Life
දත් දිරන්නේ පණුවෝ කෑමෙන් නොවේ
කටේ දත් දිරායැමට ගොදුරු නොවූ අයට වඩා ඊට ගොදුරු වූ පිරිස අප සමාජයේ බොහෝය.
ඒ නිසා වර්තමානයේ අප බොහෝ දෙනකුගේ මුඛයෙහි දත් 32 කම නිරෝගීව ඇති අය
සිටින්නේ සුළු වශයෙනි.
දත් දිරායන්නේ ඇයි?
දත් දිරායැම හදිසියේ සිදුවන දෙයක් නොවෙයි. එය කාලයක් තිස්සේ ඉතා සෙමින් සිදුවන ක්‍රියාවලියක ප්රතිඵලයකි.
දතක්
දිරායැම සඳහා බලපාන ප්‍රධාන කරුණු හතරක් තිබේ. සීනිමය ආහාර ගැනීම, අම්ල
නිපදවන බැක්ටීරියා ආසාදනය, අවදානම් දන්ත මතුපිට පැවතීම සහ දත් පිරිසිදුව
තබා නොගැනීම යන කරුණු හතර දතක් දිරායැමට බලපාන ප්‍රධාන කරුණු හතර ලෙස
හඳුනාගෙන ඇත.
සීනිමය ආහාර ගැනීම
සීනි සහිත ආහාර පාන වල දත් දිරායැමට බලපාන අම්ල වර්ග ඉතා පහසුවෙන් ක්‍රියාකරනු ලබයි.
ඒ නිසා සීනි සහිත ආහාර පාන නිතර නිතර ගැනීමෙන් දත් දිරායැමේ අවදානම වැඩිය.
එය පාලනය කිරීමට නම් සිනි සහිත ආහාර පාන වැඩිපුර ගැනීම පාලනය කළ යුතුය.
සීනි සහිත ආහාර වර්ගයක් ගත්විට මුඛය පිරිසිදු කර ගැනීමට යොමු විය යුතුය.
එහිදී දත් බුරුසුවකින් දත් මැදීම කළ නොහැකි නම් ජලයෙන් හෝ මුඛය සේදිය යුතුයි.
අම්ල නිපදවන බැක්ටීරියා
දත් දිරායැම සිදුවන්නේ මුඛයේ නිපදවන අම්ල වර්ග මඟිනි. එසේ නොමැතිව පණුවන් විසින් කා දැමීමකින් නොවේ.
මෙම
අම්ල වර්ග නිපදවිය හැකි බැක්ටීරියාවන් මුඛයේ ජීවත් වේ. ඔවුනට අම්ල
නිපදවීම සඳහා සීනිමය ආහාරපාන අවශ්‍යය. අප වැඩිපුර සීනි ආහාර මුඛය මඟින්
ගන්නා විට බැක්ටීරියාවන්ගේ අම්ල නිපදවන වේගයද වැඩි වේ.
අවදානම් දන්ත මතුපිටක් පැවතීම
ක්‍රමවත්
දතක බාහිර ආවරණය හෙවත් එනමලය ඉතා සුමටය. නමුත් ඇතැම් අවස්ථාවලදී දත
මතුපිට රළුවේ. ඊට බලපාන හේතු කිහිපයක්ද ඇත. එනම් දතක් වැඩෙන විට සිදුවිය
හැකි කිසියම් අඩුපාඩුවක් නිසා දතෙහි මතුපිට රළු වේ. එසේම දත් හොඳින්
පිරිසිදු නොකිරීම නිසා දත් මැලියම් එකතුවීමෙන් ද දත මතුපිට රළු වේ.
දත් පිරිසිදුව තබා නොගැනීම
දත්
නිර්මාණයවී ඇත්තේ ආහාර කැබලි කිරීමට හා ඇඹරීමටය. එබැවින් එම දත්වළ මතුපිට
පෘෂ්ඨය වලගොඩැලි වලින් සමන්විතය. දත් හොඳින් පිරිසිදු නොකළහොත් එම වල
ගොඩැලි අතර ආහාර කැබලි සහ මැලියම් එකතු වේ.
ඇතැම් පුද්ගලයින්ගේ මෙම
වළ ගොඩැලි අවශ්‍ය ප්‍රමාණයට වඩා ගැඹුරුය. එවිට ආහාර කැබලි බැක්ටීරියා සහ
දත් මැලියම් මෙන්ම නිපදවෙන අම්ල ද මෙම ගැඹුරු කුහර තුළ එකතු වේ. එවැනි
දතක් ඉතා ඉක්මනින් දිරායයි.
දත් දිරායාEම වලක්වා ගන්නේ කෙසේද?
දත්
දිරායාම වලක්වා ගැනීමට කළ යුතු ප්‍රධානම කටයුත්ත වනුයේ මුඛය පිරිසිදුව
තබා ගැනීමය. එනම් උදේ සහ රාත්‍රී දිනකට දෙවරක් හොඳින් දත් මැදීම, ආහාර ගත්
පසු පිරිසිදු ජලයෙන් මුඛය සෝදා හැරීමය.
සීනි සහිත ආහාර පාන ගැනීම පාලනය කළ යුතුය.
මාස 06කට වරක්වත් දන්ත වෛද්‍යවරයෙකුට පෙන්වා තම දත්වල නිරෝගී බව පරීක්ෂා කර ගැනීමට යොමුවිය යුතුය.
දන්ත ශල්‍ය වෛද්‍ය
නන්දන කොල්ලුරේ
Wmqgd .ekSu Èjhsk mqj;a m; weiqfrks