Life
තරුණ වියෙහි කලකිරීමට බලපාන නාඩි ක්‍රියාකාරිත්වය
අපගේ ජීවිතයේ අවධි තුනක් ඇත. ළමා විය තරුණ විය සහ මැදි විය. මෙම අවධි
තුනෙන් ඉතාමත් සංකීර්ණ අවධිය වනුයේ තරුණ වියයි. ජීවිතයේ වගකීම් රැසක්
කරපින්නාගෙන දිවි ගෙවන්නට මෙම අවධියේදී සිදුවේ. එහිදී බොහෝ ප්‍රශ්නවලට
මුහුණ දීමට සිදුවන බව වර්තමානයේ මෙම අවධියෙහි ජීවත් වන්නෝ පවසති. එබැවින්
අපි තරුණ වියෙහි සාර්ථකව දිවි ගෙවිය යුතු අයුරු පිළිබඳව විමසා බලමු.
වෛද්‍යතුමනි, සෘෂි නාඩි වෛද්‍ය විද්‍යාවට අනුව තරුණ වියෙහි දිවි ගෙවන ආකාරය හඳුන්වා ඇත්තේ කෙසේද?
නාඩි
වෛද්‍ය විද්‍යාවට අනුව තරුණ විය හඳුන්වා ඇත්තේ වයස අවුරුදු 26 ත් අවුරුදු
55 ත් අතර කාලයයි. මෙම කාලය තුළ පුද්ගලයකුගේ ජීවිතයේ නොයෙක් වෙනස්කම්
හැලහැප්පීම් සිදුවිය හැකියි. විවාහවීම, දරුවන් ලැබීම රැකියාවල නිරතවීම ආදී
ජීවිතයේ තීරණාත්මක අවස්ථාවනට මුහුණ දීමට ද සිදුවෙනවා. ඒ අතර තවත් පිරිසකට
මේ කිසිම දෙයකට මුහුණ දීමට අවස්ථාව උදා වන්නේ නැහැ. මේ සියල්ලම සිදුවන්නේ
අප මෙළොවට බිහිවූදා සිට හමුවන කාල පරාසයනට අදාළව අප සතුව පවතින පෙර කුසල්
අකුසල් යෑයි සෘෂි නාඩි වෛද්‍යවරු සඳහන් කර තිබෙනවා.
'සකල සත්ත්ව
මනුස්සා තෘථ සෘෂි නාඩි පාපතර භාගා උම්මත්තක භාගා කුසල් අකුසල් භාගා මරණං'
ලෙසින් නාඩි වෛද්‍යවරු සඳහන් කර ඇත්තේ අපගේ පෙර කුසල් අකුසල්හි බලපෑමය.
සමහරු කියනවා මගේ පවුල් ජීවිතය කිසිම සතුටක් නැහැ. ගෙදර මහා අපායක් වගේ කියලා.
දරුවන්ට දෙමාපියන් පේන්න බැහැ. දෙමාපියන්ට දරුවන් පේන්න බැහැ. නයි මුගටි වගේ දබර කර ගන්නවා.
ඇතැම්
තාත්තලා ගෙදරට එන්නේ මත් පැන්, මත් ද්‍රව්‍ය වලින් සිහිය විකල් කරගෙන.
ඔවුනට තම දරුවන් බිරිඳ කියා ආදරයක් කරුණාවක් සෙනෙහසක් හදවතේ මතුවන්නේ
නැහැ. මෙවැනි සමහර තාත්තලා කාමයෙන් සිහි විකල් බවට පත්ව සිටිනවා. එවැනි
පුද්ගලයනට තම දරුවන් කියා වෙනසක් නැහැ. තමා තුළ පවතින විකෘති ආශාවන් ඉටුකර
ගන්න උත්සාහ කරනවා.
මෙවැනි පුද්ගලයන්ගේ නාඩි පරීක්ෂා කිරීමේදී මදන උන්මත්තක, කාම, නාඩි ඉතා දරුණු ලෙස විකෘති තත්ත්වයට පත්ව තිබෙන බව හඳුනා ගත හැකියි.
මෙලෙස
නාඩි විකෘති තත්ත්වයට පත්වූ පුද්ගලයන්ගේ එදිනෙදා ජීවිතය පිළිබඳව විමසා
බැලූ විට ඔවුන් නිතරම කටයුතු කරන්නේ ඉතා අපිළිවෙළට බව පෙනී යනවා. ඇඳුම්
පැලඳුම් පවා අපිරිසිදුයි. සනීපාරක්ෂාව ගැන එතරම් උනන්දුවක් නැහැ.
