නිරෝගී කම කියන්නේ ඔබේ ජිවිතයේ වටිනාම දෙය කිව්වොත් නිවැරදියි. රජෙක් වුනත් ලෙඩෙක් වුනොත් වැඩක් නෑ කියලත් කතාවක් තියනවනේ.
නිරෝගී වුනාම ඔබ නොදැනුවත්වම ඔබේ ලස්සනත් වැඩි වෙනවා. ලෙඩ ඇඟේ තියෙද්දී මුනෙනුත් ලෙඩ පාට පේනවා කියල ඔබ අත්දැකීමෙන්ම දන්නවා ඇති.
ඔබේ සිරුර නිරෝගිව තබාගන්නට වගේම ඔබේ ලස්සන වැඩි කරගන්නටත් හැකි වන ඔබට පුරුද්දක් කරගත හැකි වන දෙයක් ගැනයි අද කතාබහ.
ඇවිදීම කියන්නේ ගොඩක් ලෙඩ වලෝන් අපිව ඈත කරලා තබාගන්න දෙයක්. තණකොළ, වැලි බොරලු හෝ කොහු සහිත බිමක ඇවිදින ඔබට ඊටත් වඩා වැඩි වාසි බොහොමයක් ලැබෙන බව වෛද්‍ය වරුන් පවසනවා.
මේ මගින් ස්නායු පද්ධතියට උත්තේජනයක් ලබා දෙනවා. විශේෂයෙන්ම ශරීරයේ ස්නායු ආබාධ නිසා ඇඟ පණ නැති වන අයට වැදගත් වන ව්‍යායාමයක් ලෙස මෙසේ තණකොළ මත ඇවිදීම නිර්දේශ කරනු ලබනවා.
දියවැඩියාව, අධික රුධිර පීඩනය හා කොලෙස්ටරෝල් වැනි බෝ නොවන රෝග ඇති අයට මෙය ඉතා යෝග්‍යයි. වයස් බේදයක් නැතිව ලංකාවේ අපිත් මේ වගේ බෝ නොවන රෝග වල අවදානමට ලක් වෙලා ඉන්න බව ඔබ දන්නවා ඇති.
වකුගඩු, අක්මාව ආදී ශරීර පද්ධති හා රුධිර ගමනාගමනය කාර්යක්ෂම කිරීමටත් මෙය උපකාරී වනවා.
තාර පාරක හෝ සිමෙන්ති බිමක ඇවිදීමට වඩා එබෙනසුලු තණකොළ වැනි ස්ථරයක් මත ඇවිදීමෙන් දණිස්වලට ඉණට අපහසුතා ඇති නොවෙයි. මැදි වියේ අය වගේම තරුණ වයසේ පසුවන අයත් වැරදි ඉරියව් වගේ හේතු නිසා කොන්දේ කැක්කුම් වගේ දේවලින් පිඩා විඳිනවා සුලබව දැකිය හැකියි.
ඉතින් මේ වගේ දේවලින් පරෙස්සම් වෙන්නට මේ පුරුද්ද ඔබට උදව්වක් වනු ඇති.
මේ නිසාම කොන්දේ ඇතිවන ආබාධතත්ත්ව ඇති වීමට කලින්ම නිවාරණය කරනු ලබනවා.
ශරීරය හැඩ කරගන්නටත් මෙසේ තණකොළ මත ඇවිදීම උදව් වනවා. ලේ ගමනාගමනය යහපත් වීම අසනීප වලට වට බැඳීම වැනි කාරනාත් වක්‍රව ඔබේ රූ සපුව සුන්දර කරන්නට හේතු වනවා.
මෙවැනි මං තීරු විටින් විට වෙනස් කරමින් ඇවිදීමත් වැදගත් (කඳු ප්‍රදේශ බොරලු පාරක, මුහුදු තීරයක).
නිතර ඔළුවේ කැක්කුම් හා සිත් වේදනා ඇති අය විනාඩි 10-15ක් අතර කාලයක් හෝ මෙවැනි එබෙනසුලු තණකොළ ස්තරයක ඇවිදීම වඩාත් යෝග්‍යයි. මේ මගින් මානසික සහනය ඇති වන බව සමීක්ෂණ වලින් ඔප්පු වී තිබෙන කරුණක්.
තණකොළ පොළවක ඇති එබෙනසුලු බව නිසා විළුඹේ ඇඟිලි පහම පොළොවට එබී ස්පර්ශ වන නිසා ශරීරයටම උත්තේජනයක් ලැබෙනවා.
තණකොළ බිමකදී ශරීරය අඟලක් පමණ පහළට එබෙන නිසා දණහිස වළලුකර, බෙල්ල හා කොන්ද වැනි ප්‍රදේශවල අස්ථි අතර ඇති ජෙල් වැනි කොටසට අස්ථි සැකසීමට පහසුවකි.
ක්‍රියාකාරී අස්ථිවලට හා රුධිර ගමනාගමනයට පහසුවක් වන නිසා සංවේදී ස්ථානවලට හොඳින් රුධිරය සැපයෙමින් දෑස් පෙනීමටද හිතකර බලපෑමක් ඇති කරවයි.
ආර්තවය සම්බන්ධ ගැටලු, වකුගඩු ගර්භාෂ හා හෝමෝන සම්බන්ධ රෝග ඇති කාන්තාවන්ට මෙවැනි ස්තරයක ව්‍යායාම කිරීමෙන් වැඩි වාසියක් ගන්න හැකි වන බව වෛද්‍යවරුන් කියා සිටිනවා.
ලෙඩ තිබුනත් නැතත් දවසේ පොඩි වෙලාවක් වෙන් කරගෙන මේ වගේ දෙයක් කරන්නට පුරුදු වුනොත් ඔබට හොඳක් මිස නරකක් නම් වන්නේ නැහැ.
(under the courtesy of goodhousekeeping.lk web)