Life
දැන හෝ නොදැන කාන්තාවන් විඳවන ඔසප් චක්කරේ
කාන්තාවන් අතර බහුලව දක්නට ලැබෙන රෝගී තත්ත්වයක් ලෙස ඔසප් වේදනාව පෙන්වා දිය හැක. මෙලෙස වේදනාවක් ඇතිවීම ඉතාමත් සාමාන්‍ය තත්ත්වයකි. නමුත් යම් හෙයකින් තමන්ගේ එදිනෙදා කටයුතු සුපුරුදු පරිදි කරගැනීමට නොහැකි වන තරමට මෙම වේදනාව දරුණු වන අවස්ථා පවතී. එය කුමන රෝගී තත්ත්වයක් නිසා ඇතිවූවක්දැයි පරීක්ෂා කර බැලිය යුතුය.
ඔසප් වේදනාව (Dysmenorrhea) ප්‍රධාන වශයෙන් කොටස් දෙකකට බෙදේ.
1. කිසිදු හේතුවක් නොමැතිව සෑදෙන වේදනාව (Primary Dysmenorrhea) හා හේතුවක් සහිතව ඇතිවන ඔසප් වේදනාව (Secondary Dysmenorrhea) ලෙසය.
පළමු හේතුව සැලකිල්ලට ගැනීමේදී සාමාන්‍යයෙන් ශුද්ධ වීම ඇතිවන අවස්ථාවේදී ගර්භාශයේ ඇතුල් බිත්ති කඩා වැටීම සිදුවේ. මෙම අවස්ථාවේදී ගර්භාශය සංකෝචනය වීම නිසා සාමාන්‍ය වේදනාවක් ඇතිවිය හැක. මෙම වේදනාව මල්වර වීමත් සමගම ඔසප් වේදනාව ඇති විය හැකි අතර, එය පළමු හා දෙවැනි දිනයන්හි තිබි ක්‍රමයෙන් නැතිවී යනු ඇත. මෙහිදී ශුද්ධ වීමෙන් පසුව මෙම වේදනාව ඇති නොවේ. ඇතැමුන්ට දරා ගැනීමට නොහැකි තරම් වුවද මෙය සිදුවිය හැක.
හේතුවක් සහිතව ඇතිවන ඔසප් වේදනාව (Secondary Dysmenorrhea)
උදරය ප්‍රදේශයේ ශුද්ධ වීමට කලින් මෙන්ම ශුද්ධ වීමෙන් පසුව අධික වේදනාවක් ඇතිවීම. මල්වර වීමෙන් කාලයක් ගිය පසුව මෙම තත්ත්වය ඇතිවිය හැක.
මෙම තත්ත්වයේදී බොහෝදෙනකු තුළ පහත සඳහන් ලක්ෂණ දැකිය හැක.
* අධික රුධිර වහනය
* ශුද්ධ වීම් දෙකක් අතර කැක්කුමක් ඇතිවීම
* එකතුවීම්වලදී වේදනාවක් ඇතිවීම
ඉහත සඳහන් කළ අවස්ථාවන් දෙකේදී පළමු අවස්ථාවේදී එනම් කිසිදු හේතුවක් නොමැතිව වේදනාවක් ඇතිවන අවස්ථාවේදී එම වේදනාව දරා ගැනීමට අපහසු නම් වේදනා නාශකයක් භාවිත කරන මෙන් උපදෙස් දෙනු ලැබේ.
නමුත් දෙවැනි අවස්ථාවේදී මෙලෙස වේදනාවක් ඇතිවීමට බලපාන හේතූන් පිළිබඳව සොයා දැනගත යුතු වේ.
වේදනාව ඇතිවීමට හේතු
* එන්ඩොමෙට්ට්රියෝසිස් (Endometriosis)
මෙය පරීක්ෂණ මගින් සොයාගත හැකි අතර ඇතුල් බිත්තියේ ඇති ෙසෙල පිටතට ව්‍යාප්ත වීම සිදුවේ. එය උදර කුහරය තුළ ආසාදනය වී රුධිරය වහනය වීම නිසා වේදනාව ඇතිවිය හැක. මෙම නිසාම ගර්භාශයේ ගැටිති, ඇලීම් ආදිය සිදුවිය හැක.
එන්ඩොමෙට්ට්රියෝසිස් රෝගී තත්ත්වය නිසා කැක්කුම, වේදනාව මෙන්ම මඳසරු භාවයද ඇතිවිය හැක.
* ඇඩිනොමයෝසිස් (Adenomyosis)
මෙම තත්ත්වයත් එන්ඩොමෙට්ට්රියෝසිස්වලට සමාන වේ. මෙය ගර්භාශයේ මාංශපේශීන් තුළ සිදුවේ. මෙහිදී රුධිරය වැඩි වශයෙන් පිටවීම, ගර්භාශය විශාල වීම, එකතු වීමේදී වේදනාවක් ඇතිවීම සිදුවේ. අනෙක් අවයවයන් ඇලීම මෙහිදී අඩු වශයෙන් සිදුවේ. තවද දරුවන් සිටින මව්වරුන්ට මෙන්ම අනෙකුත් කාන්තාවන්ටද මෙම තත්ත්වය ඇතිවිය හැක.
* ආසාදනයන්
උදර කුහරය පහළ කොටසේ ඇතිවන ආසාදනයන් හෝ ගර්භාශය තුළ මෙම තත්ත්වය ඇතිවිය හැක. මෙහිදී එන්ඩොමෙට්ට්රියෝසිස් මෙන් ඇලීම්, මඳසරු භාවය, කැක්කුම මෙන්ම ශුද්ධ වීම් දෙකක් ඇතුළත වේදනාව ඇතිවිය හැක.
යෝනි මාර්ගයේ සිට ගැබ්ගෙල හරහා ගර්භාශයට යන මුල් අවධියේදීම ආසාදනයන් සඳහා ප්‍රතිකාර ලබාදුනහොත් මෙම තත්ත්වය වළක්වාගත හැකිය. ප්‍රතිජීවක ඖෂධ මේ සඳහා වෛද්‍යවරු නිර්දේශ කරති.
* ෆයිබ්‍රොයිඩ් (Fibroids)
කලාතුරකින් මෙම තත්ත්වය ඇතිවිය හැක. නමුත් මෙය බිය විය යුතු තත්ත්වයක් නොවේ. මෙම ගෙඩි තිබෙන ස්ථානය, ප්‍රමාණය අනුව මෙම ගෙඩි ඉවත් කරන්නේද නැද්ද යන්න වෛද්‍යවරයා විසින් තීරණය කරනු ලැබේ. ෆයිබ්‍රොයිඩ් ගර්භාශයේ ඇතුල් කුහරයේ ඇතිවිටදී වේදනාව ඇතිවන අතර අධික රුධිර වහනයද සිදුවේ.
කොළඹ දකුණු ශික්ෂණ රෝහලේ
ප්‍රසව හා නාරිවේද
විශේෂඥ වෛද්‍ය මධුර ජයවර්ධන
ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය
වෛද පීඨය
ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය
Wmqgd .ekSu ��r mqj;am; weiqfrks