Beauty
දිගු සුන්දර කෙස් කළඹක හිමිකාරියක් වෙන්න ට්‍රික්ස්
01) මතක තියා ගන්න එක රැයකින් කොණ්ඩය වැවෙන්නේ නැහැ.
කොණ්ඩය වැවීමට තරමක කාලයක් ගත වෙනවා. එය සාමාන්‍ය දෙයක්. සාමාන්‍යයෙන් කොණ්ඩය වැවෙන්නේ මාසයකට අඟල් කාලේ සිට අඟල් භාගයක් දක්වා පමණි. එයද සිදු වන්නේ ඔබට පැලුණු හිසකෙස්වලින් තොර ඉතා නිරෝගිමත් කෙස් කළඹක් ඇත්නම් පමණි. ඉතින් දිග කොණ්ඩයක හිමිකාරියක් වෙන්න නම් ඔබට අවශ්‍ය පළමු දේ තමයි ඉවසීම. ඉවසීම නැතිනම් ඔබ අතරමගදී අදහස අතහැර දමා යාවි. එ නිසා මනා ඉවසීමකින් යුතුව සාත්තු කිරීම පටන් ගත යුතුයි.
fb- like-beg
02) පුදුමයක් වුවත් මේ කාලයේදී කතුර කියන්නේ ඔබේ කොන්ඩේ මිතුරෙක්.
නිරෝගී කෙස් කළඹක් ලබා ගැනීමට ඔබේ අග පැලුණු හිසකෙස් කැපීම ඉතාම වැදගත්. මෙලෙස නිරන්තරයෙන් කෙස් අග කැපීමෙන් හිසකෙස් දික් නොවුවත් එයින් ඔබේ හිසකෙස් අග නිරෝගීව තබා ගන්නවා. ඒ වගේම එම පැලුණු කෙස් ගසේ මුල දක්වා පැලීම වළක්වා ගැනීමටත් මෙය උපකාරී වෙනවා. ඔබේ හිසකෙස් අග පැලී ඇති අවස්තාවක ඔබ ඒවා කැපීමෙන් තොරව දිගු කලක් සිටියහොත් එය කෙස් ගසේ මුල දක්වාම පැලී කෙස් ගැලවී යාමට හේතුවක් වෙනවා. මේ නිසා දිග කෙස් කළඹක් ලබා ගැනීමටත් කොණ්ඩය කැපීම අත්‍යාවශ්‍යයි. මෙහිදී සති 10ට හෝ 12ට වරක් ඔබේ කෙස් ගසේ අග සිට අඟලකින් අටෙන් කොටසක් පමණ කැපීම ප්‍රමාණවත්. මෙමගින් ඔබට කොණ්ඩයට හානි වීම වළක්වා ගත හැකියි.
03) ඔබ කොණ්ඩයට ෂැම්පු යොදන සෑම විටකම කන්ඩිෂනර් ද භාවිතා කරන්න.
ඔබේ කොණ්ඩය තෙත්වන සෑම අවස්තාවකම කන්ඩිෂනර් යෙදීම අත්‍යාවශ්‍ය වේ. කාලයක් තිස්සේ කොණ්ඩය වර්ණ ගැන්වීමෙන් හා කොණ්ඩය සකස් කිරීමේ උපකරණ භාවිතයෙන් කෙස් ගසේ මුල සිටම සිනිඳු වීමට පටන් ගනියි. කන්ඩිෂනර් මගින් මෙය යථා තත්ත්වය පත් කරමින් කෙස් ගසට අවශ්‍ය ලිපිඩ සහ ප්‍රෝටීන් ලබා දී කෙස් ගස් ශක්තිමත් කරයි. එමෙන්ම කන්ඩිෂනර් මගින් කෙස් ගසේ මතුපිට ශක්තිමත් කර කෙස් ගසට හානි වීමද වලක්වයි. කෙස් ගස්වලට සිදුවන හානිය වැළකෙන බැවින් එමගින් ඔබට නිරෝගී දිගු කෙස් කළඹක් ලබා ගත හැකි වේවි.
04) ඔබ ස්නානය කරන සෑම විටම කොණ්ඩයට ෂැම්පු යෙදීමෙන් වලකින්න.
