Life
දරුවන්ගේ මොළය වර්ධනයට අත්‍යවශ්‍ය පෝෂණය...
මවු කුසයේ කලල අවස්ථාවේ සිටම කුඩා දරුවකුගේ මොළය වර්ධනය වීම සිදු වෙනවා. ඒ වර්ධනය දරුවා බිහිවීමෙන් පසු අවුරුදු 10ක් වන තෙක් සිදුවෙනවා. එයිනුත් මුල් අවුරුදු පහ තුළ මොළයේ වර්ධනය සීග්‍රයෙන් සිදු වෙනවා. ඒ සඳහා දරුවාට ලැබෙන පෝෂණය, හෝර්මෝන වර්ගවල ක්‍රියාකාරීත්වය, ජානමය වෙනස්වීම්, ඔහු ජීවත් වන පරිසරය හා මොළයට ලැබෙන උත්තේජනය ඉතා වැදගත්.
කුඩා දරුවකුගේ මොළය නැතහොත් නියුරෝනවල වර්ධනයට අවශ්‍ය පෝෂණය පිළිබඳ කතා කරන විට එය කුඩා දරුවකුගේ මොළයේ වර්ධනයට වගේම පරිණත බව ඇති වීමටත් ඉතා වැදගත්. ඒ සඳහා දරුවන්ට සමබල ආහාර වේලක් ලබා දිය යුතුයි.
දරුවකුගේ මොළය වර්ධනයට අවශ්‍ය පෝෂණය පිළිබඳ කතා කිරීමේදී ප්‍රෝටීන ඉතා වැදගත්. ප්‍රෝටීන කුඩා දරුවකුගේ මොළය වර්ධනයට අවශ්‍ය මූලිකම පෝෂකයක්. ප්‍රෝටීන බහුල ආහාර සලකන විට බිත්තර අපිට අමතක කළ නොහැකි ආහාරයක්. බිත්තර සුදු මදයේ ප්‍රෝටීන අඩංගුයි. මේ හේතුවෙන් දරුවකුගේ මොළය වර්ධනයට බිත්තර සුදු මදය සහ කහ මදය ආහාරයට දීම ඉතාමත් සුදුසුයි. බිත්තර සුදු මදය ආහාරයට දීම ඉතාමත් සුදුසුයි. බිත්තර මුදු මදය ඕනෑ තරමක් ආහාරයට දිය හැකි අතර කහ මද එකක් දවසකට ලබා දීම වඩා සුදුසුයි.
කිරි, මුදවපු කිරි, යෝගට් වැනි ආහාරවලද ප්‍රෝටීන අඩංගුයි. විශේෂයෙන් මුදවපු කිරි සහ යෝගට්වල ප්‍රෝටීන සහ කැල්සියම් බහුලයි. දරුවාට දියර කිරි දිනකට දෙවතාවකට වඩා ලබා දීම අවශ්‍යයි. මේ ආහාර කුඩා දරුවන්ගේ මොළය වර්ධනයට ඉතාමත් වැදගත්. මාළුවලද ප්‍රෝටීන බහුල වශයෙන් පවතිනවා. ඒ නිසා කුඩා දරුවන්ගේ ආහාරයට එක් කිරීමට වඩාත් සුදුසුයි. විශේෂයෙන් මාළුවල ඔමේගා 3 ෆැටි ඇසිඩ් (ර්ණීථඥඨච 3 ජ්චබබර ඒඵඪඤ) අනූනයි. සැමන්,
කෙලවල්ලා වැනි මාළු වර්ගවල
මේ සංඝටක බහුලයි. මේවා දරුවකුගේ මොළය වර්ධනයට ඉතාමත් වැදගත්. ඒ වගේම ඔමේගා 3 ෆැටි ඇසිඩ් (ර්ණීථඥඨච 3 ජ්චබබර ඒඵඪඤ) කුඩා දරුවන්ගේ මතක ශක්තිය වැඩි කිරීමටත් බෙහෙවින් වැදගත්.
මීට අමතරව මුං, කඩල, කවුපි, සෝයා වැනි ධාන්‍ය වර්ගවලත් ප්‍රෝටීන බහුලයි. ඒවගේම කෙඳි වර්ගවල විටමින් ඕ ෆෝලික් ඇසිඩ් බහුලව අඩංගුයි. මේ නිසා දරුවන්ගේ උදෑසන ආහාර වේලට ධාන්‍ය ආහාර ලබා දීම මොළයේ වර්ධනයට ඉතා වැදගත්. විශේෂයෙන් බත් සමඟ මාළුවක් ලෙස හෝ ධාන්‍ය ආහාරයක් ලෙස දීම සුදුසුයි.
ඒ වගේම පලතුරු වර්ග සහ කොළ පැහැති පලා වර්ගත් දරුවන්ගේ මොළය වර්ධනයට ඉතා වැදගත් ඒවායේ විටමින් ඒ සහ ඡ් අඩංගුයි. ඒවා ප්‍රති ඔක්සිකාරක (ඒදබඪ ර්ණීයඪඤඥදබ) විදියට යම් යම් අවස්ථාවලදී දරුවන්ගේ මොළය වර්ධනයට උපකාර වෙනවා. මේ නිසා දරුවන්ට ප්‍රධාන ආහාර වේල් තුනට ලබා දෙන සමබල ආහාර වේලට පලතුරු හා පලා එක් කර ගත යුතුයි.
මීට අමතරව සූරියකාන්ත තෙල්වලත් විටමින් ඡ් අඩංගුයි. මේවා ප්‍රතිඔක්සිකාරක ලෙස ක්‍රියා කර මොළය වර්ධනයට උපකාරී වෙනවා. ඒවාගේම රතු මස්වලත් ප්‍රෝටීන බහුලයි. ඒවාද දරුවන්ගේ ආහාරයට එක් කිරීමට සුදුසුයි. විශේෂයෙන් මෙවැනි ආහාර දරුවන්ගේ මොළය වර්ධනයට උපකාර වන හෙයින් නිරතුරුවම දරුවන්ගේ ආහාරයට එක් කිරීම කළ යුතුයි.
Wmqgd .ekSu u