මට හැමදාමත් වයසට වඩා තරුණ පෙනුමකින් ඉන්නට ඇත්නම්.... මේ මොන තරම් අවිහිංසක සුන්දර සිතුවිල්ලක් ද? ගැහැනු, පිරිමි භේදයකින් තොරව කොයි කාටවත් වගේ වයඞ කල්‍යාණය රැක ගන්නට ඇත්තේ නොනිමි ආශාවකි. ඉන්දියානු ආයුර්වේද ඖෂධ වට්ටෝරුවලින් සහ චීන සම්බාහන ක්‍රමවේද ඇතුළත් ඉපැරණි කලාවක් වන තායි ආයුර්වේද සම්බාහනය මෙලෙස හැමදාමත් ඔබේ තරුණ බව රකින රහස ලෙස කටයුතු කරයි.
මෙය විශේෂයෙන්ම කාන්තාවන්ගේ සිරුරේ ක්‍රමවත් හැඩය මෙන්ම තරුණ ස්වභාවය සදාතනිකව රැකගත හැකි සත්කාර ක්‍රමවලින් සමන්විතය. මානසික සහනය සහ ඒකාග්‍රතාව ද ලබාගත හැකි ක්රමවේදයකි.
ඉපැරැණි තායි රාජ වංශික කුල කුමරියන් තම රූ සපුව ඉතාම රමණීය සහ ශෝභාමත් ලෙස මෙන්ම ආකර්ෂණීය බවකින් යුක්තව පවත්වා ගැනීමට භාවිත කළ සුප්‍රකට වෛද්‍ය ක්රමයකි තායි සම්බාහනය. මෙය ආසියාතික ඉපැරණි වෛද්‍ය කලාවක් මෙන්ම රූපලාවණ්‍ය සහ සුවතා විද්‍යාවක් ද වේ.
තමාගේ රුව අලංකරණය කෙරෙහි සැලකිලිමත්වන බොහෝ දෙනා මුහුණ, අත් පා වැනි බාහිරව ප්‍රදර්ශනය වන අංගවලට පමණක් විවිධාකාර සත්කාර කරයි. එහෙත් මුළු සිරුරටම එක ලෙස ක්රමානුකූල සත්කාරයක් නො ලැබෙයි.
යම් හෙයකින් රූපලාවණ්‍ය කටයුතු අතපසු වූ සැණින් එම වෙනස බාහිරට දැකගත හැකි වීම නිසා බොහොමයක් කාන්තාවන් අපහසුතාවට පත්වේ.
මෙහිදී හිස, මුහුණ, උරහිස්, පිට ප්‍රදේශය, උකුල, උදරය, පාද සඳහා ක්රමානුකූල ක්‍රමවේදයකට සම්බාහන ප්‍රතිකාර ලබාදෙයි. එමඟින් සිරුරේ ආකර්ෂණීය හැඩය මනාව සැකසේ.
මේ සඳහා යොදා ගැනෙන්නේ නිසි ප්‍රමිතියට සැකසූ මෙරට ආයුර්වේද වෛද්‍ය අමාත්‍යංශ අනුමැතිය සහ සෞඛ්‍ය අමාත්‍යංශ අනුමැතිය ලැබූ ඖෂධ පමණයි. ඒවා ඉතාම අනර්ඝ තත්ත්වයේ, උසස් ආයුර්වේද තෛල වර්ග වනඅතර වයස සහ සමේ තත්ත්වය මෙන්ම අවශ්‍යතාව අනුව ද මෙම තෛල වර්ග වෙනස් ලෙස යොදා ගනී.
පූර්ව සෞඛ්‍ය පිරික්සීම
තායි ආයුර්වේද සම්බාහනයක් ලබා ගැනීමට පෙර පූර්ව සෞඛ්‍ය පිරික්සීමක් සිදු කෙරේ. ශරීරයේ තුවාල හෝ සමේ ආසාදන රෝග ඇත්දැයි නිරීක්ෂණය කරයි. එමෙන්ම අධික රුධිර පීඩනය හෝ හෘදයාබාධ වැනි තත්ත්වයන්ගෙන් පෙළෙන අයකු නම් මෙම සත්කාර ලබාගැනීමට ප්‍රථම පිළිගත් වෛද්‍යවරයකුගේ පූර්ව නිරීක්ෂණය සහ අනුමැතිය ලබාගත යුතුයි.
