Life
දත් සුරකින වත්පිළිවෙත්
ශරීර සෞඛ්‍ය ගැන සිතන ඔබ දන්ත සෞඛ්‍ය ගැන උනන්දු වනවාද? දිදුලන දත් දෙපළක් හිමි වීම ඔබේ සුන්දරත්වය වඩාත් ඔප් නංවන්නකි. මුතුවන් දත් දෙපළක් හිමි කර ගන්න කැමැති ඔබට මේ කාරණා වැදගත් වෙයි.
දත් අවපැහැ කරන ආහාර
වයින් වර්ග, දුඹුරු තේ පානය කරන්නේ නම්, නිතර දුම් පානය කරන්නේ නම් ඔබේ දත් අවපැහැ ගැන්වෙයි. එපමණක් නොව කෝලා වර්ග, තද පැහැති පාන වර්ග නිතර ගැනීමත් මෙයට හේතුවෙයි. එම වර්ණ දත්වල රැඳීම නිසා මේවා ගත් පසු දත් මැද පිරිසුදු කිරීමට සිහි තබා ගන්න. සාමාන්‍ය දන්තාලේප වෙනුවට දත් හොඳින් පිරිසුදු කරන නිෂ්පාදනයක් භාවිත කරන්න. මාස 6කට වරක් හෝ දන්ත වෛද්‍යවරයකු වෙත ගොස් දත් පරීක්ෂා කර ගැනීම වඩාත් සුදුසුයි.
දත් බුරුසුව මාරු කිරීම
මාස දෙකකට හෝ තුනකට වරක් ඔබේ දත් බුරුසුව මාරු කිරීම වඩා සෞඛ්‍යාරක්ෂිතයි. දත් මදින විට මුඛය තුළ ඇති බැක්ටීරියා නිතර එහි ගැටීමත් ඒ හේතුවෙන් විසබීජ වර්ධන වීමත් වන නිසා දත් බුරුසුව විටින් විට මාරු කරන්න. අංශක 45ක ඇලයකට බුරුසුව තබාගෙන වක්‍රාකාරව දත් මැද පිරිසුදු කරන්න. දත් බුරුසුව පෑනක් මෙන් තරමක් ලිහිල්ව අල්ලාගෙන දත් මැදීම සිදු කරන්න.
දිව පිරිසුදු කිරීම
දත් මදින ආකාරයටම දිවද සෑම උදෑසනකම මැදීම කළ යුතුමයි. එහි බැඳෙන මැලියම් හා එහි වර්ධනය වන බැක්ටීරියා බුරුසුවෙන් මදිමින් සූරා ඉවත් කර පිරිසුදු කරන්න.
දත් පිරිසුදු කරන ආහාර
කර කර ගා හැපෙන ඇතැම් ආහාර වර්ග දත් පිරිසුදු කිරීමට සමත්ය.
ඇපල්, අමු කැරට්, සැල්දරි, පොප්කෝන් වැනි ආහාර ඉන් කිහිපයකි. මෙම ආහාර ගැනීමෙන් පසු දත් මැද පිරිසුදු වීම අත්‍යවශ්‍ය නොවේ.
උගුර සේදීමට ඇපල් හා විනාකිරි
සෑම දිනම උදෑසන දත් මැද පිරිසුදු වන්න විනාකිරි දත්වල කුණු ඉවත් කර සුදුවන් කිරීමට සමත් වෙයි. එපමණක් නොව මුඛයේ බැක්ටීරියා විනාශ කර පිරිසුදු කිරීමට ඇපල් යුෂ සමඟ මිශ්‍ර කර ගත් විනාකිරි දියර යොදා උගුර සෝදා හරින්න.
සතියකට වරක් ලුණු දියරයෙන් දත් පිරිසුදු කරන්න
දත්වල අවපැහැ බව ඉවත් කර සුදුවන් පැහැයක් ලැබීමට සුදුසු දන්තාලේපයක් භාවිත කරන්න. ලුණුත් මෙයට කදිම ආදේශකයක්.
නැවුම්ව සිටින්න
මුඛයේ නැවුම් බව පරීක්ෂා කිරීමට නම් අතට හුස්මක් වැදීමට සලස්වා එය නාසයට ළං කර බලන්න. දුගඳක් ඇත්නම් දත් නිසි ලෙස පිරිසුදු නොවූ බව ඉන් හැඟවෙයි. මුඛය නැවුම්ව තබා ගැනීමට ඇල්කොහොල් රහිත ර්ධභබඩ එචඵඩ එකක් භාවිත කරන්න.
තොල් ආලේපන
දීප්තිමත් රතු වැනි තද වර්ණ තොල්වලට ගැල්වීමෙන් දත් අවපැහැ පෙනුමක් ගනියි. මේ නිසා ළා පැහැති තොල් ආලේපන තෝරා ගන්න.
Wmqgd .ekSu u