SexEducation
දරු සම්පත් නැතිවීමට පිරිමියාගේ මද සරුකම බලපාන හැටි
ප්රශ්නය - විවාහක යුවළකට දරු සම්පත් නැති විට එය ප්‍රශ්නයක්. සමහර විට එය විවාහක යුවළට වඩා, වටේ ඉන්න අයට ප්‍රශ්නයක්. කොහොම වුණත් විවාහක ජෝඩු වලින් වැඩි පිරිසක් දරු සම්පත්වලට කැමැතියි. දරු සම්පත් අහිමි වීමේ දෝෂය ගැහැනු පිරිමි දෙපක්ෂ තුළම තිබෙනවා. එහෙත් ජනප්‍රිය පුරුද්ද තමයි එසේ දරුවන් පිළිසිඳ නොගැනීම සම්බන්ධයෙන් කාන්තාව පමණක් දෝෂ දර්ශනයට ලක්වීම. මේ අසාධාරණය ගැන නාරිවේදය සහ දරු පිළිසිඳගැනීම් සම්බන්ධයෙන් උනන්දු වන වෛද්‍යවරයකු වශයෙන් ඔබ දරන අදහස කුමක්ද?
වෛද්‍ය ඉන්දික නුවන් - ලංකාවේ සංස්කෘතිය එන්නේ අතීත වැඩවසම් සමාජ ක්‍රමය ඇතුලෙන්. මෙසේ එන විට හොඳ වගේම නරකත් වර්තමානයට එනවා. කාන්තාව සම්බන්ධයෙන් දරණ සමහර මතවාදයන් තිබෙනවා, ඉතාම හානිදායක. ඒ වගේම අත්හැර ගන්නට බැරි. දරු සම්පත් නොලැබුණාම කාන්තාව පිට වරද පැටවීම. එවැනි තවත් හදාගන්නට බැරි වූ අමානුෂික වරදක්. දරු සම්පත් පිළිසිඳ නොගැනීමේදී කාන්තාවන් තුළ වගේම පිරිමින් තුළත් ශාරීරික දෝෂ සහගත තත්ත්වයක් තිබෙන බව මා අත්දැකීමෙන් දන්නවා. උදාහරණයක් වශයෙන් කියනවා නම් දරුවන් නැතිව ප්‍රතිකාර ලබා ගැනීම සඳහා මා වෙත යොමු වුණු දහස් ගණනක් දෙනා අතුරින් පිරිමින්ගෙන් 80% ක් ම දාරකෝත්පාදක ශක්තියෙන් හීන මද සරු අය බව වෛද්‍ය පරීක්ෂණවලින් හෙළි වුණා. ලංකාවේ තිබෙන ගැටලුවක් තමයි දරුවන් නැත්නම් බොහෝ විට වෛද්‍ය පරීක්ෂණ කරන්නේ කාන්තාවන්ගේ පමණයි. එහෙත් පිටරටවල නම් කාන්තාවගේ වගේම පුරුෂයාගේත් සරු භාවය පිළිබඳ ගනනයක් කරනවා.
ප්රශ්නය - ඔබ හමුවට එන පිරිමි පාර්ශ්වයේ ප්‍රධාන දුර්වලකම කුමක්ද?
වෛද්‍ය ඉන්දික නුවන් - ශුක්‍රාණු ප්‍රමාණය හෙවත් Sperm Count යන සාධකය මදි වීම තමයි ප්‍රධානතම දෝෂය.
ප්රශ්නය - මෙවැනි අඩු ශුක්‍රානු තත්ත්වයන් හට ගන්නේ කොහොමද?
වෛද්‍ය ඉන්දික රුවන් - සමහර විට උපතින්ම සිදු වෙනවා. තවත් සමහරුන්ට ශුක්‍රාණු තිබෙනවා. එහෙත් සපල ශුක්‍රාණු ප්‍රමාණය මදි. ඒ කියන්නේ සාපල්‍යතාව හෙවත් Fertility අඩුයි. ඇතැම් අයට ශුක්‍රාණු තිබුණත් ඒවා පිට වීමේදී ගැටලු තිබෙනවා. එක්කෝ ශුක්‍රානු පිටවන මාර්ගවල අවහිරතා තිබෙනවා. එනම් ශුක්‍ර නාලවල අවරෝධතා හට ගැනීමයි.
ප්රශ්නය - ශුක්‍රානු නිෂ්පාදනය වන්නේ වෘෂණවල. ශුක්‍ර තරලය නිෂ්පාදනය වන්නේ පුරස්ථිත ග්‍රන්ථවල. ඔබ කියන්නේ මේ දෙකෙන් එකක හෝ දෙකෙහිම හට ගන්නා ප්‍රශ්න ගැන ද?
වෛද්යඉන්දික නුවන් - පුරස්ථිත ග්‍රන්ථය ඉදිමුණොත් ශුක්‍රානු එන මාර්ගය අවරෝධ වෙනවා. එහෙත් මෙවැන්නක් හට ගන්නේ අවුරදු 50 පැන්නට පස්සයි. පුරස්ථිත ග්‍රන්ථයේ තිබෙනවා Seminal Duct කියලා කොටසක්. ශුක්‍ර තරලය නිෂ්පානය වන්නේ මේ කොටසආශ්රිත ග්‍රන්ථිය තුළයි. මෙහි කිසියම් අවහිරයක් හෝ අවරෝධතාවක් හට ගත්තොත් ශුක්‍රවල ප්‍රමාණාත්මක භාවය අඩු වෙනවා. එසේම ශුක්‍රාණු ශක්තිමත් විය යුතුයි. එසේ නැත්නම් දරු පිළිසිඳ ගැනීම්වලදී එය නරකට බලපානවා.
ලබන සතියේ පිරිමි සරුබව දියුණු කරන විශේෂ ආහාර වට්ටෝරුවක්.
නොමිලේ විස්තර උපදෙස්
0114278586, 077 6224293
Wmqgd .ekSu Èjhsk mqj;a m; weiqfrks