Life
දෑස් ආරක්ෂා කරගන්න අව් කණ්ණාඩි අත්‍යවශ්‍යයි
අපේ දෑස්වලට අනතුරු සිදුවිය හැකි ක්‍රම බොහෝමයක් ම තිබෙනවා. දැඩි සූර්ය ආලෝකය ඍජුවට දෑස්වලට පතිත වීම ඉන් එක් ක්‍රමයක්. මෑත අතීතයේ පටන් මිනිසුන් අව්කණ්ණාඩි (Sun glass) පැලඳීමට පෙලඹුණේ මෙම දැඩි සූර්යාලෝකයෙන් තම දෑස් බේරා ගැනීමටයි. ඇතැම් දෙනෙක් විලාසිතාවක් ලෙස අව් කණ්ණාඩි පැලඳුවත් අව් කණ්ණාඩි දෑස්වල ආරක්ෂාවට භාවිත කළ හැකි ඉතා හොඳ උපක්‍රමයක්. දෑස්වලට හානි ගෙන දෙන්නේ සූර්ය ආලෝකයේ ඇති Ultraviolet (uv) කිරණවලින්. අද අප සමාජයේ බොහෝ දෙනෙක් විශේෂයෙන් ම කාන්තාවන් අව් කණ්ණාඩි පැලඳුවත් එහි තිබෙන වටිනාකම සහ අවශ්‍යතාව පිළිබඳ ඇතැම් දෙනෙක් දකින්නේ නෑ. අද අපි අව් කණ්ණාඩිවලින් දෑස්වලට ඇති ප්‍රයෝජනය පිළිබඳ තොරතුරු සොයා බලමු.
අප ඉහතින් සඳහන් කළ දෑස්වලට අහිතකර සූර්ය ආලෝකයේ තිබෙන Ultraviolet (uv) කිරණ අද සූර්යාලෝකය නොමැති ස්ථානවලත්, රාත්‍රියේදීත් නිවෙස් තුළදීත් අපේ දෑස්වල නිතර ගැටෙනවා. ඒ; LED බල්බ්, Neon බල්බ් ආදියෙන් නිකුත් වන කිරණවල uv කිරණ අඩංගු නිසා. පරිගණක යන්ත්‍රවල තිරයෙන් නිකුත් වන්නේත් uv කිරණ. ඒ නිසා එළිමහනේ පමණක් නොවෙයි නිවෙස තුළත්, කාර්යාල තුළත් අපේ දෑස්වලට අහිතකර uv කිරණ තිබෙනවා. මෙයින් පැහැදිලි වන්නේ දෑස්වල ආරක්ෂාව සඳහා වර්තමානයේදී අව්කණ්ණාඩි ලෙස අප මෙතෙක් හැඳින්වුණ කණ්ණාඩි පැලඳීම අත්‍යවශ්‍ය බවයි. එසේ ම මෙම උපැස් යුවළයන් තවදුරටත් අව් කණ්ණාඩි (Sun glass) ලෙස හැඳින්වීම නිවැරැදි වන්නේ නෑ. වර්තමානයේදී මේවා හඳුන්වනු ලබන්නේ Protective eye wear එසේ නැත්නම් eye wear (අක්ෂි පලඳනා) නමින්.
(එහෙත් මෙම ලිපිය තුළ ඉදිරියටත් අපට ඉතා සුපුරුදු
Wmqgd .ekSu is