සම්බාහන ක්‍රමවේද
මෙහි ප්‍රධාන සම්බාහන ක්‍රමවේද දෙකක් පවතී. එකක් තෛල සම්බාහනයයි. අනෙක යෝගී තෛල සම්බාහනයයි. තෛල සම්බාහනයේදී සිරුරේ පාදාන්තයේ සිට හිස දක්වාම පුරා පැය එක හමාරක කාලයක් ක්‍රමවත් ලෙස ඇඟිලි හැසිරවීමේ ශිල්ප මඟින් සම්බාහනය සිදුවේ. සුදුසු ආයුර්වේද තෛල යොදා ඇඟිලි තුඩු සහ අත්ල මඟින්, සියුම් සහ රිද්මයානුකූලව සිදු කරනා අතිශය සුවතායි සහ සහනදායී ක්රමවේදයකි. පාදය යොදා ගනිමින් කරනා විශේෂ සම්බාහන ක්‍රමවේද පවා ඊට ඇතුළත් වේ. යෝගී තෛල සම්බාහනය යනු තෛල සම්බාහන ක්‍රමවේදය සමඟ ව්‍යායාම් සහ භාවනා ක්‍රමවේද යොදා ගනිමින් සිරුර සමඟ මනස සැහැල්ලු කරවීමයි. මෙමඟින් ක්‍රමවත් සහ නම්‍යශීලී හැඩයක් සිරුරට ලැබේ.
තායි සම්බාහන ක්රමයේ තවත් කොටසක් ලෙස ශාකසාර සහ පලතුරු සාරය යොදා ගනිමින් කරන සත්කාර හැඳින්විය හැකියි. මෙහිදී ෆේෂල් ක්‍රම සහ නිල චිකිත්සාව මඟින් රූපලාවණ්‍ය ඔප් නැංවීම සඳහා සැකසූ ක්‍රමවේදයක් ද ඇතුළත් වේ. මෙම ප්‍රතිකාර ක්රමයේ දී ඖෂධීය පානයක් මඟින් ද සිරුරට නිසි ප්‍රමිතිගත සත්කාරය ලබා දේ.
විවාහ මංගල්‍ය සඳහා සූදානම්වන, රූ රුජින තරග සඳහා හෝ රංගනය මෙන්ම නර්තනය, මෝස්තර නිරූපණ ශිල්පය වැනි ඉසව් සඳහා ඉදිරිපත් වීමට සූදානම්වන තරුණ යුවතියන් සඳහා මෙම තායි ආයුර්වේද සම්බාහන සත්කාර ක්‍රම ඉතාම විශේෂයි.
එමෙන්ම රැකියාවල හා ක්‍රීඩා කටයුතුවල නිරතවන කාන්තාවන්ට මානසික ආතතියෙන් පෙළෙන හා වාත රෝගවලින් පීඩාවට පත්ව සිටින කාන්තාවන්ට පවා මෙම සත්කාර ක්‍රමය වඩාත් ප්‍රතිඵලදායකයි.
තායි ආයුර්වේද සම්බාහන වෛද්‍ය කලාව අපේ රටට තරමක් ආගන්තුකය. තායිලන්තයේ ලන්තා තායි ස්පා ඇකඩමියේ තායි ආයුර්වේද වෛද්‍ය කලාව පිළිබඳ විශේෂඥවරුන් පිරිසක් මෙම සේවාව ප්‍රථම වරට ශ්‍රී ලංකාවට හඳුන්වා දේ. නුදුරු දිනකදීම මෙය අපේ රටේ ආයුර්වේද වෛද්‍ය මධ්‍යස්ථාන, සංචාරක හෝටල්, රජයේ ආයුර්වේද රෝහල්වලදී ස්පා ක්‍රමයක් ලෙස ඔබ වෙත සමීපවනු ඇක.
ඔබටත් තායි ආයුර්වේද සම්බාහනය පිළිබඳ උපදෙස් සහ වැඩි විස්තර දැන ගැනීමට 0772014717 යන අංකය හා සම්බන්ධ විය හැකියි.