Health
දිනකට පානය කළයුතු ජල ප්‍රමාණය
වැඩිපුර ජලය පානය කළ යුතු අවස්ථා මොනවාදරෑ
ඔබ ව්‍යායාම හෝ ක්‍රීඩාවල යෙදෙන විට :වැඩියෙන් දහදිය පිටවන අවස්ථාවලදී-
උණුසුම වැඩි දින වලදී
හිරු රශ්මියට දිගු වේලාවක් නිරාවරණය වී සිටින විට
ඔබ විදුලි පංකාවක් රැ වායුසමීකරණයක් යටතේ සිටින විට
දැඩි සුළඟට දිගු වේලාවක් නිරාවරණය වන විට
උණ රැ පාචනය වැනි රෝගාබාධ වලින් පෙළෙන විට ඔබ ක්‍රීඩා කරන විට නියමිත ප්‍රමාණයට ජලය පානය කිරීමෙන් ඉතාමත් හොඳින් ක්‍රීඩා කිරීමට හැකි වේග
ශාරීරික ක්‍රියාකාරකම්හි යෙදීමට පෙරල යෙදෙන අවස්ථාවේදී හා යෙදීමෙන් පසු ගත යුතු අමතර පානීය ජලය සඳහා මාර්ගෝපදේශය ක්‍රියාකාරකමට පැයකට පෙර මිගලිග 500 ක් ක්‍රියාකාරකම අතරතුරදී සෑම ක්‍රියාශීලි මිනිත්තු 15කට වරක් මිගලි 250 ක් ක්‍රියාකාරකමට පසු
මිගලිග 250 ක් ගත යුතුයග
රුධිරයේ ප්‍රධාන සංඝටකයක් ලෙසල පෝෂණ ද්‍රව්‍ය හා ඔක්සිජන් ශරීරය පුරා බෙදා හැරීමට අප ගන්නා ආහාර දිරවීමට අප ශරීර උෂ්ණත්වය නිසිලෙස පවත්වා ගැනිමට ශරීරය අනතුරුවලින් ආරක්ෂා කිරීමට මුඛයල ඇස්ල නාසය ආදියේ පටලවල තෙතමනය පවත්වා ගැනීමට මුත්‍රා සහ දහදිය ලෙස අපද්‍රව්‍ය ශරීරයෙන් ඉවත් කිරීමට මොළයේ ක්‍රියාකාරීත්වය නිසිලෙස පවත්වා ගැනීමට මලබද්ධය වළක්වා ගැනීමට අප දෛනිකව කොපමණ ජල ප්‍රමාණයක් පානය කළ යුතුදරෑ
ඔබේ වයස අනුවල ඔබ දෛනිකව පානය කළ යුතු ජල ප්‍රමාණය ගණනය කිරීම පහසුයග
ඔබ දෛනිකව පානය කළ යුතු ජල ප්‍රමාණය
ළමා අවධිය :අවුරුදු 1 -5- - මිලි ලීටර් 750 -1000
ප්‍රාථමික අවධිය :අවුරුදු 6 -10- - ලීටර් 1 -1ග5
නව යොවුන් අවධිය :අවුරුදු 11 - 18- - ලීටර් 1ග5 -2
වැඩිහිටියන් සඳහා ශරීරයේ බර 30න් බෙදා ගත්විට දෛනික පානීය ජල අවශ්‍යතාවය පහසුවෙන් ගණනය කර ගත හැකග
දිනකට ජල පරිභෝජන පරිමාව :ලීටර්- = ශරීරයේ බර :කිලෝග්‍රෑම්-රැ30
කෙසේ නමුත් ඉහත දැක්වෙනුයේ ඔබට දිනකට අවශ්‍ය ජල ප්‍රමාණයේ දළ අගයකිග ඇතැම් විශේෂ අවස්ථාවල දී දෛනික ජල අවශ්‍යතාවයට වඩා වැඩිපුර ජලය පානය කළ යුතුයග
හොඳම පානය
අප සිරුරට සුදුසුම පානය ජලයයිග පැණි බීම හෝ ශක්ති ජනක පානයන් නොවේග එම පානයන් කෘත්‍රිම බීම වන අතර ඒවායේ අඩංගු විවිධ රසායන ද්‍රව්‍ය ඔබට හානිකර වේග
කෘත්‍රිම බීම - සීනි බහුලයිල උදරයේ අපහසුව ඇති කරයිල රසායනික බහුලයිල කැලරි අධිකයිල කෘත්රිමයිල ස්ථුලබව ඇති කරයිග :සිරුරට හානිදායකයි-
ජලය - සජලනය ඇති කරයිල නැවුම් බව ඇති කරයිල සෞඛ්‍යමත් කරයිල කුරුලෑ වළකයිල කැලරි රහිතයිල ස්වාභාවිකයිල තෘප්තිය ඇති කරයිග :සිරුරට ගුණදායකයි-
සෞඛ්‍ය අමාත්‍යංශයේ දේශනයක් ඇසුරින්
curtesy :dinamina.lk