Health
දද කුෂ්ට බෝ වෙනවාදරෑ
රාගම ශික්ෂණ රෝහලේ වෛද්‍ය
මහින්ද හේමප්රිය
එක්තරා රෝගීයෙන් සායනයට ආවේ තමන්ගේ කකුලේ තියෙන දදයට (Eczema) ප්‍රතිකාර ගන්නයිග ප්‍රතිකාර වලටත් වඩා ඔහුට අවශ්‍ය වුණේ තමන්ගේ බිරිඳට මෙය බෝ වන්නට පුළුවන්ද කියන ප්‍රශ්නයට පිළිතුරක් සොයා ගැනීමයිග බොහෛ දෙනෙකුට මෙය ප්‍රශ්නයක් ඒ නිසා දදය හෙවත් Eczema ගැන කතා කිරිම වඩාත් යෝග්‍යයි මම සිතනවාග
ර්ණදදය” කියන්නේ සමේ ඇතිවන රෝගි තත්ත්වයක්ග ඇත්තටම දදයට නිශ්චිත රෝග ලක්ෂණයක් හෝ පින්තූරයක් ආකාරයට විස්තර කළ හැකි ස්ථීර රෝග තත්ත්වයක් නැහැග ඒ කියන්නේ ර්ණදදය” එක් ආකාරයකට වියළි සමක්ල ඉරි තැලීමක් හා කැසීමක් පමණක් ලෙස දකින අතර තවත් ආකාරයටකට ඉස්ම හෝ ශ්‍රාවයන් ගලනාල තුවාලවු සම ඝනකමවු කැබලි ගැලවී යන ඇසට සොඳුරු දසුනක් නොවන ර්ණකුෂ්ඨ” යක් ලෙස දැකිය හැකියිග පොදුවේ ගත් කළ ර්ණදදයක” ඇති රෝග ලක්ෂණ ලෙස සම වියළීමල රතු වීමල කැසීමල ඉරිතැලීමල කබොල්ලක් ඇති වීමල කුඩු ලෙස ගැලවී යාමල වතුර බිබිලි ඇති වීමල ඉස්ම හෝ ශ්‍රාවයන් ගැලීමල සමහර විට රුධිරය ගැලීම ලෙස විස්තර කළ හැකියිග
ර්ණදදය” ඇති වන්නේ ඇයි ද කියන කාරණය තවමත් පැහැදිලි නැති දෙයක්ග නමුත් එය පාරම්පරිකව ආරයට යන හෝ පාරිසරික කාරණා නිසා ඇතිවන දෙයක් බව නම් පැහැදිලියිග පපුවේ මහන්සිය හෝ ඇදුමල දදය ආදී රෝග අසාත්මික ගනයේ ලා සැලකෙන රෝග වර්ගයිග (Allergic diseases) ඒ කියන්නේ පරිසරයේ ඇති කිසියම් ද්‍රව්‍යයකට විරුද්ධව ශරීරයේ ප්‍රතිශක්ති කරන පද්ධතිය ක්‍රියාත්මක වීමෙන් ඇතිවන රෝගයිග අපගේ ශරීරය විෂබීජ පමණක් නොව පරිසරයේ වෙනත් ආගන්තුක දෙයක් පවා ශරීරයට අයිති නැති ඒවා සේ සලකා ඒවා විනාශ කිරීමට ර්ණආයුධ” නිපදවනු ලබනවාග මේවා ර්ණප්රතිදේහ” ලෙස හඳුන්වනු ලබනවාග මේ ප්‍රතිදේහ නම් වූ ආයුධ හා අදාල පාරිසරික ද්‍රව්‍ය සටන් කිරීමේදී ඇතිවන ප්‍රතිඵලයක් ලෙස දදයල ඇදුම වැනි රෝග ඇති වෙනවාග
විශේෂයෙන් නිවෙස් තුළ පවතින දූවිලි ආශි‍්‍රතව සිටිනා ර්ණදූවිලි මැක්කා” (House dust
mite) නම් වූ ඉතා කුඩා ජීවියාගේ කොටස්වලට මෙවැනි රෝග ඇති කළ හැකි බැව් සොයාගෙන තිබෙනවාග ඒ වාගේම ර්ණබිත්තර” වැනි ආහාර වර්ගවලට ඇති ප්‍රතිචාරයක් ලෙසද ර්ණදදය ඇතිවීම සිදුවිය හැකියිග
නමුත් මෙහිදී සඳහන් කළ යුතු විශේෂ දෙයක් වන්නේ ආහාර අසාත්මිකතාව Food Allergy නිසා ඇතිවන රෝග ලක්ෂණල ර්ණදදය” තුළ ඇති රෝග ලක්ෂණ වලින් වෙන්කර ගැනිමයිග ඉහතින් සඳහන් කළ පරිදි බිත්තර හෝ තවත් එවැනි ආහාර නිසා ර්ණදද” ඇති විය හැකි වුවද ර්ණආහාර සඳහා ඇති අසාත්මිකතාවර්ණ ඊට වඩා වෙනස් දෙයක් බව මතක තබාගත යුතු වෙනවාග
ර්ණදදය” ඇති වූ ස්ථානයේ කැසීමේදී නියපොතුවලට තුවාල වීල එම තුවාල සුව වීමට කබොල්ලක් හෝ තුවාල කැලලි :ීජ්ර- සෑදීම නිසා දදය ප්‍රමාණයෙන් වැඩිවිය හැකි වෙනවාග මේ නිසා ර්ණදදයක්” ඇති වූ විට කැසීම පාලනය කර ගැනීම ඉතා වැදගත්ග අදාළ ඖෂධ වර්ග හා කැසීමෙන වැළකීමට මනස යොමුකිරිම වඩාත් යෝග්යයිග
ර්ණදදය” සඳහා සම්පූර්ණයෙන් සුවකළ හැකි නිශ්චිත ප්‍රතිකාරයක් ඇත්තේ නැහැග නමුත්ල සාර්ථක ලෙස රෝග ලක්ෂණ පාලනය කර රෝග තත්ත්වය ඉවත් කිරීමට හෝ පාලනය කිරීමට ඖෂධ ප්‍රතිකාර තිබෙනවාග ඖෂධ ප්‍රතිකාර මඟින් ප්‍රදාහය තත්ත්වය අඩු කර ගැනීමත්ල ශ්‍රාවයන් ගැලීම නැවතීමත් කැසීම නැවතීමත් විෂබීජ මඟින් ර්ණදදය” පැසවීම වැළක්වීමත් සිදු කරනු ලබනවාග මේ නිසා රෝගියාගේ ජීවන තත්ත්වයට සහනයක් ඇති කරනු ලබනවාග
දදය සෑදෙන්නේ ශරීරය තුල පවතින ප්රතිශක්කිකරණ පද්ධතියේ ප්‍රතිචාරයක් මත නිසා මෙය කෙනෙකුගෙන් තවත් කෙනෙකුට බෝ වන්නේ නැහැග සාමාන්‍යයෙන් බෝ වන රෝගයක් වන්නේල විෂබීජ මඟින් ඇති කරන රෝග තත්ත්වයන් වන අතර ර්ණදදය” විෂබීජයක් නිසා ඇති නොවන දෙයක් නිසා තවත් කෙනෙකුට බෝ වීමේ අවදානමක් කිසිසේත් ඇත්තේ නැහැග
දදයක් ඇතිවන ආකාරයත් එය තවත් කෙනෙකුට බෝ විය හැකිද යන්නත් ගැන පාඨක ඔබට දැන් වැටහෙනවා ඇතිග
curtesy :dinamina.lk