Life
දිනකට වැඩියෙන් කෝපි පානය කිරීම ශරීරයට හිතකරයි
දිනකට කෝපි කෝප්ප හතරක් පානය කිරීම වසර ගණනාවකට පෙර ශරීර සෞඛ්‍යයට
අහිතකර ලෙස පෙනී ගියද එමගින් ශරීර සෞඛ්‍යයට කිසිදු අයහපතක් සිදුනොවන බව
අන්තර්ජාතික ජීව විද්‍යා ආයතනයේ පර්යේෂකයන් කණ්ඩායමක් විසින් සිදුකරන ලද
නවතම අධ්‍යයනයකදී අනාවරණය වී තිබේ.
එම අධ්‍යයනයට අනුව නිරෝගී
වැඩිහිටියකුට කැෆේන් මිලිග්‍රෑම් 400 ක් අඩංගු කෝපි ප්‍රමාණයක් (කෝප්ප
හතරක් පමණ) පානය කිරීම යෝග්‍ය වන අතර ගැබිනි කාන්තාවක් නම් එසේ දිනකට
පානය කරන කෝපි ප්‍රමාණය කැෆේන් මිලිග්‍රෑම් 300 ක් අඩංගු කෝපි කෝප්ප තුනකට
සීමා කළයුතුවේ.
කුඩා ළමුන් නම් දිනකට කැෆේන් මිලිග්‍රෑම් 2.5 ක්
අඩංගු කෝපි ප්‍රමාණයක් පානය කළ යුතු බව පර්යේෂකයෝ සිය අධ්‍යයන වාර්තාවෙන්
පෙන්වා දී තිබේ.
කැෆේන් යනු තිත්ත රසැති කොපිවල බහුලව අඩංගු රසායන ද්‍රව්‍යයකි.
වසර 2001 සිට 2015 දක්වා සිදුකරන ලද කැෆේන් ආශ්රිත අධ්‍යයන වාර්තා 740 ක් විමර්ශනයට ලක්කරමින් මෙම අධ්‍යයනය සිදුකර තිබේ.
මෙම
අධ්‍යයනයේදී හෙළිවී ඇති වැදගත් කරුණක් වනුයේ සෑම වයස් කාණ්ඩයකටම අයත්
වූවත් දෛනිකව කැෆේන් මිලිග්‍රෑම් 165 ක් පරිභෝජනය කරන අතර එයින්
මිලිග්‍රෑම් 105 ක්ම කෝපි හරහා ලබාගන්නා බවයි.
පසුගිය වසරේදී
එක්සත් රාජධානියේ සිදුකරන ලද අධ්‍යයනයකදී හෙළිදරව් වූයේ අවශ්‍ය ප්‍රමාණයට
වඩා ආහාර ගැනීමෙන් හා බීමත්කම හේතුවෙන් හට ගන්නා අක්මාවට හානි සිදුවීමේ
තත්ත්වය කෝපි වැඩි ප්‍රමාණයක් පානය කිරීමෙන් වළක්වා ගත හැකි බවයි.
අලුත්ම
අධ්‍යයනයන්ට අනුව දිනකට අමතර කෝපි කෝප්ප දෙකක් පානය කිරීමෙන් අක්මාව
ආශ්‍රිතව හටගන්නා සිරෝසිස් රෝගය ඇතිවීමේ අවදානම සියයට 44 කින් පමණ අඩුකර
ගතහැකි බවයි.
අවුන්ස අටක ජාවා වර්ගයේ කෝපි අඩංගු කෝපි කෝප්පයක කැෆේන් මිලිග්‍රෑම් 95 ත් 165 ත් අතර ප්‍රමාණයක් අන්තර්ගතව පවතින බව හෙළිවී තිබේ.
අතීතයේදී වෛද්‍ය පර්යේෂණවලින් අනාවරණය වූයේ කැෆේන් වැඩි වශයෙන් පරිභෝජනය කිරීම හෘද රෝග හා අධිරුධිර පීඩනයට මඟපාදන බවයි.
දිනකට
කැෆේන් අඩංගු පාන වර්ගවලින් කෝප්ප දෙකකට වඩා පානය කරනු ලබන කාන්තාවන්ගේ
දරු ගැබ සති කිහිපයකින් ගබ්සා වන බවද පර්යේෂකයෝ එකල සඳහන් කර තිබිණි.
එහෙත්
මෙම නවතම අධ්‍යයනයට අනුව එම වාර්තා අසත්‍ය කරමින් කැෆේන් අඩංගු කෝපි ඇතුළු
පාන වර්ග වැඩි වශයෙන් පානය කිරීම සෞඛ්‍යයට අහිතකර නොවන බව අනාවරණය කර
තිබේ.
Wmqgd .ekSu Èjhsk mqj;a m; weiqfrks