බොහෝ කාන්තාවන් කොණ්ඩයට කන්ඩිෂනර් යෙදීමට එතරම් උනන්දුවක් නොදක්වයි. එම කාන්තාවන්ම ෂැම්පු නොමැතිව නෑමට මැලි කමක් දක්වයි. දිනපතාම ෂැම්පු භාවිතා කරයි. එහෙත් එය ඔබ කොණ්ඩයට කරන විශාල හානියකි. ඔබ දන්නවාද? ඇත්තටම ඔබ කල යුත්තේ දිනපතා කන්ඩිෂනර් භාවිතා කර ෂැම්පු භාවිතය අඩු කිරීමයි. ෂැම්පු මගින් සිදු වනුයේ ඔබේ හිසකෙස්වල ඇති කුණු දුවිලි ඉවත් කිරීමයි. එහෙත් මේ සමග ම ඔබේ කොණ්ඩයේ නිරෝගී බවට හේතු වන කොණ්ඩයට අත්‍යවශ්‍ය තෙල් හා අනෙකුත් පෝෂණ කොටස්ද ඉවත් වී යා හැක. එනිසා දිනපතා ෂැම්පු භාවිතයෙන් වලකින්න. එමෙන් ම ෂැම්පු භාවිතා කරන විටද හිස්කබලට පමණක් ෂැම්පු යොදන්න. වෙනම කෙස් ගස්වලට ෂැම්පු යෙදීමෙන් වලකින්න. හිස්කබලට යොදන ෂැම්පු සෝදන විට එම වතුරෙන් හිසකෙස්ද සෝදාහරින්න. මෙයින් ඔබේ හහිසකෙස්වලට අවශ්‍ය පෝෂක කොටස් ඉවත් වී යාමෙන් සිදුවන හානිය වළක්වා ගත හැක.
05) සතියකට වරක් කොණ්ඩයට තෙල් හෝ පෝෂණ සත්කාරයක් කරන්න.
ඔබගේ උරහිසෙන් පහලට වැවුණු කොණ්ඩය වසර කිහිපයක් පරණය. එනිසා එයට කන්ඩිෂනර් වලට වඩා වැඩි පෝෂණයක් ලබාදිය යුතුය. මේ සඳහා කොණ්ඩයට හොඳින් මොයිස්චරයිසින් ලැබෙන සත්කාර මෙන්ම තෙල් ද වැදගත් වේ. මෙහිදී පොල්තෙල්, ඔලිව් තෙල්, ආමන්ඩ් තෙල්, ජෝජෝබා තෙල් ආදිය භාවිතා කල හැක. නෑමට විනාඩි 10 ට පමණ පෙර වුවද මෙම තෙල් වර්ගවලින් කිහිපයක් මිශ්‍ර කර හිස කෙස්වල ආලේප කර පසුව ෂැම්පු සහ කන්ඩිෂනර් යොදා ස්නානය කල හැක. මෙයින් කෙස් ගස්වල තෙල් හොඳින් තැවරී කෙස් ගස් ශක්තිමත් කරයි. ඔබට මෙය කිරීම අපහසුයි කියල හිතෙනවා නම් සැලෝන් එකකින් උනත් මේ සත්කාර කර ගන්න පුළුවන්.
06) අතිරේක පෝෂණයන් ලබා ගැනීම පිළිබඳ සැලකිලිමත් වෙන්න
හිසකෙස් වර්ධනයට මෙන්ම ඔබගේ ශරීරයේ අනෙකුත් වර්ධන ක්‍රියාවලීන් වලටත් අමතර පෝෂණයක් ලැබීම අත්‍යාවශ්‍යයි. එනිසා ඔබ ගන්න ආහාර පිලිබඳ නැවත සිතා බලන්න. ශරීරයට අවශ්‍ය පෝෂණ ඔබේ ආහාර වලට අන්තර්ගත කරගන්න. නැවුම් එළවලු පලතුරු සහ පළා වර්ග ඔබේ ආහාර වේලට එකතු කර ගන්න. තවත් අමතර පෝෂණයක් අවශ්‍ය යයි හැඟෙන්නේ නම් වෛද්‍ය නිර්දේශය යටතේ යම් පෝෂණ අතිරේකයක් ලබා ගන්න.
(under the courtesy of goodhousekeeping.lk web)