Beauty
තරුණියන්ගේ ආකර්ශනීය බව රැකදෙන ලස්සන ඇහි බැමකට හිමිකම්කීමට මෙන්න උපදෙස්
ලස්සන ඇහි බැමක් කියන්නේ ඕනෑම තරුණියකගේ රූප ස්වභාවය වැඩි කරන ලක්ෂණයක්. ඒ නිසා ඕනෑම තරුණියක් කැමති හොඳින් වැඩුණු ඇහි බැමක් තියෙනවනම්. ගොඩදෙනෙක් පුරුදු වෙලා තියෙන්නේ තමන්ගේ ඇහි බැම හැඩකරගන්න විවිධ ආලේපන හා විවිධ වු විලාසිතාවන් කරන්නයි. නමුත් ඒ දේවල් ඕනෑවට වඩා වැඩි වුනාම හා නොගැලපුනාම තමන්ගේ තිබෙන ආකර්ශනීය බවත් නැතිවී යනවා.
මේ ලිපියෙන් කියවෙන්නේ ස්වභාවික ලෙස තමන්ගේ ඇහි බැම වර්ධනය කරගත හැකි ආකාර කිහිපයක් පිළිබඳවයි.
පිරිසිඳු පොල්තෙල් ටිකක් ගෙන රත් කරන්න. ඊට පසුව මුහුණ හොඳින් සෝදා පිරිසිඳු කරගෙන, රත් කරගත් පොල්තෙන් ඇඟිලි තුඩු අගින් ගෙන ඇහි බැම මත හොඳින් ආලේප කරන්න. තෙල් අලේප කිරීමෙන් පස්සේ ඇහි බැම ආශ්රිතව හොඳින් සම්භාහනය කරන්න. විනාඩි 15කට විතර පස්සේ ලා රස්නේ වතුරින් මුහුණ සෝදා හරින්න.
පොල්තෙල් වල විටමින් E සහ යකඩ අඩංගු වෙන නිසා, ඇහි බැමෙහි කෙස් හොඳින් වර්ධනය කරනවා. කෙස් ගනකම් වෙනවා. ඒ වගේම කෙස් ගැලවියාමේ ප්රවනතාවත් අඩු කරනවා.
ඉහත ක්රමයට අමතරව තවත් ස්වභාවික හා පහසු ක්රමයක් පිළිබඳව පහතින්.
ලේමන් ගෙඩියක් අරගෙන පෙති කපලා පොල් තෙල් කෝප්ප කාලක දාන්න. මේක හොඳින් වසා වියලි ස්ථානයක දවස් 15ක් තියන්න. පස්සේ මේ මිශ්රනයෙන් ටිකක් අරගෙන කොටන් බඩ් එකක් ආධාරයෙන් රෑට නිදා ගන්න කලින් ඇහි බැමේ ගාන්න. උදේට අවදිවුනාම මුහුණ සෝදලා පිරිසිඳු කරන්න.
ලෙමන් වල විටමින් C සහ B යහමින් අඩංගු වෙන නිසා ඇහි බැම වර්ධනයට උපකාරී වෙනවා.
(under the courtesy of hirutv.lk blog web)