Health
තරුණ කමට හොඳ නින්දකට
හොඳම බෙහෙත චොකලට්ගගග
නවතම පරීක්ෂණවලින් හෙළිවෙයි
චොක්ලට් කිව් සැණින් අපගේ දිවට දැනෙන රසය මුළු ජීවිත කාලය පුරාවටම සිහිනෙන් ගෑ සුවඳක් සේ රැඳී පවතින්නේයග චොක්ලට් සඳහා වැඩියෙන්ම ප්‍රසිද්ධියක් උසුලන්නේ ස්විටිසර්ලන්තයයිග එහි නිපදවන කිරි මිශ්‍ර චොකලට්ද දුඹුරු පැහැ (Dark) චොක්ලට් රසයද ඔවුන්ටම ආවේණික වන්නේ ඒවායෙහි අඩංගු විවිධ සංඝටකල අමුද්‍රව්‍ය නිසායග ප්‍රධාන වශයෙන් චොක්ලට් සෑදීම සඳහා යොදා ගන්නා අමුද්‍රව්‍ය වන්නේ ,කොකෝවා, ඇටයිග කුඩා දරුවන්ට හා යොවුන් වියෙහි පසුවන්නන්ට චොක්ලට්වලින් ලැබෙන පෝෂණය අතිමහත්යග ඒ එහි අඩංගු අධික කැලරි ප්රමාණයයිග නමුත් ටිකක් වයස්ගත වන විට මෙම චොක්ලට්වල අඩංගු කැෆේන් (Caffeine) හා තියෝබ්රෝමයින් (theobromine) යන රසායනික ද්‍රව්‍ය නිසා වැඩිහිටියන්ට යම් සංකූලතා හටගන්නා බව වෛද්‍ය ලෝකයේ කවුරුත් පවසන්නේයග මේ පිළිබඳව දිගින් දිගටම පර්යේෂණයන්හි නිරත වූ විද්‍යාඥයන් විසින් මේ නොබෝදා අපූරු සොයා ගැනීමක් ලොවට ඉදිරිපත් කෙරුණාග ඒ වියපත් කා හටත් ඉතා සුබ පණිවිඩයක් ගෙන ආවාග
චොක්ලට්වල අන්තර්ගත ස්වභාවික කොකෝවා ඇට සමඟ මිශ්‍ර වී ඇති රසායනිකයක් වන ෆ්ලෙවනෝල් පිළිබඳව විද්‍යාඥයන්ගේ තියුණු ඇස යොමු වුණාග ඉතාලියේ L' Aquila විශ්වවිද්‍යාලයේ Valentina Socci හා Mechele Ferrara නම් විද්‍යාඥයන් මේ පිළිබඳව විශේෂ අවධානයක් යොමු කරමින් පර්යේෂණ කටයුතුවල යෙදුණාග මේ අනුව මීට පෙර ඉදිරිපත් කළ තර්කයන්ට වඩා හාත්පසින් වෙනස් ප්‍රතිඵලයක් ලබා ගැනීමට මොවුනට හැකි වුණාග මෙම පර්යේෂණය සඳහා යොදා ගත් වැඩිහිටි පුද්ගලයන්ට දින 5 සිට මාස 3 දක්වා දිගු කාලීනව චොක්ලට් :ෆ්ලෙවනෝල්- ලබාදීමට ක්‍රියා කරනු ලැබුවාග ඔවුන් බහුතරයකගේ කාර්ය සාධනය හා ක්‍රියාශීලීභාවය වැඩි වී තිබුණාග විශේෂයෙන්ම මතක ශක්තිය වර්ධන වී තිබූ බව හෙළි වුණාග එමෙන්ම දෘශ්‍ය තොරතුරු පද්ධතිය එනම් ඇස ආශ්රිත ඉන්දියයන්හි ක්‍රියාකාරීත්වය වැඩි දියුණු වී තිබුණාග තවද රාත්‍රි නිදිවරන්නන් :රාත්‍රි සේවා මුර සේවකයන්- සමූහයකට කොකෝවා මිශ්‍ර දුඹුරු චොක්ලට් අතිරේක ආහාරයක් ලෙස ලබා දුන් විට රාත්‍රි නින්ද නොලැබීම නිසා වන සංජනන ඌනතාවන්ගෙන් ඔවුන් මිදී තිබුණාග පසුවදා ඔවුන් ඉතා ක්‍රියාශීලීව සිටිනු දක්නට ලැබුණාග
මෙම ප්‍රතිඵල මත මෙම විද්‍යාඥයන් ඉතා වැදගත් නියාමනයන්ට එළඹී තිබුණාග එනම් වැඩිහිටියන් සඳහා මෙම චොක්ලට්වල අඩංගු ෆ්ලෙවනෝල් රසායනිකය වෙනස් ආකාරයකින් ක්‍රියා කළ බවයිග ඔවුන්ගේ වාචික ව්‍යක්ත භාවයද ඉහළ ගියාග යමක් කෙරෙහි අවධානය වැඩිවීම සිදුව තිබුණාග මෙයට හේතු වී තිබුණේ මෙම ෆ්ලෙවනෝල් රසායනිකය මඟින් හෘදයේ කන්තුක වාහිනීවල යථා පැවැත්ම වැඩි දියුණු කිරීම මඟින් මොළයට සැපයෙන රුධිර පරිමාව වැඩි වීමයිග මේ නිසා මස්තිෂ්ක අර්ධ ගෝල අතර ඇති ,හයිපොකැම්පස්, නමැති ප්‍රදේශය වඩාත් උද්දීපනය වී තිබුණාග මේ මඟින් වියපත් වීමේදී සිදුවන මතක ශක්තිය දුර්වල වීමල dementia චිත්ත වික්ෂේපය- තත්ත්වයග රුධිර නාළ තුළ රුධිරය කැටි ගැසීම වැනි උපද්‍රව මඟ හැරී තිබුණාග
මේ අනුව මෙතෙක් දුර්මතයක්ව පැවති වියපත් අය සඳහා චොක්ලට් ලබා නොදීම මේ සොයා ගැනීමත් සමඟම අහෝසි වී යනු ඇතග අඳුරු පැහැ චොක්ලට් (Dark Chocolate) අනුභවය මින්පසු ළමුන් අතරල පමණක් නොව වැඩිහිටියන් අතරද ප්‍රචලිත වනු ඇතග එමඟින් ඔවුන්ගේ මනසෙහි සිදුවන බුද්ධි හානියට වඩාත් හොඳ පිළියමක් මෙමඟින් ලැබෙනු ඇතග අපේ වැඩිහිටියන් වඩාත් ක්‍රියාශීලීව හෙට දින යළි ඔවුන්ගේ සුපුරුදු ක්‍රියාකාරකම් ආරම්භ කරනු ඇතග
සිසිර කිත්සිරි
Wmqgd .ekSu Èjhsk mqj;a m; weiqfrks