Beauty
තරුණ බව රැකදෙමින් සුන්දරත්වය ඔප්නංවන ජපන් ප්‍රතිකාරය.
ජපානයේ රූපලාවන්‍ය ප්‍රතිකාර සඳහා භාවිතා කරන ප්‍රධානම අමුද්‍රව්‍යයක් ලෙස සහල් හඳුන්වන්නට පුළුවන්. මින් අවුරුදු සිය ගණනකට පෙර සිටම සහල් භාවිතා කරමින් තරුණ බව සහ සුන්දරත්වය වැඩිදියුණු කරගැනීමට ජපන් වැසියන් සමත් වී තිඛෙනවා කිව්වොත් ඔබ පුදුමයට පත්වේවි. සහල් වල විටමින් බී බහුලවම අන්තර්ගත වී තිඛෙන නිසා, සයිල පුනර්ජනනය වෙන අතර රුධිර සංසරණය වැඩිදියුණු වීමක්ද සිදුවෙනවා. එම නිසා අකලට වයස්ගත වීම කියන තත්වය වලක්වා ගන්නට පුළුවන්.
සහල් මුලික කරගෙන සකසන එම ජපන් ප්‍රතිකාරය භාවිතා කිරීමෙන් ඔබ අපේක්ෂා කරන තරුණ බව සුන්දරත්වය ඔබට ලබාගන්නට පුළුවන් වෙනවාට කිසිඳු සැකයක් නැහැ.
1. සිසිල් ජලයට සහල් මේස හැඳි 2ක් හෝ 3ක් එකතුකොට එය මෘදු ස්වභාවයකට පත්වෙන තුරු අනුක්රමයෙන් රත්කරගන්න. දැන් එම මිශ්‍රණය පෙරාගෙන සහල් වතුර ටික වෙනම බඳුනකට එක් කරන්න.ල පැ්ක චක්බල දෙදාිල ාැඑදංල ඇසටයඑ කදිි
2. තම්බාගත් සහල් ටිකට උණුසුම් කිරි මේස හැන්දක් එකතු කොට හොඳින් මිශ්‍ර කරගන්න. ඉන් අනතුරුව මීපැණි මේස හැන්දක් එකතු කරන්නත් අමතක කරන්න එපා.
3. මෙම මිශ්‍රනය මුහුණේ ආලේප කිරීමට ප්‍රථමව ඔබ මුහුණ හොඳින් පිරිසිඳු කරගත යුතුයි. එය මුහුණේ ආල්පේ කොට පැය භාගයක් පමණ ගිය පසුව සහල් වතුරෙන් මුහුණ සෝදා හරින්න.
තෙත්කාරක ගුණාංගයන්ගෙන් සහ ප්‍රතිඔක්සිකාරකයන්ගෙන් පොහොසත් සහල් වතුරෙන් මුහුණ සේදීමෙන් අදහාගත නොහැකි විශ්මිත සෞඛ්‍යය ප්රතිලාභ රැසක්ම ලැඛෙන බව නොදුටු ලෝකයට වාර්තා වෙනවා. සුර්යාගේ අහිතකර කිරණ අවශෝෂණය කරගැනීම සහ පෙර නොතිබුණු තරම් සුන්දර සමක් හිමිකරදීම උදාහරණයක් ලෙස හඳුන්වන්නට පුළුවන්.ල ාස්ඉැඑැිල ාදජඑදරි
සහල් වතුර ශීතකරණය තුල දවස් 4ක් වැනි කාලයක් ගබඩාකර තබාගන්නට පුළුවන්. නමුත් දවස් 4කට වඩා වැඩි කාලයක් ගබඩාකර තබාගැනීම නම් අනුමත කරන්නේ නැහැ. ෆෙස් ලෝෂන් එකක් ලෙස දවසට දෙවතාවක් මෙම ප්‍රතිකාරය භාවිතා කරනවානම් ඉතාමාත් සාර්ථක ප්‍රතිපල ඔබට ලබාගන්නට පුළුවන්. ඊට අමතරව සහල් වතුර වලින් අයිස් කැට කිහපයක් සකසාගෙන එය භාවිතා කරමින් සම සම්භාහනය කිරීමද ඉතාමත්ම හොඳ ප්‍රතිකාරයකි.
curtesy :
www.wishmaya.com
(under the courtesy of goodhousekeeping.lk web)