Life
තිහෙන් පස්සෙත් කෙල්ල වගේ ඉන්න රූපලාවණ්‍ය උපදෙස්
කොණ්ඩයේ වියළි බව
වියළි කොණ්ඩයක් කියන්නෙ ගොඩක් වෙලාවට තරුණ පෙනුම අඩු වෙන්න හේතුවක්. කොණ්ඩය වියළි බවට පත් වෙන්නේ හිස්හොරි නිසා. ඉතිං හිස්හොරි නැති කර ගත්තොත් ඒක තරුණ පෙනුමක් ඇති වෙන්නත් හේතුවක් වෙනවා. මේ සඳහා රාත්‍රියට උළුහාල් ටිකක් පෙඟෙන්න දාලා උදේට ඒක බ්ලෙන්ඩර් එකේ අඹරා ගෙන පැක් එකක් විදියට ඔළුවට දාලා පැය බාගයක් විතර තියලා සෝදා හරින්න පුළුවන්. ඒකෙන් කෙස්වල වියළි බව නැති වී, කෙස් හැලෙන එකත් අඩු වෙනවා.
ඒ වගේම නාන්න පැයකට විතර කලින් ඔලිව් තෙල් ටිකක් රත් කරලා ඔළුවට දාලා හිස් කබල සම්බාහනය කර ගන්න පුළුවන් නම් රුධිර ගමනාගමනය වැඩි වෙන නිසා කෙස්වල දීප්තියත් වැඩි කරන්න පුළුවන් වගේම කොණ්ඩයේ අගිස්ස පැළෙන එක නතර කර ගන්නත් පුළුවන්.
අකලට කෙස් ඉදීම
ගොඩක් තරුණියන්ගෙ අවුරුදු 30ක් විතර වෙද්දී කොණ්ඩය ඉදෙන්න පටන් ගන්නවා. අකාලයේ කොණ්ඩය ඉදෙන එක පරම්පරාවෙන් එන ලක්ෂණයක්. ඒ වගේම තමන්ගේ රැකියාවේ ස්වභාවයත් ඊට බලපානවා. තෙත පිටින් කොණ්ඩය තද කරලා බැඳගෙන ඉන්න එකත් මේකට හේතුවක්. දීර්ඝ කාලීනව හිසරදයට බෙහෙත් ගන්න අයගෙත් කෙස් අකාලයේ ඉදෙන්න පුළුවන්. හෙයා ඩ්‍රයර්, හෙයා අයන් හැම තිස්සෙම පාවිච්චි කරන එකත් මේකට හේතුවක්. දෙහි කොළ ඉස්ම, දෙහි යුෂ සහ පොල් කිරි එක්ක අව්වේ තියලා කකාරා කොණ්ඩයේ ආලේප කිරීමෙන් කෙස් ඉදීම අඩු කරගන්න පුළුවන්. එය කොණ්ඩය ඉදීම අඩු කරන ප්‍රතිකර්මයක්.
සමේ වියළි බව
සමේ පෙනුම රැක ගන්න කරන්න පුළුවන් හොඳම දෙය තමයි දිනකට ජලය හැකිතාක් පානය කිරීම. සාමාන්‍යයෙන් දිනකට ජලය ලීටර් හයක් වත් පානය කරන්න කියන එක තමයි වෛද්‍ය උපදේශය. ලීටර් 6ක් නැති වුණත් නිතර නිතර ජලය පානය කරනවා නම් හොඳයි. ඒ සී කරපු ඔෆිස්වල දවසම සේවය කරන අයට මේ කාරණය අනිවාර්ය වෙනවා. එහෙම අයගේ සම වැඩිපුරම සහ ඉක්මනින්ම වියපත් බවට පත් වෙනවා. ඉතින් ජලය පානය කිරීමෙන් සමේ තෙතමනය රැක දෙනවා. ඒ කියන්නේ සමේ වියළි බව නැති වී වියපත් බව අඩු වී යනවා කියන එකයි.
සමේ පෝෂණය අඩුවීම
සමේ පෝෂණය ගැන හිතන අයට කොළ මැල්ලුම් ආහාරයට ගැනීම ඉතාම වැදගත් වෙනවා. ඒ වගේම විටමින් ඩී සහිත ආහාර, ධාන්‍ය වර්ග මඟින් සිරුරේ ගෙවී ගිය පටක අලුත්වැඩියාව සිදු වෙනවා. කොළ මැල්ලුම් ආහාරයට ගන්නවා නම් ඒවායේ පෝෂ්‍ය පදාර්ථ ඒ ආකාරයෙන්ම ලබා ගන්න ඕනෙ. ඒකට කරන්න තියෙන්නෙ කොළ මුල්ලුම් වර්ග මඳ ගින්නේ පිස ගැනීමයි. සාමාන්‍යයෙන් ගොටු කොළ වගේ දේවල් පිසින්නේ නැති වුණත් අනිකුත් කොළ මැල්ලුම් වර්ග ආහාරයට ගන්නේ පිසීමෙන් පසුවයි. නමුත් එය කරන්න ඕනෙ පෝෂ්‍ය පදාර්ථ විනාශ වෙන්නේ නැති විදියටයි. එහෙම නැතිනම් කොච්චර කොළ මැල්ලුම් ආහාරයට ගත්තත් වැඩක් වෙන්නේ නැහැ.
මී පැණි සමඟ විනාකිරි
මඳ උණුසුම් වතුරට විනාකිරි තේ හැන්දක් සහ මී පැණි තේ හැන්දක් එක්ක කලවම් කරලා බොනවා නම් සිරුරේ තියෙන විස සහිත දේවල් ඉවත් වෙනවා. ඒ කියන්නේ දහනය නොවී ඉතිරි වුණු දේවල් සහ ජීර්ණය නොවී ඉතිරි වුණු දේවල් සිරුරෙන් ඉවත් වෙනවා. උපරිම ප්‍රතිඵල ලබා ගැනීමට නම් මෙය පානය කරන්න ඕනෙ හැමදාම උදෑසන තේ පානය කරන්න කලින් හිස් බඩටයි. ඉන් පැය බාගෙකට විතර පස්සේ තේ පානය කළාට වරදක් නැහැ.
සමේ අපිරිසුදුකම
අපේ සම නිතරම අපිරිසුදු වෙනවා. ඒ විදියට අපිරිසුදු වෙන සම නියමිත පරිදි පිරිසුදු කර ගත්තෙ නැති වුණොත් සමේ තියෙන දිලිසෙන ස්වභාවය නැති වෙලා වියපත් පෙනුමක් ඇති වෙන්න පුළුවන්. මේ නිසා සම හරි විදියට පිරිසුදු කරන ගමන් දීප්තිමත් බව රැක ගන්නත් සිදු වෙනවා. මේ සඳහා නැවුම් අලිගැටපේර මදය සූරා එයට මී පැණි ස්වල්පයක් දමා මිශ්‍ර කර සමේ ආලේප කරලා විනාඩි 20කින් විතර සෝදා හරින්න ඕනෙ. හැබැයි ප්‍රතිකාරය තෙල් සහිත සමකට සුදුසු නැහැ.
සමේ තෙතමනයට බෙලි
සමේ පැහැපත් බව දීර්ඝකාලීනව පවත්වා ගන්නත්, සමේ තෙතමනය ර
Wmqgd .ekSu u