ප දෙක තුනක් පාවිච්චි කිරීම මගින් ඔබේ රුධිරයේ සීනි ප්‍රමාණය පැහැදිලි ලෙසම පහත දමා ගත හැකග
කරවිල කොළවල ඡදකහචැචඑසාැර නම් ස්වාභාවික ඉන්සියුලින් විශේෂය අඩංගු වන අතර එය ඔබේ රුධිරයේ ඉන්සියුලින් ප්‍රමාණය ඉහළ දැමීමට සමත් වෙයිග එපමණක්ද නොව කරවිල පත්‍රවල අඩංගු ප්‍රතිඔක්සිකාරක සහ වෙනත් සංඝටක නිසා අග්න්‍යාශයේ සෛල ප්‍රකෘතිමත් කිරීම සිදුවෙයිග එමගින් අග්න්‍යාශයේ ක්‍රියාකාරිත්වය ඉහළ යෑම සිදුවන අතර එම තත්ත්වය ඔබේ ශරීරයේ ස්වාභාවික ඉන්සියුලින් මට්ටම ඉහළ දැමීමට සමත් වෙයිග මේ සියලු කරුණු සලකා බලන කල දියවැඩියාව නොහොත් මධුමේහයෙන් නොපෙළෙන අයකුට පවා කරවිල පත්‍ර තේ ලෙසින් පානය කිරීම වැඩදායි වේග ඒ එමගින් අග්න්‍යාශයේ සහ සිරුරේ සෙසු සෛල ප්‍රකෘතිමත් කරන බැවිනිග
අරුණ ලක්ෂ්මන්ප්රනාන්දු
curtesy : www.lakbima.lk