මෙවැනි
පවුල්හි වැඩිම පීඩාවට පත්වන්නේ කාන්තාවන්ය. විශේෂයෙන්ම විවාහක දරුවන්
සිටින පවුලක් නම් බිරිඳ මෙවැනි තත්ත්වයන් හමුවේ දැඩි ලෙස මානසික පීඩාවට
පත්වෙනවා. ඔවුන්ගේ මෙම මානසික පීඩාව නිසා නිතරම ඔවුන්ගේ මුවින් පිටවන්නේ
සැර පරුෂ වචනය. කලකිරුණු බව දැඩිව පැවතීමෙන් දිවි හානිකර ගැනීමට පවා උත්සාහ
ගන්නවා. නිතරම කල්පනා කරන නිසා ඔවුන්ගේ පෙනුමෙහි ප්‍රසන්න බවක් නැහැ.
මැලවුණු මුහුණක් වැහැරුණු සිරුරක් මතුවෙනවා.
මෙවැනි පවුල්හි
දරුවන් ද ඉතා පහසුවෙන් වැරදි ක්‍රියාවනට යොමුවිය හැකියි සොරකම වංචාව,
අනාචාරයේ හැසිරීම මත්පැන් මත් ද්‍රව්‍ය ආදියට ඉතා ඉක්මනින් යොමු වෙනවා.
වෛද්‍යතුමනි, මෙවැනි තත්ත්වයන්ගෙන් තරුණ වියේ පුද්ගලයන් මුදා ගන්නේ කෙසේද?
පළමුව
මෙවැනි පුද්ගලයන්ගේ පවතින විකෘති වූ නාඩි යළි ප්‍රකෘති තත්ත්වයට පත් කළ
යුතුයි. එහිදී ඔවුනට නාඩි තෙරපුම් ප්‍රතිකාරය ලබාදිය යුතුයි.
දෙවනුව ඔවුනගේ පෙර අකුසලවල බලපෑම පාලනය කළ යුතුයි. ඒ සඳහා ආගම දහමට අනුව කටයුතු කිරීමට යොමු කළ යුතුයි.
තෙවනුව ඔවුනට තම ජීවිතවල වටිනාකම, පවුල් ජීවිතයක ඇති අගය අවබෝධ කර දිය යුතුයි.
මවකගේ කුසින් නිරෝගී දරුවකු ලෙස අතපය ඇස් කන් නාස ඇතිව උපත ලැබීමට අප බොහෝ පිං රැස්කර තිබිය යුතුයි.
එම
පිං මහිමයෙන් උපත ලබා ඇතිදැඩි වන දරුවන් උස් මහත් වී තිරිසන් ගති
පෙන්වන්නේ ඔවුන් තුළ සැඟව ඇති අකුසලයන් නිසාය. එම අකුසලයන් නැතිකරගෙන කුසල්
රැස්කර ගැනීම එතරම් අපහසු නැත. ඒ සඳහා අවශ්‍ය වන්නේ ඉවසීම, කැපවීම, සිත
තුළ කරුණාව, මෛත්‍රිය ඇතිකර ගැනීම පමණයි.
දෙමාපියන් වැඩිහිටියන්
දරුවනට කුඩා කල සිට හොරකම, වංචාව, බොරුව හුරු පුරුදු නොකළ යුතුයි. සත්‍ය
පැවසීමට, අවංක වීමට, අන් අය සමග සුහදව කටයුතු කිරීමට, ප්‍රිය වචන කතා බහ
කිරීමට උනන්දු කරවිය යුතුයි. එවිට එම දරුවන් තරුණ වියට පත්වූ විට වැරදි
ක්‍රියාවනට යොමු වන්නේ නැහැ. ජීවිතය කලකිරීමකින් යුක්තව ගත කරන්නේ නැහැ.
එසේ වූ විට ඔවුන් අන් අයට ප්‍රසන්න බවින් යුක්ත වෙනවා.
ඔබට මේ පිළිබඳව වැඩිදුර තොරතුරු දැනගැනීමට දුරකථන අංක 0776500677 ඇමැතිය හැකිය.
Wmqgd .ekSu Èjhsk mqj;a m; weiqfrks